settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනයේ සදහන් ලකුණුමය දීමනා වල අරමුණ කුමක්ද?

පිළිතුර


අප දේව වචනයේ සදහන් ලකුණුමය දීමනා පිළිබදව කථා කරන කළ අප සදහන් කරන්නේ නානා වර්ග භාෂා කථා කිරීම, දර්ශන, සුව කිරීම්, මළවුන්ගෙන් නැගිටුවීම සහ ධර්ම වාක්‍යය කීම වැනි ආශ්චර්‍යයන්ය. ඒවා පැවතුණාද නැද්ද යන්න ඇදහිලිවන්තයන් අතර කිසිඳු ප්‍රශ්නයක් නොමැත්තේ දේව වචනයේ එය පැහැදිලි ලෙස විස්තර කරනු ලබන හෙයිනි. ඒවාහී අභිමතාර්ථය නම් ඇදහිලිවන්තයන් අතර මත භේදයන් හට ගනීද එසේම වර්තමානයේද එම අත්දැකීම් ලැබිය යුතුද යන්න ප්‍රශ්නයද මතුවේ. සමහරෙක් පවසනු ලබන්නේ මෙම දීමනා කෙනෙකුගේ ගැළවීම් උදෙසා වන අතර අන් සමහරෙකු පවසනු ලබන්නේ මේවා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බවිතීස්මයේ ලකුණු බවත් සහ තවත් සමහරෙකු පවසන්නේ ඔවුන්ගේ අභිමතාර්ථය නම් ශුභාරංචි පණිවුඩය සත්‍යවත් කිරිම බවය. අපට සත්‍යය දැන ගත හැක්කේ කෙසේද? මේ දේවල් පිළිබදව දෙවියන්වහන්සේගේ අරමුණු ප්‍රකාශයන්, අප විසින් ශුද්ධ ලියවිලි තුළින් සොයා බැලිය යුතුය.

දේව වචනයේ සදහන් ලකුණුමය දීමනා අතුරින් මූලික නිර්දේශයක් අපට හමුවන්නේ නික්මයාම 4 හි දෙවියන්වහන්සේ විසින් මෝසෙස්ට ආසන්නව පවත්නා ඊජිප්තුවෙන් නිදහස් කර ගැනීම පිළිබදව උපදෙස් ලබා දීමය. මෝසෙස් කනස්සලූ වූයේ ඔහුව දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ බව සෙනග විශ්වාස නොකරයිද යන්න බැවින් දෙවියන්වහන්සේ විසින් ඔහුට ඔහුගේ සැරයටිය සර්පයකු බවට පත්වීම සහ ඔහුගේ අතෙහි ලාදුරු රෝගය යට ගැනීම වැනි ලකුණු කිහිපයක් දෙනු ලැබූ සේක. දෙවියන් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මෙම ලකුණු “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විශ්වාස කරන පිණිස එසේ කරපන්නැයි කීසේක” (5 වන පදය) ජනතාව තවමත් විශ්වාස නොකරන්නේ නම් දෙවියන්වහන්සේ විසින් මෝසෙස්ට පැවසූයේ නයිල් ගංගාවෙන් ජලය රැගෙන වියළි භූමිය මත වත් කළ විට එය ලේ බවට පත් වන බවය (9 වන පදය). ඊශ්‍රායලයේ දරුවන්ට මෙහි අර්ථය වූයේ ඔවුන් දෙවියන් වහන්සේගේ පණිවුඩකරුව විශ්වාස කරනු ලැබීමයි.

මෝසෙස්ට විදහා දැක්වීම පිණිස ආශ්චර්‍යජනක ලකුණු දෙවියන්වහන්සේ විසින් මෝසෙස්ට දෙනු ලැබුවේ සෙනගට නිදහස්වී යෑමට අවසර දෙනු ලබන පිණිසය. උන්වහන්සේගේ පුදුමද ලකුණුද ඊජිප්තුවෙහි වැඩි කරනු ලබන බව නික්මයාම 7:3–5 හී දෙවියන්වහන්සේ මෝසෙස්ට පවසනු ලැබුවේ “මම මිසරය පිටට මාගේ අත දිගුකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් අතරෙන් පිටතට ගෙනෙන කල්හී මා ස්වාමින්වහන්සේ බව මිසරවරුන් දැන ගන්නෝයයි කීසේක” ඊජිප්තු සෙනගට දැන ගැනීමට දෙවියන්වහන්සේට අවශ්‍යය වූයේ ඊශ්‍රායලිතයන්ව ගළවා ගැනීම පිණිස ක්‍රියාත්මක වන්නේ උන්වහන්සේ බවය. නික්මයාම 10:7 හී මෝසෙස් ඵාරාවෝට පැවසූයේ අවසාන වසංගතය තුළින් කුළුඳුලන්ව මරනු ලැබීමෙන් දෙවියන්වහන්සේ ඊජිප්තුවන් සහ ඊශ්‍රායලිතයන් අතර පැහැදිලි වෙනසක් දැක්වූ බවය. ලකුණුද සහ පුදුමද තුළින් ඵාරාවෝට සහ ඊජිප්තු සෙනගට දෙවියන්වහන්සේගේ පණිවුඩය තහවුරු කරනු ලැබුවේ මෝසෙස්ව ඔවුනට එවනු ලැබුවේ දෙවියන්වහන්සේ බව දැන ගන්නා පිණිසය.

එලියා විසින් කර්මෙල් කන්දේදී බොරු දිවැසිවරුන්ව මුහුණ පෑ කල (1 රාජාවලිය 18) ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනු ලැබුවේ ආශ්චර්යමත් ලෙස ගිනි අහසින් එවන ලෙසටය. මන්දයත් “ඔබ ඊශ්‍රායෙල්හී දෙවියන් වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද ස්වාමීවූ ඔබ දෙවියන්වහන්සේ බවත් මොවුන් දැන ගන්නා පිණිස. (36–37 දක්වා පද) ඔහු සහ ඔහුගේ අනෙකුක් ප්‍රොපේතවරුන් විසින් සිදු කලාවූ හාස්කම් වලින් ස්ථිර කරනු ලැබුවේ ප්‍රොපේතවරුන්ව එවනු ලැබුවේ දෙවියන් වහන්සේ බවත් ඊශ්‍රායෙල් මධ්‍යයේ දෙවියන්වහන්සේ ක්‍රියාත්මක වන බවත්ය.

ඊශ්‍රායෙල් කෙරෙහි වූ දෙවියන්වහන්සේගේ විනිශ්චය පිළිබදව යොවෙල්ට පණිවුඩයක් දී තිබූ අතර එම පණිවුඩය තුළ දයාව සහ බලාපොරොත්තුව පිළිබද අනාවැකියක් දෙනු ලැබිනි. අනාවැකියෙහි පල කළ අන්දමට විනිශ්චය පැමිණි කල ජනතාව පශ්චාතාප වෙමින් ප්‍රතිචාර දැක්වූ හෙයින් දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ උන්වහන්සේ විනිශ්චය පහ කොට ආශිර්වාදය ප්‍රතිෂ්ඨාපනය කරනු ලබන සේක් බවය: මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනග කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නේය (යොවෙල් 2:27). එම ප්‍රකාශයෙන් අනතුරුව වහාම දෙවියන්වහන්සේ විසින් කථා කරනු ලැබුවේ සෙනග කෙරෙහි උන් වහන්සේගේ ආත්මය වගුරනු ලබන හෙයින් ඔවුන් විසින් අනාවැකි ප්‍රකාශ කරන බවත්, දර්ශන දකිනු ලබන බව සහ පුදුම දේ දක්නට යන බවත්ය. පෙන්තකොස්ත දිනයේදී ගෝලයන් අන්‍ය භාෂාවලින් කථා කිරීමට පටන් ගත් කළ (ක්‍රියා 2:1–21), පේත්‍රැස් විසින් ප්‍රකාශ කර සිටියේ “මේ වනාහී අනාගතවකතෘවූ යොවෙල් කරණකොටගෙන කියන ලද කාරණය” එහි අරමුණ කිමෙක්ද? එය නම් පේත්‍රැස් සහ අන් අය විසින් ගෙන එන ලද පණිවුඩය දෙවියන්වහන්සේගේ පණිවුඩය බවය.

යේසුස්වහන්සේගේ සේවයට ලකුණු සහ පුදුමද අනුබද්ධ වී තිබිණි. උන් වහන්සේගේ හාස්කම් වල අරමුණ කිමෙක්ද? යොහාන් 10:37–38 හී දේව අපහාසයයි කියමින් උන්වහන්සේට ගල් ගැසීමට තැත් කළ යුදෙව්වන්ට යේසුස්වහන්සේ කියනුයේ “මම මාගේ පියාණන්වහන්සේගේ ක්‍රියා නොකරයි නම් මා විශ්වාස නොකරල්ලා. නමුත් ඒවා කරමි නම් නුඹලා මා විශ්වාස නොකරතත් පියාණන්වහන්සේ මා තුලෙහිද මා පියාණන්වහන්සේ තුළෙහිද සිටින බව දැන තේරුම් ගන්නා පිණිස ක්‍රියා විශ්වාස කරපල්ලා යයි කීසේක.” පැරණි ගිවිසුමේ හා සමානව යේසුස්වහන්සේගේ හාස්කම් වල අරමුණ නම් තමන්වහන්සේගේ පණිවුඩකාරයාණන් මත දෙවියන්වහන්සේගේ හස්තය ඇති බව ස්ථිර කිරීමය.

පරිසිවරුන් විසින් යේසුස්වහන්සේට ලකුණක් පෙන්වන්ට යයි කී කල උන් වහන්සේ කියන සේක් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්: නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ළකුණක් සොයයි, නමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ළකුණ හැර වෙන ළකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය මක්නිසාද යෝනා මහා මත්‍යසයාගේ බඩේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටියාක් මෙන් මනුෂ්‍යය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද සිටින්නේය. නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට ඔහු වරදට පත් කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනා කිරීමෙන් යෝනාගේ ඔව්හු පසුතැවිලි වූවෝය. බලව යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි. (මතෙව් 12:39–41) යේසුස්වහන්සේ ලකුණක අරමුණ පිළිබදව ඉතා පැහැදිලි වූයේ එතුළින් ජනතාව දෙවියන්වහන්සේගේ පණිවුඩය පිළිගෙන එයට එපරිද්දෙන් ප්‍රතිචාර ගැනීම සදහාය. ඒ ආකාරයෙන්ම උන්වහන්සේ යොහාන් 4:48 හී වංශාධිපතියාට කියන සේක් “නුඹලා ලකුණුද පුදුමද නොදුටුවොත් කිසිසේත් විශ්වාස කරන්නේ නැත” ලකුණු වූ කලී විශ්වාස කිරීමට මහත් වෙර දරන්නන්ට උපකාරයක් වන නමුත් ඉළක්කය නම් ක්‍රිස්තුස්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයවේ.

1 කොරින්ති 1:21–23 හී ගැළවීමේ පණිවුඩය පාවුළු විසින් සංක්ෂිප්තයක් ලෙස දක්වන ලදී: “දේශනා කිරීමේ මෝඩකම කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටු වන සේක. කෙසේද යත් යුදෙව්වරු ළකුණු ඉල්ලති. ග්‍රීකවරු ප්‍රඥාව සොයති. නමුත් අපි කුරුසියෙහි ඇණ ගසනු ලැබ ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය අන්‍ය ජාතීන්ට මෝඩකමය. ළකුණු වලට අරමුණක් ඇති නමුත් මහත්වූ අවසානයකට මාධ්‍යයක් වේ ශුභාරංචිය දේශනා කිරීම තුළින් ප්‍රාණය ගළවා ගැනීමය. 1 කොරින්ති 14ථ22හී පාවුළු පැහැදිලිව සදහන් කරනු ලබන්නේ “අන් භාෂා වනාහී අදහනන්ට නොව නොඅදහන්නන්ට ළකුණක් පිණිසවේග ඇදහිලිවන්තයින්වට ඒත්තු ගැන්වීම පිණිස අන්‍ය භාෂාවලින් කථා කිරීම වැනි ආශ්චර්යජනක ළකුණු දෙවියන්වහන්සේ විසින් භාවිතා කරනු ලැබූ සේක. එනමුත් ඉදිරි පෙළ යෙදුමෙහි සදහන් වන ආකාරයට වඩාත් වැදගත් වන දේ නමි ශුභාරංච් පණිවුඩය පැහැදිලිව ප්‍රකාශයට පත් කිරීමය.

ලකුණු සහ පුදුම පිළිබද සාකච්ඡා වන්හී බොහෝ විට නොදැක සිටින කරුණක් නම් ශුද්ධ ලියවිල්ල තුළ ඒවාහී කාලය සහ ස්ථානගත වීමයග මහජන විශ්වාසයට ප්‍රතිවිරුද්ධ ලෙස දේව වචනයේ සදහන් සෙනග සෑම විටම හාස්කම් නොදැක්කාහ. ඇත්ත වශයෙන්ම කිවහොත් දේව වචනයේ සදහන් හාස්කම් සාමාන්‍යයෙන් කණ්ඩායම් ගත වී ඇත්තේ දෙවියන් වහන්සේට මනුෂ්‍යයා ආශ්‍රිත ඇති විශේෂ සිදුවීම් වටායග ඊජිප්තුවෙන් ඉශ්‍රායලය ගළවා ගැනීම සහ පොරොන්දු දේශයට ඇතුළු වීම බොහෝ හාස්කම් කැටුව වූවත් එම හාස්කම් ඉන් අනතුරුව කෙමෙන් කෙමෙන් අඩුවී යන ලදී. රාජ්‍ය කාලයේ අවසාන භාගයේ දෙවියන්වහන්සේ සෙනගව පිටුවහල් කිරීමට තිබියදී උන්වහන්සේගේ සමහර ප්‍රොපේතවරයන්ට හාස්කම් කිරීමට එතුමාණන් ඉඩ හැරිය සේක. යේසුස් වහන්සේ අප මධ්‍යයේ ජීවත් වීමට ආ කළ උන්වහන්සේ හාස්කම් කළ සේක, අපෝස්තුළුවරයන්ගේ සේවයේ මුල් අවධියේදී ඔවුන් හාස්කම් කළහ. එනමුත් එම කාලයෙන් පිටත අපට දේව වචනයේ දක්නට ලැබෙන්නේ හාස්කම් සහ ළකුණු ඉතාමත් ස්වල්පයකිග අතීතයේදී මහජනතාවගෙන් බහුතරයක් ඔවුන්ගේ දෑස් වලින් ලකුණු හෝ පුදුම කිසි කලෙක නොදැක්කාහ. දෙවියන්වහන්සේ ඔවුනට අනාවරණය කරනු ලැබූ දෑ කරණකොටගෙන ඔවුන්ට ඇදහිල්ලෙන් ජීවත් විය යුතු වූහ.

මුල් සභාවේ පුදුම සහ ලකුණු මූලික වශයෙන් කේන්ද්‍රගත වූයේ විවිට පුද්ගලයන් කණ්ඩායම් අතර ශුභාරංචිය ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදීය. පෙන්තකොස්ත දිනයේදී අපට කියවන්ට ලැබෙන්නේ අහසින් යට තිබෙන් සියලූ දේශ වලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරුණී යෙරුසලමට රැස්වූ බවය. (ක්‍රියා 2:5) අන්‍ය භාෂාවල ලකුණු ප්‍රථම වරට දෙනු ලැබුවේ අනෙකුත් දේශයන්හී ඇති දැඩිවූ සහ විදේශ භාෂාවන් කථා කරනු ලැබූ මෙම යුදෙව්වන්ටය. (6–11 දක්වා පදයන්) ඔවුන් විසින් පිළිගනු ලැබුවේ ඔවුන්ට තමන්ගේ දේශිය භාෂාවන් වලින් දෙවියන්වහන්සේගේ විශ්මිත ක්‍රියාවන් පිළිබදව ඇසුනු බවත් එයට එකම උචිත ප්‍රතිචාරය නම් තමාගේ පාප පිළිබදව පසුතැවිලි විය යුතු බව පේත්‍රැස් විසින් කියනු ලැබූ බවත්ය (38 වන පදය). ශුභාරංචිය ප්‍රථම වරම සමාරිතයන් අතර ඉදිරිපත් කළ විට පිලිප් විසින් ලකුණු සහ පුදුම දේද කරනු ලැබීය (ක්‍රියා 8:13).

නැවතත්, අන්‍ය ජාතිකයෙකු වූ කොර්නේලියස් වෙතට පේත්‍රැස්ව යැවූ කළ උන්වහන්සේගේ ක්‍රියාවන් ස්ථිර කරනු වස් දෙවියන්වහන්සේ ආශ්චර්‍යජනක ලකුණක් දුන් සේකග “පේත්‍රැස් සමග ආවාවූ චර්මච්ඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විශ්මිත වූවෝය. මක්නිසාද ඔව්හූ අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනා කරනවාත් ඔවුන්ට ඇසුණේය” (ක්‍රියා 10:45–46). පේත්‍රැස්ව අනෙකුත් අපෝස්තළුවරයන් විසින් ප්‍රශ්න කරනු ලැබූ කළ ඔහු විසින් දෙවියන්වහන්සේ මගපෙන්වීම පිළිබද සාක්ෂි දුන් අතර අනෙකුත් අය “දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්: එසේ වී නම් දෙවියන්වහන්සේට අන්‍යජාතීන්ටත් ජීවනය පිණිසවූ පශ්චාතාපය දුන් සේකැයි කීවෝය” (ක්‍රියා 11:18).

සෑම අවස්ථාවකදීම ලකුණුමය දීමනා දෙවියන්වහන්සේගේ පණිවුඩය සහ පණිවුඩකාරයා පිළිබද තහවුරු කිරීමක් වූයේ සෙනග අසා විශ්වාස කරනු පිණිසය. පණිවුඩය ස්ථිර කරනු ලැබූ විට ලකුණු කෙමෙන් පහව යන ලදී. අපට නියමානුකූලව මෙම ලකුණු අපගේ ජීවිතය තුළ නැවත නැවතත් ඇති විය යුතු නැති නමුත් එම ශුභාරංචි පණිවුඩයම අප ලබා ගත යුතු වෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනයේ සදහන් ලකුණුමය දීමනා වල අරමුණ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries