ඇදහිලිවන්තයන් රෝගී වීම සමහර විට දෙවියන්වහන්සේගේ අභිප්‍රායවේද?



ප්‍රශ්නය: ඇදහිලිවන්තයන් රෝගී වීම සමහර විට දෙවියන්වහන්සේගේ අභිප්‍රායවේද?

පිළිතුර:
දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබදව දේව වචනයට අනුව ඉගැන්වීම නම් දෙවියන්වහන්සේ සියල්ලම කෙරෙහි සර්වබලධාරි යනුවෙනි. අතීතය වර්තමානය සහ අනාගතය යන සියල්ලම කෙරෙහි උන්වහන්සේට සම්පූර්ණ පාලනත්වයක් ඇත, එසේම කිසිවක් උන්වහන්සේගේ අණසක නොමැතිව සිදු නොවනු ඇත. සිදුවනු ලබන්නාවූ සියල්ලම උන්වහන්සේ එක්කෝ සෘජුවම වීමට සලසන සේක නැතහොත් අකර්මණ්‍ය ලෙස වීමට ඉඩ හරිනු ලබන සේක. යමක් සිදුවීමට ඉඩ හැරීම සහ යමක් සිදුවීමට සැලැස්සවීම සම්පූර්ණයෙන්ම වෙනස් කාරණයකි. නිදසුනක් ලෙස දෙවියන්වහන්සේ පරිපූර්ණ, පාපිෂ්ඨ නොවූ ආදම සහ ඒව මැවීමට සලස්වා ඉන්පසු උන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමට ඔවුන්ට සැලැස්සවූ සේක. උන්වහන්සේ ඔවුන්ට පව් කිරිමට නොසැලැස්සවූ නමුත් ඔවුන්ව නවතා ලීමට එතුමන්ට හැකි වූවත් එසේ නොකිරීමට තීරණය නොකරනු ලැබුවේ උන් වහන්සේගේම අභිමතාර්ථයට නොව උන් වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම ඉටු කරනු වස්ය. එම කැරළි ගැසීම තුළින් සියලූ ආකාර දුෂ්ටකම් ඇති වන ලදී, එම දුෂ්ටකම් වූ කලී දෙවියන්වහන්සේ විසින් ඇති වීමට සැලැස්සවූ ඒවා නොව එනමුත් ඇති වීමට උන්වහන්සේ විසින් ඉඩ හරිනු ලැබූ ඒවාවේ.

රෝගය වූ කලී පුළුල් දුෂ්ටකම් වර්ග දෙකක විද්‍යාමාන වීමය – එනම් ස්වභාවික සහ සදාචාරාත්මකවේ. සදාචාරාත්මක දුෂ්ටකම වූ කලී මනුෂ්‍යයකුට තව කෙනෙකු කෙරෙහි ඇති අමනුෂ්‍යකමවේ. ස්වභාවික දුෂ්ටකම තැනී ඇත්තේ ස්වභාවික විපත් සහ ශාරිරක රෝග වලිනි. දුෂ්ටකම යනු මූලිකවම යහපත් වූ දෙයක් පසුව දුරාචාරාත්මක හෝ දූෂීත වූවකි, ඒ කරණකොටගෙන දැනට යමක් නැතිවී යාමය. එනම් රෝගයේදී අසනීප තත්වය නම් යහපත් සෞඛ්‍යය නැතිවී යාමය. දුෂ්ටකම යන අර්ථය ඇති පොනෙරොස් යන ග්‍රීක වචනය ඒකාන්තයෙන්ම අගවනු ලබන්නේ මාත්සර්ය ලෙසය එනම් යහපත් සහ සුවදායි තත්වයක දූෂීත වීමක් ලෙසය.

ආදම් පව් කළ විට එම පාපයේ ප්‍රතිවිපාකය මුළු මනුෂ්‍යය සංහතියටම විදීමට සැලැස්වීය, ඉන් එකක් නම් රෝගයවේ. රෝම 8:20–22 හි සදහන් වන්නේ මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත් කරන ලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල් කමින් නිවහල් කමින් නිදහස්වී දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස් කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත් කළාවූ තැණන්වහන්සේ නිසාය. මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙදිරි ගාමින් ගාවිනා විදින බව දනිමුව. දෙවියන් වහන්සේ වැටීමට අනතුරුව මැවිල්ල නිෂ්ඵල කිරීමට භාජනය කරනු ලබන තැණන්වහන්සේට අවසානයේදී මැවිල්ල පාපයේ බන්ධනයෙන් මුදවා ගැනීමට සැලැස්මක් ඇත එනම් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපව එම බන්ධනයෙන් මුදවා ගන්නා ආකාරයෙනි.

එම දිනය දක්වා දෙවියන්වහන්සේ රෝගය සහ අනෙකුත් දුෂ්ටකම් භාවිතා කරනු ලබන්නේ උන්වහන්සේ ශ්‍රේෂ්ඨ අභිමතාර්ථයන් ඉෂ්ට කිරීමට එනම් උන්වහන්සේව මහිමයට පත් කිරීමට සහ උන්වහන්සේගේ ශුද්ධ නාමය උසස් කිරීමටය. සමහර අවස්ථාවලදී උන්වහන්සේ ආශ්චර්‍යමත් ලෙස රෝග සුව කරන සේක. යේසුස්වහන්සේ ඉශ්‍රායෙල්හී නොයෙක් ආකාර රෝග සහ ආබාධයන් සුව කරමින් ගමන් ගත් සේක (මතෙව් 4:23) එසේම ලාසරුස් ඔහුගේ රෝගයෙන් මියැදුනාට අනතුරුව ඔහුවද මළවුන්ගෙන් නැගිටුවනු ලැබීය. තවත් සමහර විටක දෙවියන්වහන්සේ රෝගය භාවිතා කරනු ලබන්නේ පාපයට එරෙහිව ශික්ෂණයක් නොහොත් විනිශ්චය ගෙන එන විධික්‍රමයක් ලෙසයග පැරණි ගිවිසුමෙහි උස්සියා රජ කුෂ්ඨ රෝගයෙන් පහර දෙනු ලැබිණි (2 ලේකම් 26:19–20) දෙවියන්වහන්සේ නෙබුකද්නේෂර් රජ මහෝත්තම දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගේ කටයුතු තුළ ආණ්ඩු කරනු ලබන සේක යන්න තේරුම් ගැනීමට පැමිණුන තෙක් ඔහුව වියරුව කෙරෙහි ගෙන යනු ලැබූ සේක (දානියෙල් 4). දෙවියන්වහන්සේට යුතුවූ මහිමය තමා කෙරෙහි තබා ගත් හෙයින් හෙරොද්ට පහර දෙනු ලැබ පණුවන් විසින් කා දමනු ලැබිණ (ක්‍රියා 12:21–23). දෙවියන්වහන්සේ විසින් අසනීප තත්වයට ඉඩ හැරියාවූ එක් අවස්ථාවක් හෝ ඇත එනම් අන්ධභාවයයි – මෙය වූ කලී පාපයට දඩුවමක් ලෙස නොව තමන්වහන්සේව සහ තමන්වහන්සේගේ බලවත් ක්‍රියා අන්ධභාවය තුළින් අනාවරණය කරනු වස්ය (යොහාන් 9:1–3).

රෝගය පැමිණි විට එය සමහර විට අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ සෘජු මැදිහත්වීමේ ප්‍රතිඵලයක් නොවන්නට පිළිවන, එනමුත් බොහෝ වශයෙන් වැටුණු ලෝකයක, වැටුණු ශරීර වල, දුර්වල සෞඛ්‍යය තත්වයන් සහ ජීවන රටා වල තෝරා ගැනීම ආදියේ ප්‍රතිඵල විය හැක. දෙවියන්වහන්සේට අප යහපත් සුවයෙන් පසු වීම අවශ්‍යය වන බව පවසන දේවවචනය හා සම්බන්ධ දර්ශකයන් තිබුණත් (3 යොහාන් 2) අප තේරුම් ගෙන තිබුණත් නැතත් සියලූම රෝගයන් සහ අසනීප වලට උන්වහන්සේ ඉඩ හරිනු ලැබ ඇත්තේ උන් වහන්සේගේ අභිමතාර්ථය අනුවය.

රෝගය එකාන්තයෙන්ම මිනිසා පාපයට වැටීම කරණකොටගෙන වූ ප්‍රතිඵලයකි එනමුත් දෙවියන්වහන්සේ ඉතාමත්ම පාලනත්වයෙන් යුතුව සිටින සේක එසේම දුෂ්ටකමට කෙතරම් දුර යා හැකිද යන්න උන්වහන්සේ විසින් සැබවින්ම නිර්ණය කරනු ලබන සේක. උන්වහන්සේ සාතන් සමග සහ යෝබ්ගේ පරික්ෂණය තුළදී කළා හා සේම සාතන්ට සීමාව ඉක්මවා යෑමට ඉඩ හරිනු නොලැබිණ. දේවවචනයේ පණස් වාරයකටත් වඩා අපට පවසනු ලබන්නේ උන්වහන්සේ සියලූ බලයෙන් යුතු බවය එසේම අප ගන්නාවූ සියලූම තීරණ (යහපත් සහ අයහපත්) හා සමග උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඒකාබද්ධවී උන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම ඉෂ්ට වන අයුරු දැක ගැනීම විශ්මයට පත් වන කරුණකි (රෝම 8:28).

ඇදහිලිවන්තයන් සහ මේ ජීවිතයේ රෝග, අසනීප සහ / හෝ ආබාධ වලින් පෙළෙන්නන්ට දෙවියන්වහන්සේව ඔවුන්ගේ දුක්විදීම් තුළින් මහිමයට පත් කළ හැකිය යන දැනුම උන්වහන්සේ එසේ වීමට ඉඩ හරිනු ලැබුවේ මන්ද යන අවිනිශ්චිතභාවයට පණ පොවන අතර සදාකාලිත්වයේ උන්වහන්සේගේ අබිමුඛත්වය තුළ ඔවුන් සිට ගනු ලැබු කලක මිස එය තේරුම් ගැනීමට ඔවුනට නොහැකිවේ. එකල සියලූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයනු ලබන අතරම සමහරවිට ඉතාමත්ම නිරවද්‍ය ආකාරයට විය හැකල එවිට අප තවදුරටත් එම ප්‍රශ්ණ පිළිබදව සැලකිල්ලක් නොදක්වමු.



නැවතත් සිංහල මුල් පිටුවට



ඇදහිලිවන්තයන් රෝගී වීම සමහර විට දෙවියන්වහන්සේගේ අභිප්‍රායවේද?