settings icon
share icon
ප්‍රශ්නය

ශෙයෝලය, පාතාලය, නිරය, ගිනිවිල, පාරාදීසය සහ ආබ්‍රහම්ගේ ලපැත්ත අතර ඇති වෙනස කුමක්ද?

පිළිතුර


දේව වචනයේ ස්වර්ගයට සහ නිරයට – ශෙයෝලය, පාතාලය, නරකාදිය, ගිනිවිල, පාරාදීසය සහ ආබ්‍රහම්ගේ ලපැත්ත ආදියට භාවිතා වන වෙනස්වූ භාෂිතයන් බොහෝ විවාදයන්ට විෂය වූවක් මෙන්ම එය ව්‍යාකූලද විය හැක.

"පාරාදීසය" යන වචනය භාවිතා කරනු ලබන්නේ "ස්වර්ගය" යන්නට සමානාර්ථ පදයක් ලෙසිනි (2 කොරින්ති 12:4; එළිදරව් 2:7). යේසුස්වහන්සේ කුරුසිය මත මරණයට පත්වන අවස්ථාවේදී මෙන්ම උන්වහන්සේ හා සමග එක සොරෙකු කුරුසිපත් කරනු ලබන අවස්ථාවේදී ඔහු උන්වහන්සේගෙන් දයාව ඉල්ලුවේය. එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින් "සැබවක් ඔබට කියමි – අදම ඔබ මා සමග පාරාදීසයෙහි සිටින්නෙහිය" (ලුක් 23:43). තමන් වහන්සේගේ මරණය සම්පස්ථ බවත් ඉතා ඉක්මනින් තම පියාණන්වහන්සේ හා සමග උන්වහන්සේ ස්වර්ගයෙහි සිටින්නට යන බවද යේසුස්වහන්සේ දැන සිටිසේක. යේසුස්වහන්සේ පාරාදීසය පිළිබදව කථා කරනු ලැබුවේ "ස්වර්ගය" යන්නට සමානාර්ථ පදයක් ලෙසින් වන අතර එම වචනය බැදී සිටිනු ලබන්නේ උත්කෘෂ්ට ප්‍රසන්නභාවයක් සහ මහත් සොම්නසයක් ඇති ස්ථානයක් ලෙසය.

ආබ්‍රහම්ගේ ලපැත්ත පිලිබදව දේව වචනයේ සදහන් වනුයේ එක් වරක් පමණකි – එනම් ලාසරුස් සහ පොහොසතාගේ කථාවෙහිය (ලුක් 16:19–31). එය පුරාණ යුදෙව් නීති සංග්‍රහයේ "ස්වර්ගය" යන්නට සමානාර්ථ පදයක් ලෙසින් භාවිතා වුණි. ලාසරුස් ආබ්‍රහම්ගේ ළයට හේත්තු වී මේසයක හාන්සි වී සිටිම නමැති කථාවෙහි චිත්ත රූපය – ස්වර්ගීක භෝජන සංග්‍රහයේ – අවසාන රාත්‍රි භොජනයේ යොහාන් යේසුස්වහන්සේගේ ළයට හේත්තු වී සිටි ආකාරයක් ගනියි. සත්‍යය වශයෙන්ම ආබ්‍රහම්ගේ ලපැත්ත නිරූපණය කරනු ලබන්නේ කුමක්ද යන්න පිළිබදව වෙනස් වූ මතයන් තිබේ. මෙසියස්වහන්සේගේ මරණය සහ උත්ථානයට පසු කාලයක මෙම කථාවේ සැකසුම පිළිබදව විශ්වාස කරන්නවුන් ආබ්‍රහම්ගේ ලපැත්ත දකිනු ලබන්නේ "ස්වර්ගය" හා සමග සමානාර්ථක බවක්ය. කුරුසිපත් වීමට ප්‍රථමයෙන් මෙම සැකසුම පිළිබද විශ්වාස කරන්නවුන් "ආබ්‍රහම්ගේ ලපැත්ත" දකිනු ලබන්නේ "පාරාදීසය" යන්නට තවත් භාෂිතයක් ලෙසයග මෙම සැකසුම වනාහී මෙම කථාවෙහි ප්‍රධාන කාරණයට ඉඳුරාම අනුකූල නොවන්නේ දුෂ්ටයන් විසින් ධර්මිෂ්ඨයන් සතුටින් සිටින අයුරුත් තමන් බලවත් පීඩාවට ලක්ව සිටින බවත් එලෙසම "මහත් වූ කුහරයක්" ඔවුන් අතර ඇති බවත් දකිනු ලබති (ලුක් 16:26), එය කිසිවටෙකත් පාරායණය නොවේ.

හෙබ්‍රව් ශුද්ධ ලියවිලියන්හී මරණයට පත්වූවන්ගේ ක්ෂේත්‍රය විස්තර කිරීම සදහා භාවිතා කර ඇති වචනය නම් ශෙයෝලය වේ. එහි සරල අරුත "මරණයට පත්වූවන්ගේ ස්ථානය" හෝ "නික්ම ගියවුන්ගේ ප්‍රාණ සහ ආත්මයන් සිටින ස්ථානය" නව ගිවිසුමෙහි "නිරය" යන්නට භාවිතා වන ග්‍රීක වචනය නම් පාතාලය වේ එනම් "මරණයට පත්වූවන්ගේ ස්ථානය" ලෙසද හඳුන්වනු ලැබේ. නව ගිවිසුමෙහි "නිරය" යන්න හඳුන්වනට ගෙහෙන්නා නොහොත් නරකාදිය නම් ග්‍රීක වචනය භාවිතා වන අතර එය උපදිනු ලබන්නේ හින්නොමි යන හෙබ්‍රව් වචනයෙනි. නව ගිවිසුමේ අනෙකුත් ශුද්ධ ලියවිලි අගවනු ලබන ශෙයෝලය / පාතාලය වනාහී මහත් සුදු සිංහාසනය අභියස ඇති වන්නාවූ අවසාන උත්ථානය සහ විනිශ්චය සිදුවන තෙක් නොඇදහිලිවන්තයන්ගේ ප්‍රාණ රදවා තබන තාවකාලික ස්ථානයක් ලෙසය. ඇදහිලිවන්තයන්ගේ ප්‍රාණ මරණයේදී සෘජුවම දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය – ස්වර්ගය / පාරාදීසය / ආබ්‍රහමිගේ ලපැත්තට ගමන් කරනු ලබති (ලුක් 23:43; 2 කොරින්ති 5:8; පිලිප්පි 1:23).

එළිදරව් 19:20 සහ 20:10, 14–15 හී පමණක් සදහන් කර ඇති ගිනිවිල වූ කලී අවසාන නිරය එනම් දැඩි සිතැති කැරලිකරුවන්ටල දූතයන් හෝ මනුෂ්‍යයන් යන දෙකොටිඨාෂයටම සදාකාලිය දඩුවම් ලැබීමේ ස්ථානයක්වේ. (මතෙව් 25:41) එය විස්තර කරනු ලැබ ඇත්තේ ගෙන්දගමෙන් දැවෙන එමෙන්ම එතුළ සිටින්නන් විසින් අත්දකිනු ලබන්නේ සදාකාලිකල කිව නොහැකි තරම් කටුක වේදනාවකින් හෙබි ක්‍රෘර ස්වභාවයක් ඇති ස්ථානයක් ආකාරයටය (ලුක් 16:24; මාර්ක් 9:45–46). ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කොට ඇති අය සහ මරණයට පත්වූවන්ගේ තාවකාලික වාසස්ථානය වන පාතාලය / ශෙයෝලයෙහි වාසය කරනු ලබන අතර ඔවුන්ගේ අවසාන ගමනාන්තය වන්නේ ගිනිවිලය.

එනමුත් තමන්ගේ නමි ජීවන පොතෙහි සදහන් වී ඇති අය මෙම දරුණු ඉරණම පිළිබදව බිය විය යුතු නොවෙතිග ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඇදහිල්ල සහ කුරුසියෙහි උන්වහන්සේ විසින් අපගේ පාපයන් උදෙසා වගුරුවනු ලැබූ රුධිරය කරණකොටගෙන අපට නියමිත වී ඇත්තේ දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය හමුවෙි සදාකාලයටම ජීවත් වීමයග

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශෙයෝලය, පාතාලය, නිරය, ගිනිවිල, පාරාදීසය සහ ආබ්‍රහම්ගේ ලපැත්ත අතර ඇති වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries