settings icon
share icon
ප්‍රශ්නය

ඇදහිල්ල මුදවනු ලැබීම සදහා සමහරක් අසත්‍ය සලකුණු කුමක් ද?

පිළිතුර


මෙය ක්‍රිස්තියානි ජිවිතයේ ඉතා වැදගත් ප්‍රශ්ණයක් වේ.

මෙය ක්‍රිස්තියානි ජීවිතයේ එක්තරා වැදගත් ප්‍රශ්නයකි. ඇදහිල්ලේ සැබැ සලකුණු නොදකිනා ඇදහිලිවතුන්, ඔවුන්ගේ ගැළවීම සැක කරයි. සමහර පුද්ගලයන්, ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරිමට ගත් තීරණය සැක කළ නොයුතු යැයි පවසයි. එහෙත්, අප සත්‍යයෙන්ම ඇදහිල්ලේ නිරතවී සිටිම පරික්ෂාකර බැලිම සඳහා බයිබලය අපව ධෛර්යමත් කරයි (2 කොරින්ති 13:5). සදාකාල ජීවනය ලැබී තිබෙන බවට දෙවියන් වහන්සේ අපට බොහො මඟ පෙන්වීම් දී තිබෙන බැවින් අප උන්වහන්සේට ස්තුතිවන්ත විය යුතුයි. 1 වන යොහාන් යැවුම් පත්‍රය ලියනු ලැබුවේ මේ අරමුණ සඳහා ය. 1යොහාන් 5:13 හි සඳහන් වන පරිදි, “මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැකව දැන ගන්නා පිණිසය.”

අපගේ ඇදහිල්ල පරික්ෂා කිරිම සඳහා පරික්ෂණ පෙළක් 1 වන යොහාන් යැවුම් පත්‍රයේ සඳහන් වී තිබේ. එය දෙස බැලු විට, කිසිවෙකු කිසි කලක සම්පුර්ණයෙන් ඉටු නොකළ බව අප මතක තබා ගත යුතු වේ. එහෙත් අප, ගැලපෙන නැඹුරුතාවයක් තුළින් කරුණාව තුළ වැඩෙනා ලක්ෂණ හෙළිදරව් කළ යුතු වේ.

01) ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ සහ උන්වහන්සේ මුදවාගත් මනුෂ්‍යයන් සමඟ සහභාගිකම් පැවැත්ව” මේ ප්‍රීතිමත්ව භුක්ති විඳින්නෙහි ද? (1 යොහාන් 1:3)

02) ඔබ ආලෝකයේ නැතහොත් අන්ධකාරයේ ඇවිදින බව මනුෂ්‍යයන් ඔබට කියාවි ද? (1 යොහාන් 1:6-7)

03) ඔබ, ඔබගේ පාපය පිළිගෙන එය පාපෝච්චාරණය කරන්නෙහිද? (1 යොහාන් 1:8)

04) දේව වචනයට ඔබ කීකරුවේ ද? (1 යොහාන් 2:3-5)

05) ලෝකයට වඩා දෙවියන් වහන්සේට ප්‍රේම කරන බව ඔබගේ ජීවිතයෙන් ඔබ පෙන්නුම් කරන්නෙහි ද? (1 යොහාන් 2:15)

06) ඔබගේ ජීවිතයේ, යහපත කිරීමේ ලක්ෂණ ඔබ පෙන්නුම් කරන්නෙහි ද? (1 යොහාන් 2:29)

07) ශුද්ධ ජීවිතයක් නඩත්තු කිරීමට ඔබ උත්සහ දරන්නෙහි ද? (1 යොහාන් 3:13)

08) පාපය අඩුවන රටාවක් ඔබගේ ජීවිතේ ඔබ දකින්නෙහි ද? (1 යොහාන් 3:5-6) (සැලකිල්ල: මෙයින් සඳහන් වන්නේ, පාපය, ජීවනයේ මාර්ගයක් ලෙස පවත්වා ගෙන නොයෑම, පාපය සම්පූර්ණයෙන් නොතිබීම නොව)

09) අන් කිතුණුවන්ට ඔබ ප්‍රේමය පෙන්නුම් කරන්නෙහි ද? (1 යොහාන් 3:14)

10) ඔබ ගමන ඇවිදීමට එරෙහිව කතාව දොඩවන්නෙහි ද? (1 යොහාන් 3:18-1

11) ඔබ පැහැදිලි හෘදසාක්ෂියක් පවත්වාගෙන යන්නෙහි ද? (1 යොහාන් 3:21)

12) ඔබගේ ක්‍රිස්තියානි ගමනෙහි, ඔබ ජයග්‍රහණය අත් දකින්නෙහි ද? (1 යොහාන් 5:4)

ඉහත සඳහන් ප්‍රශ්න සඳහා සත්‍යයෙන්ම ඔව් යන පිළිතුර දීමට ඔබ සමත් වේ නම්, (නැතහොත් ඉන් බහුතරයක් සහ අනිකුත් ප්‍රශ්න ක්‍රියාකාරි වෙමින් පවතියි) ඔබේ ජීවිතය, සැබෑ ගැළවීම ඵල දරන ජීවිතයකි. අපගේ ඵල තුළින් උන්වහන්සේගේ ගෝලයන් කියා හඳුනා ගන්නා බව යේසුස්වහන්සේ පැවසුසේක (මතෙව් 7:20). ඵල නොදරන අතු-ආත්මයාණන්වහන්සේගේ ඵල පෙන්නුම් නොකරන ඇදහිලිවතුන්, (ගලාති 5:22-23) උන්වහන්සේ කපා ගින්නෙහි විසිකරනු ලබනු සේක (යොහාන් 15:2). සැබෑ ඇදහිල්ල යනු දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරිම පමණක් නොව (යක්ෂයන් පවා මෙය කරයි-යාකෝබ් 2:19). විවෘතව පාපොච්චාරණය කර, ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවලට කිකරු වීමේ මග පෙන්වීමය. අප ගැළවීම ලැබුවේ අපගේ උත්සහයෙන් නොව (එපීස 2:8-9) නමුත් ඇදහිල්ල කරණකොටගෙන කරුණාවෙන් අප ගළවනු ලැබුවේ යැයි අප සිහි තබාගත යුතු වේ (යාකොබ් 2:17-18). සැබෑ ඇදහිල්ල ගැළවීම සැම විටම කාර්යයන් උපදවයි: නිරතුරුවම කාර්යයන් නැති ඇදහිල්ල, සැබෑ ඇදහිල්ලක් නොවේ, එම ඇදහිල්ල කිසිවෙකු ගළවා නොගනියි.

මෙම තහවුරු කිරීම් වලට සංකලනව, දෙවියන් වහන්සේගේ ආඥා සහ අප සිටිනා සටනේ යථාර්ථය සිහිතබා ගත යුතු වේ. යේසුස් වහන්සේ සිටින බව සැබෑසේම යක්ෂයාත් බොරුවක් නොවේ, ඔහු අපගේ ආත්මික සතුරා වේ. අප ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරුණු කළ, යක්ෂයා සෑන අවස්ථාවකදීම අපව මුළා කිරීමටද පරාජය කිරීමටද බලා සිටියි. යක්ෂයා අපව නොසුදුසු පරාජිතයන් කියාද, දෙවියන් වහන්සේ අපව අත්හැරූ සේකැයි කියාද ඒත්තු ගැන්වීමට උත්සහ දරයි. අප ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින කළ, අප උන්වහන්සේ තුළ බව අපට සහතික වේ. යොහාන් 17:11 හි සඳහන් වන ලෙස, අප ඒකත්වයක්ව සිටින්නාක්මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔවුන් ඔබගේ නාමයෙන් ආරක්ෂා කළ මැනව යයි යේසුස් වහන්සේ විසින්ම අප වෙනුවෙන් පියාණන් වහන්සේට යාච්ඤා කළ සේක. නැවතත් 15 වන පදයෙහි, ඔවුන් ආරක්ෂා කරන පිණිස යාච්ඤා කරමි යැයි යාච්ඤා කළ සේක. යොහාන් 10:27-29 හි උන්වහන්සේ පවසන සේක, මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මම ද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි: ඔව්හු කිසි කලකත් විනාශ නොවන්නේය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය. ඔවුන් මට දුන්නාවු මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය: පියාණන් වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය. ඔබ යේසුස්ගේ හඬට ඇහුම්කන්දී, කීකරුවේ නම්, ඔබ උන්වහන්සේගේ බැටළුවන්ගෙන් එක්කෙනෙකි, උන්වහන්සේ කිසි කලක ඔබ අත්නොහරින සේක. කිතුනුවන්, සුරක්ෂිතව උන්වහන්සේගේ ප්‍රේමණීය දෑතින් අල්ලාගෙන, පියාණන් වහන්සේගේ සර්වබලධාරි දෑතින් දවටා, අපට ද්විත්ව සහතිකයක් සහිත සදාතන සුරක්ෂිතභාවයක් දෙන ආශ්චර්යවත් වචන ඡායාවක් දුන්සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇදහිල්ල මුදවනු ලැබීම සදහා සමහරක් අසත්‍ය සලකුණු කුමක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries