ප්‍රශ්නය
සිකාගම යනු කුමක්ද?
පිළිතුර
ඉස්ලාම් ධර්මය හා හින්දු ධර්මය සුසංගත කිරීමේ වෑයමක් ලෙස සීකාගම පැන නැගුනි. එනමුත් සීකාගම ඉහත සදහන් ධර්මයන් දෙක සුසංගත කරන්නක් ලෙස සලකා බැලීමේදී සීකාගමේ ඇති ධාර්මික සහ සංස්කෘතික අද්විතීය ලක්ෂණ ග්‍රහණය නොවේ. සීකාගම, ඉස්ලාම් ධර්මය හා හින්දු ධර්මය සුසංගත කරන්නක් බව ප්‍රකාශ කිරීම, ක්‍රිස්තියානි ලබ්දියකු යුදෙව් මිථ්‍යාවාදියෙක් ලෙස හැදින්වීමෙන් සිදුවන නිග්‍රහයට සමාන වේ. සීකාගම වූ කලී ඇදහීමක් හෝ දෙමුහුන් විශ්වාසයක් නොව, නිශ්චිත ආගමික සංවිධානයකි.
සීකාගමේ පිලිගත් නිර්මාතෘවරයා වන නනාක් (1469–1538) මෙලොව එලිය දුටුවේ ඉන්දියානු හින්දු පියෙක් හා මුස්ලිම් මවකගෙන්ය. නනාක් හට දෙවියන් වහන්සේ කෙලින්ම කථාකොට ඔහුව පූජනීය උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව කියැවේ. සුඵ කාලයක් තුලදී ඔහුගේ කැපවීම, සැදැහැවත් බව සහ තම මතය වන "මුස්ලිම්වරුන් කියා හෝ හින්දුවරුන් කියා හෝ අය වඵන් නැත" යන්න එඩිතරව තහවුරු කිරීම වැනි ගතිලක්ෂණ නිසා ඔහු ඉන්දියාවේ උතුරු නැගෙනහිර පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රසිද්ධියට පත් විය. ඔහු සැලකිය යුතු ගෝලයන් ප්‍රමාණයක් (සීක්වාදීන්) එක්රැස් කළේය. ඔහුගේ ඉගැනවීම වූයේ දෙවියන් වහන්සේ යනු එකම දෙවියන් බවය. එසේම ඔහු දෙවියන් වහන්සේට සැට්නාම් (සත්‍යවූ නාමය) හෙවත් එකන්කාර් යන නම පට බැන්දේය. එම නාමය නිර්මාණය වී ඇත්තේ එකන්කාර් යන වචනයේ අක්ෂර එකට ගැළපීමෙනි. එනම් එක (තනි) අයුම් (දෙවියන් වහන්සේව විස්තර කරන ගුප්ත ශබ්දය) සහ කාර්(ස්වාමියා) යන වචන වලින්ය. මෙම ඒකදේව වාදයට පෞරශව ඇතුලත් වී නොමැති අතර, කුමන අන්දමේ පෙරදිග සර්ව දේව වන්දනාවක් (දෙවියන් වහන්සේ සියල්ලය යන්න) නිසා එය බොද වී යාමට ඉඩ නොතැබිය යුතුය. පෙරදිග ආගම් වන බෞද්ධ ධර්මය, හින්දු ධර්මය සහ මාඕවාදය තුල ඇති පැහැදිලි ධර්මයන් වන පුනුරුප්පත්තිය සහ කර්මය වැනි අංගයන් නනාක් රදා පවත්වා ගත්තේය. නනාක්ගේ ඉගැන්වීම වූයේ පුනරුප්පත්ති චක්‍රයෙන් යම් කෙනෙකුට ගැලවීමට හැකිවනුයේ භක්තිවන්ත කමින් හා යාතිකා කිරිමෙන් දෙවියන් වහන්සේ සමග පුදුමාකාර සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමෙන් පමණක් බවය. නනාක් විසින් පත් කරන ලද පූජනීය උපදේශකවරුන් නව දෙනෙක් විසින් එම නායකත්වය අඛණ්ඩව 18 වන සියවස (1708) දක්වා පවත්වාගෙන ගියහ.
සීකාගම අවිහිංසාවාදයක් ලෙසමුල් අවධියේදී පැවති නමුත්, වැඩිකලක් එලෙස පවත්වාගෙන යාමට නොහැකි විය. දිවැසිවර මහම්මත් තුමාගේ උත්තරීතර භාවය ඔවුන් ප්‍රතික්ෂේප කිරීම නිසා එම ක්‍රියාව නිග්‍රහයක් ලෙස සලකමින් ඓතිහාසික මුස්ලිම් විශ්වාසින් විසින් සීකාවාදීන් හට විරෝධතා පෑහ. සීකාගමේ දසවන ගෝලයා වන ගෝබින්ඩ් සිං (සිංහයා) නමින් හැදින්වූ ගෝබින්ධ් රායිගේ සමයේදී කල්සා නම් ලොව ප්‍රසිද්ධ සීක් කණ්ඩායමක් බිහිවිය. කල්සා කණ්ඩායමේ සාමාජිකයන්ගේ චරිත ලක්ෂණ විස්තර වනුයේ එම කණ්ඩායමේ අය සතු නියෝජනය කරන කේෂ (දිගු වරලස) කංගා (හිසෙහි පැළදි ලෝහ පනාව) කැෂ් (කොට කලිසම) කාරා (ලෝහ වළල්ල) හා කර්පන් (එක් පසෙක රදවා තිබූ කිනිස්ස) යන අංග වලිනි. එවකට ඉන්දියාවේ ස්ථානගත වී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙම කල්සා කණ්ඩාම, තමනගේ සේනාව සහ ආරක්ෂක භටයන් ලෙස යොදවමින් මහත් ප්‍රයෝජන ගත්හ. අවසානයේදී ගෝබින්ඩ් සිං මුස්ලිම්වරුන් අතින් ඝාතනයට ලක්විය. ඔහු අවසාන පූජනීය උපදේශකවරයා විය. ඔහුගේ පසුගාමිකයන් කවුරුන් වීද? අඩි ග්‍රානාත් නැමැති සීක් ශුද්ධ ලියවිල්ල ගුරු ග්‍රනාත් ලෙස නම් කරනු ලැබ පූජනීය උපදේශකයන්ගේ ස්ථානය හිමිකර ගත්තේය. එම අඩි ග්‍රානාත් නැමැති ලියවිල්ලට ඔවුන් නමස්කාර නොකළ මුත් එය දේවත්වයෙන් සැලකූහ.
සීකාගම අවිහිංසාකාරී වුවද, එය සටන්කාමි ලෙස හැදින්වේ. එහි ඉතා අවාසනාවන්ත තත්වය කුමක් නිසාද යත්, සිකාගමේ පාලනයෙන් බැහැරවූ එවැනි සටන්කාමි තත්වයන් බොහෝ සෙයින් පැන නැගුන බැවිනි. ඉතා උණුසුම් සටනකින් පසුව 1947 දී නිර්මාණය වූ ඉන්දිය හා පකිස්තාන දේශසීමා මායිම විහිදී ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තය හරහාය, එනම් සිකාවාදී ඉතා ප්‍රබල ලෙස ස්වාදිනත්වයක් ලබා තිබූ ප්‍රදේශය හරහාය. ඔවුනගේ දේශපාලනික හා සමාජීය අනන්‍යතාවය රැක ගැනීමට දැරූ සියඵ ප්‍රයත්නයන් බොහො විට අසාර්ථක විය. ත්‍රස්තවාදීන් එහි කාලිස්ටාන් නම් රාජ්‍යයක් පිහිටුමට බලවත් පියවර ගත් නමුත් සිකාවාදින් ගෙන් බහුතරයක් සාමය අගයන අය වූහ.
ක්‍රිස්තියානි සහ සික්ආගම් දෙකම මහත් පීඩාවන්ට යටත්වූවා මෙන්ම එකම දෙවිකෙනෙකුට නමස්කාර කරන ධර්මයන් ලෙස පිළිගෙන ඇත. මනුෂ්‍යයන් වශයෙන් ක්‍රිස්තියානින් සහ සික්වාදීන් හට සාමයෙන් සහ එකිනෙකාට ගරුකරමින් විසිය හැක. එනමුත් සිකාගම සහ කිතුදහම එකිනෙකට බද්ධ කළ නොහැක. ඔවුන්ගේ විශ්වාස කිරීමේ ක්‍රම තුල සමහර කරුණු ගැන එකගතාවයක් ඇතත්, අවසානයේ ඔවුන් තුල දෙවියන් වහන්සේ ගැන ඇත්තේ වෙනස් ආකාරයේ දැක්මක් වන අතර, යේසුස් වහන්සේ ගැනද, දේව වචනය ගැනද, ගැලවීම ගැනද ඇත්තේ වෙනස් දැක්මවල්ය.
පළමුව, සිකාගමේ සංකල්පය අනුව දෙවියන් වහන්සේ අන් අයගෙන් වෙන්වූ, කිසිම පෞද්ගලිකත්වයක් නොමැති කෙනෙකු ලෙස සැලකීම දේවවචනය අනුව ආදරණීය රැකවරණය ලබාදෙන "අබ්බා පියාණන්" වන දෙවියන් වහන්සේට විරුද්ධවීමක්ය. (රෝම 8:15, ගලාති 4:6) අපගේ දෙවිදාණන්ට එතුමාගේ දරුවන් සමග සමීප සම්භන්ධතාවයක් ඇති අතර, අපගේ යෑම් ඊම් සියල්ලම දන්නා, අපගේ සිතුවිලි තේරුම් ගන්නා කෙනෙකි. (ගීතාවලිය 139:2). එතුමා අපහට සදාකාලිකව ප්‍රේම කරමින්, ඉවසීමෙන් සහ විශ්වාසවන්තකමින් අපව එතුමා වෙත ලං කර ගන්නා සේක. (යෙරමියා 31:3) ඒ සමගම එතුමා අපට පැහැදිලි කර දෙනුයේ වෙනත් ධර්මයකට අයත් දෙවි කෙනෙකු යයි කියා ගන්නා අයකු සමග එතුමාගේ කිසිම සම්බන්ධතාවයක් ඇති විය නොහැකි බවය. "මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත. සිටියේත් නැත. සිටින්නේත් නැත." (යෙසායා 43:10) සහ "මම සමිදාණන් වහන්සේය. අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත" (යෙසායා 45:5).
දෙවනුව, සීකාගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අද්විතීයභාවය ප්‍රතික්ෂේප කරයි. ක්‍රිස්තියානි ශුද්ධ ලියවිල්ල මගින් තහවුරු වනුයේ ගැලවීම ලැබිය හැක්කේ උන්වහන්සේ තුලින් පමණක් බවය. "මාර්ගයද, සත්‍යයද, ජීවනයද, මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නේය" (යොහාන් 14:6). "අන් කිසිවකු මගින් ගැලවීමක් නැත. මන්ද අපේ ගැලවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුඵ ලොවෙහිම මිනිසුන් අතර නැත" (ක්‍රියා 4:12). සීකාගම අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කුමන ගෞරවයක් එතුමාට ලබා දුන්නද, එය එතුමා ලැබිය යුතු නියම ගෞරවයත්, දේව වචනය අනුව එතුමාට ලැබී ඇති ගෞරවයවත් නොවේ. එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා සහ ලෝකයේ ගැලවුම්කරුවාය.
තෙවනුව, සීක්වාදීන් සහ කිතුණුවන් යන දෙපාර්ශවයම ප්‍රකාශකර සිටිනුයේ තම තමාගේ ශුද්ධ ලියවිල්ල, අද්විතීය බවය. කිතු ධර්මය සහ සීකාගම අඩංගු ග්‍රන්ථ දෙකම "දෙවියන් වහන්සේගේ වචනය" විය නොහැක. නිෂ්චිත වශයෙන්ම කිතුදහම අනුව බයිබලය යනු දෙවියන් වහන්සේගේ සැබෑ වචනය වේ. එය දෙවියන් වහන්සේ විසින් උත්පාදනය කොට ඒ ගැන තේරුම් ගැනීමට උත්සහ කරන සැමදෙනා උදෙසා සම්පාදනය කළ ග්‍රන්ථයකි. "දේවානුභාවයෙන් යුත් මුඵ ශුද්ධ ලියවිල්ල ඉගැන්වීමටද, දුර්මත දුරු කිරීමටද, හික්මවීමටද, ධර්මිෂ්ඨ ජීවිත ගත කිරීම පිණිස උපදෙස් දීමටද ප්‍රයෝජනවත් වෙයි. දෙවියන් වහන්සේට කැපවූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී ඕනෑම යහපත් සේවයකට පුරුදු වී සිටින්නේ එසේය." (2 තිමෝති 3:16–17) අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ දේව වචනය අපහට ලබා දුන්නේ, උන්වහන්සේ හැදිනගෙන උන්වහන්සේට ප්‍රේම කිරීමටය. එසේම "සත්‍ය දැනගැනීමටය" (1 තිමෝති 2:4). එසේම සදාතන ජීවනය සදහා එතුමාණන් වෙත අපගේ පැමිණීම සදහාය.
සතරවනුව සහ අවසාන වශයෙන්, ගැලවීම සම්බන්ධව සීකාගම දරන ආකල්පය මගින් ක්‍රිස්තුස් වහන්සේ පරිත්‍යාගශීලිව අපව නිදහස් කළ බව ප්‍රතික්ෂේප කරනු ලැබේ. සීකාගමේ ඉගැන්වීම වනුයේ කර්මයේ සිද්ධාන්තය සමග ත්‍දවියන් වහන්සේ නැමදීමය. කර්මය යනු පාපය දුර්වල ලෙස අර්ථකතනය කිරීමක් වන අතර, සදාතනික ශුද්ධවන්ත දෙවියන් වහන්සේට විරුද්ධව සිදු කරන එක් පාපයක් වෙනුවෙන් හෝ වන්දි ගෙවීමක්, කුමන යහපත් ක්‍රියාවකින්වත් සිදු කල නොහැකිය. යක්ෂයාට ද්වේෂ කිරීම පරිපූර්ණ ශුද්ධවන්ත කෙනෙකුට කල හැකි අවම ක්‍රියාවකි. දෙවියන් වහන්සේ වූ කලී යුක්තියට එන බැවින්, පාපය සිදු කරන විනාශයට වන්දියක් නොගෙවා දෙවියන් වහන්සේට පාප කමාව ලබා දිය නොහැක. දෙවියන් වහන්සේ යහපත් බැවින්, පාපිෂ්ඨ සෙනග වෙනස් නොකොට, ඔවුන්ව ස්වර්ගීය සැපත කරා ළගා කර ගත නොහැක. නමුත් මිනිස් වෙස් ගත් දෙවියන් වහන්සේ වන ක්‍රිස්තුස් වහන්සේ තුල අපගේ පාප සදහා වන්දි ගෙවීමට, සදාතනික වටිනාකමක් ඇති පරිත්‍යාගයක් අපහට ලැබී ඇත. අපට ලැබුන පව්කමාව කිසිසේත් මිල කල නොහැකි තරම් වටිනාකමින් යුක්තය. එය කොතරම් වටින්නේදයත් මනුෂ්‍යයන් වූ අපට එම වන්දිය ගෙවීම ඔරොත්තු නොදේ. නමුත් එය ත්‍යාගයක් ලෙස ලැබිය හැක. දේව වචනයේ "කරුණාව" යනුවෙන් සදහන් වන්නේ එයයි. අපිට ගෙවිය නොහැකි වන්දිය ක්‍රිස්තුස් වහන්සේ ගෙවූ සේක අපට උන්වහන්සේ තම ජීවිතය පාපය වෙනුවෙන් පරිත්‍යාග කළ සේක. අප කළ යුතු එකම දෙය නම් උන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය තැබීමය. අනෙක් අතින් බලන විට සීකාගම මගින් පාපය නිසා ඇති වන සදාතනික අනිසි ප්‍රතිවිපාකද, දෙවියන් වහන්සේගේ යහපත්භාවයද , යුක්තිසහගතභාවය සහ මනුෂ්‍යයාගේ දූෂිතභාවය කෙරෙහිද කිසිම අවධානයක් යොමුකර නැත.
අවසන් වශයන් අපහට දැක්විය හැක්කේ, සීකාගම තුල හින්දු ධර්මය හා ඉස්ලාම් ධර්මයට ආවේනික ඓතිහාසික හා දේවධර්මානුකූල කරුණු සුඵ වශයෙන් තිබුනද, මෙම ධර්මයන් දෙකෙහිම දෙමුහුන් ධර්මය ලෙස සිකාගම පිළගත නොහැක. එය නිශ්චිත ආගමික පද්ධතියක් බවට පත් වී ඇත. සමහර අවස්ථාවන්හි කිතුනුවකු හට සිකාගමේ මතයන් ගැන පොදු එක!ගතාවයන් ඇති කර ගත හැකිමුත්, අවසානයේදී කිතුදහම සහ සිකාගම ඒකරාශී කළ නොහැක.
English
සිකාගම යනු කුමක්ද?