settings icon
share icon
ප්‍රශ්නය

ශාප කිරීම / දිව්රීම /ශාපය /පළි ගැසීම පාපයක්ද?

පිළිතුර


දිරුම් දීම අනිවාර්යෙන්ම පාපයකි. (ශාපය / පළි ගැසීම / ශාප කිරීම යනාදිය). බයිබලය මෙය අධික ලෙස පැහැදිලි කරයි. එපීස 4:29 අපට පවසනවා "නුඹලාගේ මූඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනවීම සඳහා යහපත් දේම කියා පල්ලා." පළමුවන පේතෘස් 3:10 ප්‍රකාශ කරන්නේ "මක්නිසාද ජීවිතයට ඇලුම් වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ, තමාගේ දිව නපුරෙන්ද, තමාගේ තොල් වංචා කථා කිරීමෙන්ද වලක්වා ගනීවා" යන්නය. යාකොබ් 3:9-12 මෙම කාරණය සාරාංශ කරයි. "එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසා කරමුව, එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවන ලද මනුෂ්‍යයන්ට අපි ශාප කරමුව. ප්‍රශංසාවත් ශාපයත් එක මූඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ විම යුතු නැත. උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තිත්ත දියත් නිකුත්කරයිද? මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගහේ ඔලිව ඵලවත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හටගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන".

කිතුනුවන්ගේ ජීවිත- "සහෝදරයන්" නපුරු කතා වලින් සංලක්‍ෂිත නොවිය යුතු බව යාකොබ් පැහැදිලි කරයි. එකම දිය උල්පතකින් එන (උල්පත් වල අද්විතීය නොවන) ලුණු වතුර හා මිරිදිය යන දෙකටම සමාන කම් දැක්වීමෙන් ඔහු විශ්වාස කරන්නේ ඇදහිලිවන්තයෙකුට ප්‍රශංසා කිරීම හා ශාප කිරීම ඔහුගේ ඇයගේ මුඛයෙන් පැමිණීම අචේතනික නොවන බවයි. අපගේ සහෝදරයන්ට ශාප කරන අතරම දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ නොහැකිය.

අපගේ මුඛයෙන් පිටවන දෙයින් අපගේ හදවත පිරවී ඇති බව යේසුස්වහන්සේ පැහැදිලි කළ සේක. වැඩි කල් ගත වීමට පෙර හදවතේ ඇති නපුර ශාප කිරීමෙන් හා දිව්රීමෙන් මුඛය හරහා පිටතට පැමිණෙනවා ඇත. නමුත් අපගේ හදවත් දෙවියන්වහන්සේගේ යහපත්කමින් පිරි ඇති විට, උන්වහන්සේට ප්‍රශංසා කිරීම සහ අන් අයට ප්‍රේම කිරීම සිදුවේ. අපගේ කථාව සැමවිටම අපගේ හදවතේ ඇති දේ පෙන්නුම් කරයි. "යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහිවූ යහපත් සම්පතෙන් යහපත්දේද, නපුරුම නුෂ්‍යයා නපුරු සම්පතෙන් නපුරුදේද පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කථා කරන්නේ සිතේ පූර්ණ කමෙන්ය (ලූක් 6:45).

ශාප කිරීම, දිව්රීම, පළි ගැසීම පාපයක් වන්නේ මන්ද? පාපය යනු හදවතෙහි, මනසෙහි සහ "ඇතුලාන්තර මනුෂ්‍යයා" පිළිබඳ තත්වයක් (රෝම 7:22), වන අතර එය අපගේ සිතිවිලි වලින්, ක්‍රියාවෙන් සහ වචන වලින් ප්‍රකාශවේ.අප දව්රමින් ශාප කරන විට, පාපොච්චාරණය කර පසුතැවිලි විය යුතු අපගේ හදවත් තුළඇති දූෂිත පාපය පිළිබඳ අපි සාක්‍ෂි ලබා දෙන්නෙමු. අපි ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබූ විට, අපට දෙවියන්වහන්සේ ගෙන් නව ස්වභාවයක් ලැබේ (2 කොරින්ති 5:17). අපගේ හදවත් පරිවර්තනය වන අතර, අපගේ කථාව තුළින් දෙවියන්වහන්සේ අප තුළ මැවූ නව ස්වභාවය පිළිබිඹුවේ (රෝම 12:1-2). අප අසමත්වූ විට කෘතඥතා පූර්වකව අපගේ උතුම් වූ දෙවියන්වහන්සේට "අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨ කමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක" (1 යොහාන් 1:9).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශාප කිරීම / දිව්රීම /ශාපය /පළි ගැසීම පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries