settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ අපගේ පාපයන්හී මිල ගෙවූ සේක් නම් අප තවමත් අපගේ පාපයන්හී ප්‍රතිවිපාක කරණාකොටගෙන පීඩා විදනු ලබන්නේ මන්ද?

පිළිතුර


දේව වචනය තුළන් ගෙන එනු ලබන සුභ ආරංචිය නම් යේසුස් වහන්සේ විසින් අපගේ පාපයෙහි මිල ගෙවනු ලැබූ සේක් බවත් (එපීස 1:7), එහෙත් විවිධ ක්‍රම තුළින් අප තවමත් ප්‍රතිවිපාක කරණකොටගෙන පීඩා විදනු ලබන්නෙමු. නිදසුනක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමකරුවෙකු බන්ධනාගාරයේදී කිතුණුවකු බවට පත්විය හැකි නමුත් ඉන් අදහස් කරනුයේ ඊට පසු දින ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කරනු නොලබන බවය – ඔහුගේ අතීත පාපයන් කරණකොටගෙන ප්‍රතිවිපාක ඔහු තවමත් අත්දකිනු ඇත. නැවත උත්පාදනය ලැබූ කිතුණුවකු කාමමිථ්‍යාචාරයට ඇබ්බැහි වීම කරණකොටගෙන ඔහුගේ පවුල, රැකියාව ආදී නැති කරගනු ලැබිය හැක – ඔහු පාපොචිඡාරණය කිරීමෙන් අනතුරුව ඔහුගේ පාපය අත්හැරතත් ඔහුගේ පාපයේ ප්‍රතිවිපාක රැදී පවතියි. ක්‍රිස්තුස්වහන්සේ තුළට පැමිණීම හේතුකොටගෙන පාපයේ කාලීන බලපෑම මැකී නොයනු ඇතත වෙනත් අයුරකින් කිවහොත් අපගේ ගැළවීම තුළින් සහතික කරනු ලබන්නේ අපගේ පාපයේ සදාකාලික ප්‍රතිවිපාක වලට මුහුණ දීමට නොවන බවය.

පාපයේ ප්‍රතිවිපාකය නම් මරණයයි (රෝම 6:23 A කොටස). පව්කරුවන් ලෙස අප සුදුසු වන්නේ සදාකාලිකව දෙවියන්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ ශුද්ධකමින් වෙන්ව සිටීමටය. කුරුසිය මත ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාපයන් උදෙසා දඩුවම උන්වහන්සේගේ රුධිරය කරණකොටගෙන ගෙවනු ලැබූ සේක. පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන් වහන්සේ) සැලැස්සූ සේක (2 කොරින්ති 5:21). ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ පූජාවේ පදනම මත විශ්වාස කරනු ලබන්නන්ව තවදුරටත් දෙවියන්වහන්සේ විසින් දඩුවමට පත් කිරීමක් නොමැත (රෝම 8:1).

අපට අවබෝධ කරන ගැනීමට වැදගත් වනුයේ ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්තයෙකු පාපයේ ප්‍රතිවිපාක අත්දුටු විට එසේ වන්නේ ඔහු දෙවියන් වහන්සේගේ දඩුවම් කිරිමට ලක්ව ඇති නිසා නොව (රෝම 8:1), උන් වහන්සෙගේ උදහස (1 තෙසලෝනික 5:9), හෝ උන්වහන්සේගේ ඵලවිපාකය වේ (2 තෙසලෝනික 1:8). ඇදහිලිවතුන් දෙවියන්වහන්සේගේ කරුණාව තුළ පවතියි (රෝම 6:15). යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ උදහස තමන් වහන්සේ වෙතට ගනු ලැබූ සේක (යෙසායා 53:10). ඇදහිලිවතුන් විසින් අත්දකිනු ලබන පාපයේ ප්‍රතිවිපාක පහත සදහන් ආකාර වලට වර්ග කිරීමට හැකිවේ:

සාර්වත්‍රික ප්‍රතිවිපාක – පාපයේ ප්‍රතිවිපාක සමහරක් නිරන්තරයෙන්ම මේ පොළවේ ජීවත් වන සෑම මනුෂ්‍යයෙකු විසින් අත්දකිනු ලබන්නේ අප සියල්ලන් ආදම්ගේ දරුවන් හෙයිනි. අප සැමගේ ගෙවතු වල වල් පැළෑටි වැඩෙමින් පවතියි, අප සියල්ලන්ම ස්වභාවික විපත්ති වලට මුහුණ දෙනු ලබන්නෙමු, අප සියල්ලන්ම රෝගිවී මහලූවියට පත්වන්නෙමු, එමෙන්ම අප සැම අවසානයේදී ශාරිරකව මිය ඇදෙන්නෙමු (රෝම 5:12). පාපතර ලෝකයක ජීවත් වන පව්කරුවන් ලෙසට, මෙම මූලික පාපයේ ප්‍රතිවිපාක වලක්වාගත නොහැක.

ස්වභාවික ප්‍රතිවිපාක – අප ජීවත් වනු ලබන්නේ හේතු සහ ඵල ඇති ලෝකයක වන අතර වැපිරීම සහ කපාගැනීම යන න්‍යායේ සම්පූර්ණ බලපෑම එහි ඇත. අන් සමහර පාපයන්හී ප්‍රතිවිපාක ගොඩනැගී තිබෙන්නක් වන මෙන්ම ප්‍රායෝගිකව සහතික කරනු ලැබ ඇත්තේ පව්කරුවා ගැළවීම ලබා ඇත්ද නැත්ද යන්න නොසලකාය. දේව වචනය මගින් අපට අනතුරු අගවනු ලබන්නේ ලිංගික දුරාචාරයේ යෙදෙන්නවුන් තමාගේම ශරීරයට එරෙහිව පව් කරනු ලබන බවය (1 කොරින්ති 6:18). "මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?" (හිතෝපදේශ 6:27). ඔබ යමක් සොරකම් කරනු ලබන්නේ නම් ඔබව එයට හසුවේයයි අපේක්ෂා කළ යුතු අතර සොරකම් කිරීමේ පාපය කරණකොටගෙන පැමිණෙන ස්වභාවික ප්‍රතිවිපාක වලට මුහුණ දිය යුතුවේ. ඔබව හසුවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම කෙරෙහි ඔබ විරෝධය පාන්නේ නම් ඔබ විසින් තව තවත් ප්‍රතිවිපාක ගොඩ ගසා ගනු ලබනු ඇතග වැපීරීම සහ කපා ගැනීම.

උපදේශාත්මක ප්‍රතිවිපාක – බොහෝ විට දෙවියන්වහන්සේ විසින් සමහර පාපයන්හී ප්‍රතිවිපාක අපගේ ජීවිත වල රැදීමට ඉඩ හරිනු ලබන්නේ පාපයේ අතිදුෂ්ට ස්වභාවය උගන්වා ලීමට සහ දෙවියන්වහන්සේගේ කරුණාව මත රදා පැවතීම මතක් කර ලීමටය. පාපය වූ කලී දෙවියන්වහන්සේට තම පුත්‍රයාව ජීවිතය පූජා කිරීම සදහා මේ ලෝකයට එවීමට තරම් බරපතල පාපයක්ය. අප විසින් පාපය සැහැල්ලූවට ගත යුතු නොවෙමු. පාපයේ ප්‍රතිවිපාක හමුවේ අප අප නිහතමානීව දෙවියන්වහන්සේගේ රාජ්‍යය සහ ධර්මිෂ්ඨකම වැඩි වැඩියෙන් සොයන්නෙමු (මතෙව් 6:33 බලන්න). අනනියස් සහ සප්පිරාව ඔවුන්ගේ පාපය හේතුකොටගෙන හික්මවූ විට සභාවට එය උපදේශාත්මක විය: "මුළු සභාවටද මේ දේ ඇසූ සියල්ලන්ටච මහත් භයක් පැමිණියේය" (ක්‍රියා 5:11). 1 කොරින්ති 5:5 සහ 1 තිමොති 1:20 ද බලන්න.

හික්මවීමේ ප්‍රතිවිපාක – අන්සමහර පාපයන්හී ප්‍රතිවිපාක වූ කලී දෙවියන් වහන්සේ විසින් පියෙකු තම දරුවන්ට සලකනු ලබන ආකාරයේ ප්‍රතිඵලයක් ගනියි. පාපයට දඩුවම් දීම සහ පාපය හික්මවීම අතර වෙනස්කමක් ඇත. දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අප හික්මවීම අත්දකිනු ලබන්නේ අපව නිවැරදි මාර්ගය කෙරෙහි යොමු කිරීමක් ලෙසයග "මාගේ පුත්‍රය ස්වාමින් වහන්සේගේ දඩුවම සුළු නොකරන්න උන්වහන්සේගෙන් තරවටු ලබන කළ ක්ලාන්ත නොවන්න; මක්නිසාද ස්වාමින්වහන්සේ ප්‍රේම කරනු අයට උන් වහන්සේ දඩුවම් කරන සේක." (හෙබ්‍රව් 12:5-6; හිතෝපදේශ 3:11-12). දෙවියන්වහන්සේගේ දරුවගෙන් කීදෙනෙකු හික්මවීම තුළින් යන්නේදැයි සලකා බලන්න: "සියල්ලෝම" (හෙබ්‍රව් 12:8). අප සමහර විට හිතුවක්කාර වන්නෙමු. පාපයේ හික්මවීමේ ප්‍රතිවිපාක අත් දැකීමට අපට දෙවියන්වහන්සේ විසින් ඉඩ තැබීමේ අභිමතාර්ථය උන්වහන්සේගේ ස්වභාවයට අනුව පරිපූර්ණවේ: "උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස ප්‍රයෝජනය සදහා දඩුවම් කරන සේක" (හෙබ්‍රව් 12:10).

කොරින්ති සභාව විසින් අපට කදිම නිදර්ශණයක් විදහා පාන්නේ කිතුණුවන් විසින් තමන්ගේ පාපයට හික්මවීමේ ප්‍රතිවිපාක වලට මුහුණ දීමය: ස්වාමින් වහන්සේගේ මේසයෙන් නුසුදුසු ලෙස අනුභව කිරීම තුළින් ඔවුන් දෙවියන් වහන්සේ වෙතට අසතුට ගෙන ආවෝය: "ඉන් නිසා ඔබ සැම අතරේ බොහෝ දෙනෙක් දුර්වලව සිටිති, බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙතිග" (1 කොරින්ති 11:30). 2 සාමුවෙල් 12 හී අපට දක්නට ලැබෙන්නේ ඊට අනුරූප විනය ක්‍රියා මාර්ගය. දාවිත් විසින් පාපොච්ඡාරණය කරනු ලැබ ඔහුගේ පාපයන්ට කමාවද ලැබුනු පසුවද දෙවියන්වහන්සේ සමහර ප්‍රතිවිපාක දාවිත්ට සහ ඔහුගේ පවුලේ උදවියට සිදුවන්නට ඉඩ හැරිය සේක (11-14 දක්වා පද).

දෙවියන්වහන්සේ අපට අන්සමහර පාපයේ කාලීන ප්‍රතිවිපාක අත්දැකීමට ඉඩ හරිනු ලබන්නේ උන්වහනසේගේ ප්‍රේමය අප වෙත දන්වනු සදහාය. දෙවියන් වහන්සේ විසින් තමන් කෙරෙන් මංමුළාවී යන තම දරුවන් හික්මවනු නොලැබූ සේක් නම් උන්වහන්සේ යහපත් පියාණන්වහන්සේ නොවන සේක. අපව කිසිවිටෙකත් හික්මවනු නොලැබුවෙමු නම හෝ අපගේ සාවද්‍යය ක්‍රියාවන්ට ප්‍රතිවිපාක අත්විදිනු නොලැබුවෙමු නම අප කිසිවිටෙකත් හරි වැරුද්ද ඉගෙන නොගනිමු. අප වඩාත් පහසුවෙන් නැඹුරු වන්නේ අපගේ සාර්ථකත්වයන් තුළින් ඉගෙන ගන්නවාට වඩා අත්වැරදි තුළින් ඉගෙන ගැනීමටය.

ස්වාමින්වහන්සේගේ යහපත්කම වෙනුවෙන් උන්වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ අපට පාපයේ කාලීන ප්‍රතිවිපාක අත්දැකීමට ඉඩ හරිනු ලබන සේක (අපගේම ස්ව යහපත පිණිස) එනමුත් උන්වහන්සේ අපව පාපයේ සදාකාලික ප්‍රතිවිපාක තුළින් ආරක්ෂා කරනු ලබන සේක. යේසුස්වහන්සේ විසින් අපගේ පාපයේ දඩුවම විදිනු ලැබුවේ අප කිසිවිටෙකත් දෙවන මරණය එනම් ගිනි විල අත්දකිනු නොලබන පිණිසය (එළිදරව් 20:14). ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට දෙනු ලබන පොරොන්දුව නම් ශාපය සහ පාපයේ ප්‍රතිවිපාක යම් දිනක සහමුලින්ම ඉවත ලනු මෙන්ම "මාගේ ශුද්ධ කන්දේ සීමා තුළ කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය" (යෙසායා 11:9).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ අපගේ පාපයන්හී මිල ගෙවූ සේක් නම් අප තවමත් අපගේ පාපයන්හී ප්‍රතිවිපාක කරණාකොටගෙන පීඩා විදනු ලබන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries