settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයේ පව් කිරීමට අපට හැකිද?

පිළිතුර


එළිදරව් 21-22 පරිච්ඡේදවල ස්වර්ගය හෝ සදාකාලික තත්වය පිළිබඳව බයිබලය විස්තරාත්මකව විස්තර කරයි. එම පරිච්ඡේදවල කිසිම තැනක පාපය සඳහන් කර නැත. ඇත්ත වශයෙන්ම, සදාකාලික තත්වයේදී අපට කිසි විටෙකත් මරණය, ශෝකය, හැඩිම හෝ වේදනාව අත්විඳිය නොහැකි බවට අපට පොරොන්දුවක් ඇත (එළිදරව් 21:4) — ඒ දේවල් නොමැති වීමෙන් පාපයද නොමැති බවට සාධාරණ සාක්‍ෂි ඇත. මන්ද ඒ දේවල් පාපයේ ප්‍රතිපලයන් නිසා. (රෝම 6:23 බලන්න).

පව්කාරයන් ස්වර්ගයේ නොව ගිනි විලෙහි සිටිනු ඇත (එළිදරව් 21:8). අපිරිසිදු කිසිවෙක් ස්වර්ගයට ඇතුල් නොවනු ඇත (එළිදරව් 21:27). පව් කරන අය ස්වර්ගයෙන් පිටත සිටිති (එළිදරව් 22:15). පරණ ගිවිසුමේ අනාවැකියක් මගින් දේවරාජ්‍යය පව්කාරකම බැහැර කරන බවට සහතික කරයි:

"එහි අධිවේගී මාර්ගයක් ඇත;

ඊට ශුද්ධකමේ මාර්ගයයි කියනු ලබන්නේය;

අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය;

ඒක ඔවුන්ටම වන්නේය.

ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුලාවෙන්නේ නැත."(යෙසායා 35: 8–9).

ඉතින්, පිළිතුර නම්, නැත, අපට ස්වර්ගයේ පව් කිරීමට නොහැකි වනු ඇත.

දෙවියන් වහන්සේ අපගේ ශුද්ධකමට කැමති වේ (1 තෙසලෝනික 4: 3); එනම්, අපව ශුද්ධව හා පාපයෙන් තොර කිරීමට උන් වහන්සේ කැමති වේ. අපගේ විශුද්ධිකරණයට අදියර තුනක් ඇත: ස්ථානීය විශුද්ධිකරණය, එනම්, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබු මොහොතේම, පාපයේ කුලියෙන් අප නිදහස් විමයි; ප්‍රගතිශීලී විශුද්ධිකරණය, අප ක්‍රිස්තුස්වහන්සේ තුළ වර්ධනය වන විට පාපයේ බලයෙන් අපව ගලවාලිම. සම්පූර්ණ ශුද්ධකම, අප ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ඇතුළු වන විට පාපය අභිමුඛ්ත්වයෙන් ඉවත් ලීම. "ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුනාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව." (1 යොහන් 3:2). වෙනත් වචන වලින් කිවහොත්, දෙවියන් වහන්සේ අපව විශුද්ධ කරන ක්‍රියාවලියට යුක්ති සහගත කිරීම, මුහුකුරා යෑම හා මහිමය ඇතුළත් වේ.

දෙවියන් වහන්සේ තම දරුවන්ට පොරොන්දු වන මහිමයට (රෝම 8:30) අනිවාර්යයෙන්ම පව් රහිත බව ඇතුළත් වේ, මන්ද පව්කාර මිනිසුන්ට මහිමවත් විය නොහැක. දෙවියන් වහන්සේගේ මහිමයේ ස්ථානය වන ස්වර්ගය පව් රහිත ය. 1තෙසලෝනික 5:23 හි පාවුල්තුමා යාච්ඤා කරයි, "සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍ර කරන සේක්වා;" කියා, ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්විත පෙනුම අපගේ පුද්ගලික මහිමයට උන්වහන්සේ සම්බන්ධ කරයි. "ඔබේ ජීවිනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල, නුඹලාත් උන්වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වෙන්නහුය." (කොලොස්සි 3:4). මෙම මහිමාන්විත තත්වය අපගේ පාපයෙන් අවසාන වශයෙන් වෙන්වීම වනු ඇත. ස්වර්ගයේ පව් කිරීමට අපට නොහැකි වනු ඇත.

ස්වර්ගයේ අප පව් නොකරන බවට යාකොබ් 1:14 තවත් සහතිකයක් සපයයි. "නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලොබවනු ලබන කල්හිද පරික්ෂා කරනු ලබයි." මෙම පව්කාර ලෝකයේ, අපි දිනපතා පරීක්ෂාවන්ට මුහුණ දෙන අතර, පව් කිරීමට අපව පොලඹවන බලවේග දෙකක් යාකොබ් තුමා හඳුනා ගනී: එනම් අපගේම නපුරු ආශාව (අපගේ පාප ස්වභාවය) සහ පොළඹවා ගැනීම (යක්ෂයාගේ උපක්‍රම). ඒ කිසිම බලවේගයක් ස්වර්ගයේ නොතිබෙනු ඇත. අපගේ මහිමයෙන් අපගේ පාප ස්වභාවය මුලිනුපුටා දමනු ඇති අතර, පරීක්ෂකයාව අපව කිසිදු හානියක් කළ නොහැකි ගිනි විලට භාර දෙනු ඇත (එළිදරව් 20:10).

බයිබලයේ ඉගැන්වීම නම් ස්වර්ගය හෝ සදාකාලික තත්වය සම්පූර්ණයෙන්ම ශුද්ධ බවය. පාපයට හැකියාවක් නැත, අප ධර්මිෂ්ධකමින් සැරසී සිටිමු (එළිදරව් 19:8), අපගේ ප්‍රීතිමත් තත්වය තුළ අප සදාකාලිකවම තහවුරු වනු ඇත. දෙවියන්වහන්සේ අප තුළ සම්පූර්ණ කිරීමට පොරොන්දුවූ වැඩය අවසන් වනු ඇත (පිලිප්පි 1:6). තෝරාගත් අයගේ ශරීරය, ආත්මය හා මනස බැටළු පැටවාණන්ගේ මහිමයට මුදා ගන්නා බැවින් අපගේ ගැලවීම සම්පූර්ණ වනු ඇත (එළිදරව් 5:6-10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයේ පව් කිරීමට අපට හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries