settings icon
share icon
ප්‍රශ්නය

අන්තර්ජාලය තුළ ප්‍රකාශන හිමිකම් සහිත තොරතුරු (සංගීතය, චිත්‍රපට, මෘදුකාංග) බෙදා ගැනීම හෝ කොල්ලකෑම පාපයක්ද?

පිළිතුර


ද්‍රව්‍ය බාගත කිරීම කිසි විටෙක පහසු නොවීය. මූසිකයක් ක්ලික් කිරීමෙන් හෝ ජයා පිටපතක් හෝ ස්කෑනරයක් මත බොත්තමක් එබීමෙන් අපට විද්‍යුත් හා මුද්‍රිත ද්‍රව්‍ය පිටපත් කර බෙදා හැරිය හැකිය. වෙනත් කෙනෙකුගේ තොරතුරු පිටපත් කිරීම සහ භාවිතා කිරීම ඉතා සුලභය. නමුත්, අප එසේ කිරිමට අවසර ලබාගෙන ඇත්නම් මිස එය නිවැරදි නොවේ.

අප ජීවත් වන රජය යටතේ ඇති නීති වලට අප කීකරු විය යුතු බව බයිබලය පවසයි (රෝම 13:1-7). එය මෙහි ඇති ප්‍රධාන ගැටළුවකි. දෙවියන්වහන්සේ අපට අණ කරන්නේ රජයේ බලධාරීන්ට කීකරු වන ලෙසය. අකීකරුවීම සඳහා අපට ඇති එකම අවසරය / වාසිය නම් දෙවියන්වහන්සේ අණ කළ දෙයකට අකීකරු වන ලෙස ඔවුන් ඉල්ලා සිටියහොත් පමණි (ක්‍රියා 5:29). ප්‍රකාශන හිමිකම් නීති නිසා, කලාකරුවාගේ / කතුවරයාගේ / ප්‍රකාශකයාගේ අවසරයකින් තොරව ප්‍රකාශන හිමිකම ලබා ගැනීම, බාගත කිරීම, කොල්ලකෑම හෝ බෙදා ගැනීම නීත්‍යානුකුලව වැරදිය. නීතියට අවනත වන ලෙස දෙවියන්වහන්සේ අපට අණකර ඇති හෙයින් ඩිජිටල් අන්තර්ජාල මුහුදු කොල්ලකෑම් කිරීම නීති විරෝධී බැවින් පාපයකි. වර්ෂ 2000දී පමණ නැප්ස්ටර් මෙම අන්තර්ජාල ප්‍රකාශන හිමිකම් නිකුතුවට දොර විවර කළ අතර පසුව වෙබ් අඩවී වසා දැමීමට හා බංකොලොත් වීමට හේතුවූ නඩු වලට මුහුණ දුන්නේය. අන්තර්ජාල මුහුදු කොල්ලකෑමේ ප්‍රති විපාක පැහැදිලිවම පෙනෙන්නට තිබුණද, ප්‍රකාශන හිමිකම සහිත තොරතුරු කොල්ලකෑම දිගටම කරගෙන යාමට මිනිසුන්ට ඉඩ සලසන අඩවි ගණනාවක් ඇත. නඩු හේතුවෙන්, මෙම වෙබ් අඩවි බොහොමයකට සංගීතය සහ චිත්‍රපට බාගත කිරීම් සඳහා ගාස්තුවක් අවශ්‍ය වන අතර මෙම බාගැනීම් අන් අය සමඟ බෙදා ගැනීමේ හැකියාව සීමා කරයි.

නමුත් ප්‍රකාශන හිමිකම් ඇති දේ පිටපත් කිරිම හා බෙදා ගැනීම නීතිමය කටයුත්තකට වඩා වැඩිය. ආචාරධර්ම හා සදාචාරාත්මක සලකා බැලීම් ද තිබේ. අවසරයකින් තොරව වෙනත් කෙනෙකුගේ දේපළ ගැනීම සොරකම් කිරීමකි. බුද්ධිමය දේපළ තවමත් දේපළකි. ගීතයක් නිෂ්පාදනය කිරීමට වැඩ කළ ගීත රචකයාට වන්දි ලැබී ඇත්තේ "සේවකායා ඔහුගේ වැටුප ලැබීමට සුදුසු" බැවිනි (ලූක් 10:7). ගීතයක් පිටපත් කර වෙනත් අයෙකුටලබා දුන් විට, එය කළ හැකි එකකට වඩා අඩු අලවියකි. කලාකරුවාට තමා උපයා ගත් රාජ්‍ය භාගයෙන් කුඩා ප්‍රතිශතයක් අහිමි වේ. චිත්‍රපටයක් කොල්ලකෑම, නාට්‍ය පිටපතක් ජායා පිටපත් කිරීම, ඉරිදා පාසල් විෂයමාලා බෙදා ගැනීම සහ මෘදුකාංග පැටවීම සඳහාද එම මූලධර්මයම සත්‍ය වේ.

කිතුනුවකු විසින් අන් අයගේ දේපළ සෙරකම් කිරීමට අකමැති විය යුතුය. නමුත් ප්‍රකාශකයාගේ අවසරයකින් තොරව ගීත බාගතකළ විට සිදු වන්නේ එයයි. ක්‍රිස්තියානි සේවයක් කිසිවිටෙක තමන් උදෙසා නොමිලේ වැඩ කිරීමට අන් අයෙකුට බල කිරීම් නොකළ යුතු අතර, නමුත් දේවස්ථානයක ලියවිලි පිටපත් කිරීම් හෝ ෂීට් සංගීතය පිටපත් කරන අවස්ථා වලදීද සිදු වන්නේද එයම වේ. නීත්‍යානුකුලව සහ සදාචාරාත්මකව, අප ප්‍රකාශන හිමිකම් නීති අනුගමනය කළ යුතු අතර අප භාවිතා කරන කෘති වල නිර්මාතෘවරුන්ට නිසි වන්දි ලබා දිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන්තර්ජාලය තුළ ප්‍රකාශන හිමිකම් සහිත තොරතුරු (සංගීතය, චිත්‍රපට, මෘදුකාංග) බෙදා ගැනීම හෝ කොල්ලකෑම පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries