settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සමාව නොදෙන පාපයක් තිබේ ද?

පිළිතුර


නැවත ඉපදුනු දරුවෙකු තුල සමාව නොලැබෙන කිසිම පාපයක් නොමැත. ඇදහිලිවදුන්ගේ සියලුම පාපයන් කුරුසියේදි සමාව ලැබි තිබේ.” එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරිමක් නැත (රෝම 8:1).

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේව මේ ලෝකයට යවනු ලැබුවේ ලෝක විනිශ්චය කිරිමට නොවේ. ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවන පිණිසය (යොහාන් 3:17). දෙවියන් වහන්සේගේ අසිරිමත් අදහා නොගත හැකි සමාව දීමේ ක්‍රියාවලිය යේසුස්වහන්සේගේ සේවයේ අපට පෙන්නුම් කළ සේක. සාකෙවුස් (ලූක්19) කානා හි පාපිෂ්ඨ ස්ත්‍රිය (ලූක් 7) අංශභග රෝගියා (ලූක් 5) මේ සියලුම දෙනාට දෙවියන් වහන්සේගේන් සමාව ලැබුනා. එනම් වැරදි කුමක් කර තිබුණත් දෙවියන් වහන්සේ ඔහුන්ට සමාව දුන් සේක. සැබවක් සැබවක් නුඹලාට කියමි “සුංගම් අයකරන්නොත් වෛශ්‍යාවෝත් නුඹලාට පලමුවෙන් දේව රාජ්‍යයට ඇතුල් වේ” (මතෙව් 21:31).

කුරුසියේදි “සියල්ල තීන්දු වුනේය කියා යේසුස්වහන්සේ කී සේක”. එනම් සියලුම පාපවලට වන්දිය ගෙවා ඉවරයි (යොහාන්19:30). තීන්දුවුනේය යනු ග්‍රික් පදය (Tetelestai) යයි. එහි තේරුම නම් සියලුම පාපයට වන්ඳී ගෙවා සියලු වැරදිවලින් සහ සිර ගෙයින් නිදහස්වු බවට මුද්‍රා කරන ලද යනුයි. ඔහු සමාජයෙත් නදහස් පුද්ගලයෙකු ලෙස මෙහි අදහස වේ.

බැටළුපැටවාණෝ ලෝකයේ පාපවලින් අප නිදහස් කිරිමට උන්වහන්සේ පුජාවක් වු සේක (යොහාන් 1:29). උන්වහන්සේ සම්පුර්ණ පුජාවක් වු සේක (හෙබ්‍රෙව් 9:4). ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අපට, කළ හා ඉදිරියට කරන හැම පාපයකට සමා දුන් බවට පොරොන්ඳු වු සේක (හෙබ්‍රෙව් 9:14). ක්‍රිස්තුස් වහන්සෙගේ ලේ සියලුම පාපවලින් අප නිදහස් කරන සේක (1යොහාන්1:7). 1 කොරින්ති 6 9-10 පදවල, පාවුල්තුමා විසින් විවිධ පාපවල ලැයිස්තුවක් දී තිබේ. ක්‍රිස්තුස් වහන්සේතුල මේ සියලු පාප සෝදා පවිත්‍ර කර ධර්මිෂ්ඨයන් බවට පත් කළ බව 11 වන පදයේ පවසයි (ගීතාවලිය 103:12). “නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබේන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරු කළ සේක”. මෙම උන්වහන්සේ අපට ලබා දුන් සමාවේ ස්වාභවය වටහා ගැනිම ඉතා වැඳගත් වේ. දෙවියන්වහන්සේට ලඟා විය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේ තුල පමණි. මමයි මාර්ගය, “මමයි ජිවනය මමයි සත්‍යය, මා කරණකොටගෙන මිසක් පියාණන්වහන්සේ වෙත කිසිවෙක් පැමිණෙන්නේ නැත” (යොහාන් 14: 6). ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න සැමදෙනාටම සමාව තිබේ (යොහාන් 3:16). (ක්‍රියා10:43) ප්‍රතික්ෂේප කරන සියලුම දෙනාට සමාව හා ගැළවීම නොලැබේ (1යොහාන් 5:12). පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නාට ජීවනයද නොමැත (යොහාන් 3: 36).

පලමු යොහාන් යැවුම් පත්‍රය, නැවත ඉපදුන ඇදහිලිවතුන් සඳහා ලියන ලදි. එනම් අපේ පාපවල් කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අපිව පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක (1යොහාන් 1: 9). අපි සියල්ලෝ පව් කර සිටින්නේ. නමුත් පාපය කියා දෙමු නම් දේව කරුණාව ලබනවා (1යොහාන්1:8).

(1යොහාන් 1:9) මෙම පදයේ සඳහන් “කියා දෙන්නේ නම්” යන පදයේ ග්‍රික් වචනය homologia. මෙහි තේරුම එසේම කියන්න යනුයි. එනම් අපගේ පාප නොසඟවා පිළිගන්නේ නම් උන්වහන්සේ අපව සම්පුර්ණයේන්ම නිදහස් කරන සේක (රෝම 6:1). අනුව අපට පව් කිරිමට නිදහස නොවේ. යමේක් ක්‍රිස්තුස් තුල ඇවිදන්නේ නම් ඔහු පාපය අත් හැර සමාව ලබා ගත යුතුයි. මිලයක් නොමැතිව අපට සමාව දුන්නේ උන් වහන්සේගේ කරුණාව අදික කම නිසා වේ. පාපය බොහෝවු තැන අනුග්‍රහනයත් ඊට අධිකවේ (රෝම 5:20 ). පාවුල්තුමා සියලුම පාපිෂ්ඨයන්ගේ විශාලම පාපිෂ්ඨයා ඔහු යැයි පැවසුවා (1 තිමොති 1:13). නමුත් පසුව ඔහු සියලුම පාපයෙන් සමාව ලබා ධර්මිෂ්ඨයෙක් වුනා (1 තිමොති 1:15). යේසුස් වහන්සේ පැමිණියේ පාපිෂ්ඨයන් ගලවන පිණිසයි. එමනිසා උන්වහන්සේ කෙරෙහි වශ්වාස කරන සියලුම දෙනාට පාප සමාව තිබෙන බව නිසැකවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සමාව නොදෙන පාපයක් තිබේ ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries