settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකුට කොතරම් නරක අන්දමට පව් කළ හැකිද?

පිළිතුර


ගැලවීම ලැබු පසුවද කිතුනුවන් පව් කීරිමේ නිරත වෙති. ඒ සමගම අප මිය යන තුරුම හෝ යේසුස්වහන්සේ නැවත වඩින තුරුම පව් කීරිමෙන් අප සම්පුර්ණයෙන්ම නිදහස් නොවනු ඇත. කෙසේ වුවද කිතුනුවකු වීමෙන් ජීව්තයේ වෙනසක් ඇතිවේ (2 කොරින්ති 5:7) කෙනෙකුගේ හදවත තුල වැඩවසන ශූධාත්මයාණන්වහන්සේ ඔහුගේ ජිව්තය වඩ වඩා පාලනය කරත්ම, එම තැනැත්තා මාංශික තෘෂණාව අත හැර (ගාලාතී 5:19–21) ආත්මයාණන් වහන්සේගේ ඵල විදහා දක්වයි (ගලාති 5:22–23). මෙම වෙනස ක්ෂණිකවම සිදු නොවුනත්, කල්යත්ම එය සිදුවේ. යම් කිසි තැනැත්තකු තමාගේ ජිව්තයේ වෙනසක් පෙන්නුම් නොකරන්නේ නම්,ඔහු හෝ ඇය සැබෑ ඇදහිලිවන්තයෙකු නොවේ. කිතුනවන් හට බරපතල පාප සිදු කල හැක . කිතුනුවන් (හෝ තමන් කිතුනුවන් යයි කියා ගන්නන්) ඉතා බරපතල පාප සිදු කර ඇති බව ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සදහන්ව ඇත. යේසුස්වහන්සේ ජිවිතය පුජා කලේ මෙවැනි පාපයන්ද වෙනුවෙන්ය. එබැවින් එවැනි පව් වලින් වැලකීමට එයම හොද හේතුවක් නොවේද?

ඇදහිලිවතුන්ට ගැලවීම ලබාදී ඇති පාපිෂ්ඨ ජිවන රටාවන් සම්බන්ධව පාවුල් තුමා 1 කොරින්ති 6:9–11 පද මගින් විස්තර කර දී ඇත.11 වන පදයේ සදහන් වන්නේ තවද ඔබ අතරින් සමහරෙක් එවැන්නෝ වුහ. එහෙත් අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන් වහන්සේගේ අත්මයාණන් මගින්ද ඔබ සෝදනු ලැබුවහුය. ශුද්ධ කරනු ලැබුවහුය. ධර්මිෂ්ට කරනු ලැබුවහුය යන වචනය සිතට ගන්න. පද 9–10 යටතේ සදහන්ව ඇති ක්‍රියා වල ඇදහිලිවතුන් යෙදුනෝහ. නමුත් ඔවුන් දැන් වෙනස් අය වී ඇත. අනාචාරකම් කරන්නන්, බේබද්දන්, සමලිංගික සේවනයේ යෙදෙන්නන්, ළමා අපචාරවල යෙදෙන්නන් ආදින්ට ගැලවීම ලැබිය හැකිද? හැකිය. නිරන්තරව පාපිෂ්ට ජිවිතයක් ගත කරන කෙනෙකුට ඇදහිලිවන්තයකු වීමට හැකිද? නැත. අප කිතුනුවකු බවට පත්වු විට අපගේ ජිවිත වෙනස් වේ. පාපිෂ්ඨ ජිවිතයක් ගත කරන යම් කෙනෙක්, තමා කිතුනුවකුයයි ප්‍රකාශ කරන්නේ නම් ඔහු බොරුකාරයෙක්, ආත්ම වංචාකරුවකු, හෝ දෙවියන්වහන්සේගේ විනිශ්චයට සහ හික්මීමට සැබවින්ම ලක්වන ඇදහිලිවන්තයෙක් වේ (හෙබ්‍රව් 12:15–11).

පාපයේ ගැලීසිටින ඇදහිලිවන්තයකු නොවන අයකුගේ සහ පාපයේ ගැලීසිටින ඇදහිලිවන්තයකු අතර ඇති වෙනස නම් එක් අයෙකු පාපයට ඇඑම් කීරිම සහ අනෙක් තැනැත්තා පාපයට ද්වේෂ කිරිමය. ස්වාමින්වහන්සේ සමග තමන්ගේ සම්බන්ධතාවය පසුබෑමකට ලක්වන විට ඇදහිලිවන්තයා ඒ ගැන කණගාටු වී පසුතැවිලි වී එම පාපයන් නැවත නොකීරිමට ප්‍රාර්ථනා කරමින්, එම පාපයන් මගහැර ගැනීමට සුදුසු දෙවියන්වහන්සේ බලය හා කරුණාව සොයයි. කෙතරම් පව් කලත් කිතුනුවකු ලෙස තමා සලකන අන්දම ගැන ඔහු සැලකිල්ලක් නොදක්වයි. ඒ වෙනුවට ඔහු සලකා බලන්නේ, ඉදිරියේදි පාපයන් තමා වෙත ලගා වීම මග හැර ගන්නා අන්දම ගැනය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකුට කොතරම් නරක අන්දමට පව් කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries