settings icon
share icon
ප්‍රශ්නය

පාප ස්වභාවය කුමක්ද?

පිළිතුර


පාපයේ ස්වභාවය නම් මිනිසා තුළ දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගැසීමයි. පාපයේ ස්වභාවය ගැන කතා කරනවිට, අප යොමු කරන්නේ අපට ස්වාභාවිකවම පාපයට නැඹුරුවක් ඇති බවය; දෙවියන් වහන්සේගේ කැමැත්ත හෝ අපේමදේ කිරීමට තෝරා ගැනීමක් ලබාදී ඇතිවිට, අපි ස්වභාවයෙන්ම අපේම දෙයක් කිරීමට තෝරා ගනිමු.

පාපයේ ස්වභාවය සනාථ කිරීම බහුලයි. බොරුකීමට හෝ ආත්මාර්ථකාමි වීමට කිසිවෙකුට දරුවෙකුට ඉගැන්විය යුතු නැත; ඒ වෙනුවට, අපි සත්‍යය පැවසීමට සහ අන් අයට මුල් තැනදීමට දරුවන්ට ඉගැන්වීමට බොහෝ දුරට යමු. පව්කාර හැසිරීම ස්වභාවයෙන්ම පැමිණේ. මිනිස් සංහතිය නරක ලෙස හැසිරුණු බවට ඛේදජනක උදාහරණ වලින් ප්‍රවෘත්ති පිරී ඇත. මිනිසුන් කොතැනක සිටියත් කරදර තිබේ. චාල්ස් ස්පර්ජන් පැවසුවේ, "අත්ලාන්තික් සාගරයේ සෑම බිංදුවකටම ලුණු රස වනවාසේම පාපය අපගේ ස්වභාවයේ සෑම පරමාණුවකටම බලපායි. එය එතරම්ම කනගාටුදායකය, එතරම් බහුලයි, ඔබට එය හඳුනා ගත නොහැකි නම් ඔබ රැවටී ඇත."

කරදරයට හේතුව බයිබලය පැහැදිලි කරයි. න්‍යාය හෝ ප්‍රායෝගිකව නොව ස්වභාවයෙන්ම මනුෂ්‍යත්වය පව්කාරය. පාපය යනු අපගේ පැවැත්මේ තන්තුවල කොටසකි. රෝම 8:3 හි "පව්කාර මාංශ" ගැන බයිබලය කථා කරයි. කොලොස්සි 3:5 හී පව් ලැයිස්තුව නිපදවන්නේ අපගේ "භූමික ස්වභාවය" ය. රෝම 6:6 හී "පාපයෙන් පාලනය වන ශරීරය" ගැන කථා කරයි. මේ පොළොව මත අප ගෙන යන මාංශ හා රුධිර පැවැත්ම හැඩගස්වා ඇත්තේ අපගේ පව්කාර, දූෂිත ස්වභාවයෙනි.

පාප ස්වභාවය මනුෂ්‍යත්වයේ විශ්වීයය. අප සියල්ලන්ටම පව්කාර ස්වභාවයක් ඇති අතර එය අපගේ සෑම කොටසකටම බලපායි. මෙය සම්පූර්ණ දුෂ්ටකම පිළිබඳ මූලධර්මය වන අතර එය බයිබලානුකුලවේ. අප සියල්ලන්ම නොමඟ ගොස් ඇත (යෙසායා 53:6). පාවුල්තුමා පිළිගන්නවා "මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි" (රෝම 7:14). පාවුල් ඔහුගේ "පව්කාරස් වභාවය තුළ පාපයේ නීතියට වහලෙක්" විය (රෝම 7:25). සලමොන් මෙසේ එකඟවෙයි: "ඇත්ත වශයෙන්ම, ධර්මිෂ්ධ කිසිවෙක් පොළොවෙහි නැත, හරිදේ කරන හා පව් නොකරන කිසිවෙක් නැත" (දේශනාකාරයා 7:20). ප්‍රේරිත යොහන්තුමා එය ඉතා පැහැදිලිව මෙසේ පවසයි: "අප පාපයෙන් තොර යැයි කියා ගන්නේ නම්, අප අපවම රවටා ගන්නා අතර සත්‍යය අප තුළ නැත" (1 යොහන් 1:8).

දරුවන්ට පවා පාප ස්වභාවයක් ඇත. දාවිත් තමා තුළ දැනටමත් වැඩ කරමින් සිටි පාපයෙන් උපත ලැබීය යන කාරණය ප්‍රතික්ෂේප කරයි: "නියත වශයෙන්ම මම උපතේදීම පව්කාරය, මාගේ මව පිළිසිඳ ගත් දාසිටම පව්කාරයෙකි" (ගීතාවලිය 51:5). තවත් තැනක දාවිත් මෙසේ පවසනවා. "දුෂ්ටයෝ මවුකුස පටන් නොමග යති. ඔව්හු උපන් තැන් පටන් බොරු කියමින් මුළාවයති." (ගීතාවලිය 58:3).

පාප ස්වභාවය පැමිණියේ කොහෙන්ද? දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ව මැව්වේ යහපත් හා පව්කාර ස්වභාවයකින් තොරව බව ශුද්ධ ලියවිල්ලේ සඳහන්වේ. ස්ත්‍රීන් හා පුරුෂයන් උන්වහන්සේ මැව්වේය" (උත්පත්ති 1:27). කෙසේ වෙතත්, උත්පත්ති 3 ආදම් සහ ඒවගේ අකීකරුකම වාර්තා කරයි. එම එක් ක්‍රියාවකින් පාපය ඔවුන්ගේ ස්වභාවයට ඇතුළුවිය. ලැජ්ජාව සහ නුසුදුසුකම යන හැඟීමෙන් ඔවුන් වහාම පීඩා වින්දා, ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි සැඟවී සිටියහ (උත්පත්ති 3:8). ඔවුන්ට දරුවන් සිටිනවිට, ආදම්ගේ ස්වරූපය හා සමානකම ඔහුගේ දරු පරපුරට ගෙන ගියේය (උත්පත්ති 5:3). පාපයේ ස්වභාවය පරම්පරාවේ මුල් අවදියේදී පෙනෙන්නට තිබුණි: ආදම් සහ ඒවට දාව උපන් පළමු දරුවාවූ කායින් පළමු මිනීමරුවා බවට පත්විය (උත්පත්ති 4:8).

පරම්පරාවෙන් පරම්පරාවට, පාප ස්වභාවය සියලු මනුෂ්‍ය වර්ගයා වෙතට සම්ප්‍රේෂණය විය: "පාපය ලෝකයට ඇතුල්වූයේ එක් මිනිසෙකු හරහාය, මරණය පාපයෙන්ය. මේ ආකාරයෙන් සියලු මිනිසුන්ට පව් කළ නිසා මරණය සියලු මිනිසුන්ට සිදුවිය" (රෝම 5:12). පාපයේ ස්වභාවය නොවැළැක්විය හැකි ලෙස මරණයට මඟ පාදයි යන නොසන්සුන් සත්‍යය මෙම පදය මගින් ඉදිරිපත් කරයි (රෝම 6:23 සහ එපීස 2:1 ද බලන්න).

පාප ස්වභාවයේ අනෙක් ප්‍රතිවිපාක නම් දෙවියන්වහන්සේ කෙරෙහි සතුරුකම සහ ඔහුගේ සත්‍යය නොදැන සිටීමයි. පාවුල්තුමා පවසයි, "මාංශයෙන් පාලනය වන මනස දෙවියන්වහන්සේට සතුරුය; එය දෙවියන් වහන්සේගේ නීතියට යටත් නොවේ, එසේ කළ නොහැක. මාංසයේ සිටින අයට දෙවියන්වහන්සේව සතුටු කළ නොහැක" (රෝම 8:7-8). එසේම, "ආත්මයාණන් නැති තැනැත්තා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් එනදේ පිළිගන්නේ නැත, නමුත් ඒවා මෝඩකමක් ලෙස සලකයි. ඒවා තේරුම් ගත නොහැක. මන්ද ඒවා තේරුම් ගත හැක්කේ ආත්මයාණන් කරණකොටගෙනය" (1 කොරින්ති 2:14).

ලෝක ඉතිහාසයේ පාප ස්වභාවයක් නොතිබූ එකම පුද්ගලයා: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ. උන්වහන්සේගේ කන්‍යා උපත නිසා ආදම්ගෙන් ලද ශාපය මඟ හැර අපේ ලෝකයට ඇතුල්වීමට උන්වහන්සේට ඉඩ දුන්නේය. යේසුස් වහන්සේ පසුව පරිපූර්ණ ජීවිතයක් ගත කළේය. උන්වහන්සේ "ශුද්ධ හා ධර්මිෂ්ධ" (ක්‍රියා 3:14) "පාපයක් නොකළ" (2 කොරින්ති 5:21). අපගේ පරිපූර්ණ ආදේශකය ලෙස "කැළලක් හෝ අඩුපාඩුවක් නැති බැටළු පැටවෙකු" ලෙස යේසුස්වහන්සේ කුරුසියේ පූජා කිරීමට මෙය ඉඩ දුන්නේය (1 පේත්‍රැස් 1:19). ජෝන් කැල්වින් එය ඉදිරි දර්ශනයක මෙසේ සඳහන් කරයි: "නිසැකවම, ක්‍රිස්තුස්වහන්සේ ආදම්ව විනාශ කිරීමට වඩා ගැළවීමට වඩා බලවත්ය."

අප නැවත ඉප දෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය. "මාංශයෙන් උපදිනදේ මාංශය, ආත්මයෙන් ඉපදුනදේ ආත්මයය" (යොහන් 3:6). අප ආදම්ගෙන් උපත ලැබූවිට, ඔහුගේ පාප ස්වභාවය අපට උරුමවේ. නමුත් අප නැවත ක්‍රිස්තුස්වහන්සේ තුළ උපත ලබනවිට, අපට නව ස්වභාවයක් උරුමවේ: "එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටී නම්, නව මැවිල්ල පැමිණ තිබේ: පැරණිදේ පහව ගොස් ඇත, අලුත්දේ මෙහි තිබේ!" (2 කොරින්ති 5:17).

අපට ක්‍රිස්තුස්වහන්සේ ලැබුණු පසු අපගේ පාප ස්වභාවය අපට අහිමි නොවේ. පාපය අප තුළ පවතින බවත්, අප මේ ලෝකයේ සිටින තාක්කල් එම පැරණි ස්වභාවය සමඟ අරගලයක් දිගටම පවතින බවත් බයිබලය පවසයි. රෝම 7:15-25 හි පාවුල්තමාගේම පෞද්ගලික අරගලය ගැන දුක්විය. නමුත් අපට සටනේදී උපකාරය ඇත — දිව්‍ය උපකාරය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ සෑම ඇදහිලිවන්තයෙකු තුළම වාසය කරන අතර අප තුළ ඇති පාප ස්වභාවය ජය ගැනීමට අපට අවශ්‍ය බලය සපයයි. "දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් කිරීමේ පුරුද්දක් නොකරති. මක්නිසාද දෙවියන්වහන්සේගේ වංශය ඔහු තුළ වාසය කරයි. ඔහු දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ බැවින් ඔහුට දිගටම පව් කළ නොහැක" (1 යොහන් 3:9). දෙවියන්වහන්සේ අප උදෙසා අවසාන සැලැස්ම නම් අප ක්‍රිස්තුස්වහන්සේව දකින විට සම්පූර්ණ ශුද්ධ කමයි (1 තෙසලෝනික 3:13; 1 යොහන් 3:2).

යේසුස්වහන්සේ කුරුසියේ වැඩ නිම කිරීමෙන්, පාපයට එරෙහි දෙවියන් වහන්සේගේ උදහස තෘප්තිමත් කළ අතර ඇදහිලිවන්තයන්ට ඔවුන්ගේ පාප ස්වභාවයට එරෙහිව ජයග්‍රහණය ලබා දුන්නේය: "උන්වහන්සේම අපගේ පව් උන්වහන්සේගේ ශරීරයේ කුරුසියේ දරා ගත්තේය." (1 පේත්‍රැස් 2:24). යේසුස්වහන්සේගේ උත්ථානය තුළ, දූෂිත මාංශ වලින් බැඳී සිටින සෑම කෙනෙකුටම ජීවනය ලබා දෙයි. දැන් නැවත ඉපදුන අයට මෙම ආඥාව ඇත: "ඔබ පාපයට මැරී නමුත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත්ව සිටින්න" (රෝම 6:11).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාප ස්වභාවය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries