settings icon
share icon
ප්‍රශ්නය

මාගේ ක්‍රිස්තියානි සාක්ෂිය බෙදා ගන්නේ කෙසේද?

පිළිතුර


පලදායී සාක්ෂියක් යනු ඔබගේ අත්දැකීම් සහ ක්‍රිස්තුස්ගේ සුවිශේෂය යන දෙකම ගෙන හැර දක්වන අතර එමඟින් ගැලවීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු වෙනත් කෙනෙකුට ලැබෙනු ඇත. (1) ඔබව ගලවා ගැනීම සඳහා ඔබ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ ආකාරය පිළිබඳ විස්තර ලිවීමෙන් ආරම්භ කරන්න. ඔබට උපකාර කිරීම සඳහා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම: අ) ක්‍රිස්තුස්වහන්සේ ගැන මට කීවේ කවුද? ආ) ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට මට හේතුවූ සිදුවීම් මොනවාද? ඇ) මම ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කළේ කවදාද? ඈ) මා මුලින් විශ්වාස කරනවිට මා සිටියේ කොහේද? ඉ) ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල මට ආශීර්වාදයක්වී ඇත්තේ කෙසේද?

(2) ඊළඟට මෙය ලියන්න එවිට එය කතාවක් ලෙස හොඳින් ගලායයි. හැකි තරම් සංක්ෂිප්තවීමට උත්සාහ කරන්න. ඉලක්කයක් ලෙස, ඔබේ සාක්ෂියේදී මිනිත්තු තුනක් හෝ ඊට අඩු කාලයක් තුළ පලදායී ලෙස බෙදා ගැනීමට හැකිවන පරිදි එය කිරීමට උත්සාහ කරන්න.

(3) ඔබේ සාක්ෂියට සුදුසු ශුද්ධලියවිලි ඇතුළත් කර ඇති බවට වග බලා ගන්න. එය දෙවියන්වහන්සේගේ වචනය බැවින් එය බලයලත් ශුද්ධ ලියවිල්ල බව මතක තබා ගන්න. නිදසුනක් වශයෙන්, ඔබගේ සාක්ෂියෙන් සමන්විත විය යුත්තේ ඔබගේ පාපය හේතුකොටගෙන ඔබ දෙවියන් වහන්සේගෙන් වෙන්වී ඇති බව ඔබ දැන සිටීමයි (රෝම 3:23), ඔබට සමාව නොලැබුනේ නම් ඔබ දෙවියන්වහන්සේගෙන් සදාකාලිකව ගත කරන බවවට හාගැනීම (රෝම 6:23). දෙවියන්වහන්සේ තම එකම පරිපූර්ණ පුත් යේසුස්වහන්සේව මැරීමට සහ ඔබගේ පාපයට වන්දි ගෙවීමට යැවූ බව තේරුම් ගැනීම (රෝම 5 8), අවසානයේදී ක්‍රිස්තුස්වහන්සේ පාපයට වන්දි ගෙවීම කෙරෙහි පමණක් විශ්වාසය තැබීමෙන් ඔබට සමාව ලැබෙනු ඇත (ක්‍රියා 16:31).

නිදසුනක් වශයෙන්, මාගේ ගැලවුම්කරුවා ලෙස ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ ආකාරය පිළිබඳ මගේ සාක්ෂිය පහත දැක්වේ.

මා මිය යනවිට ස්වර්ගයට යන්නේ කෙසේද යන්න ගැන කුඩා කාලයේදී සහ යෞවනයෙකු ලෙස මම පාලකවරයෙකු සමඟ තුන් හතර වතාවක් කතා කළත්, මගේ වයස අවුරුදු 20 ගණන් වල තරුණ වියේ පසුවන තුරු මම ක්‍රිස්තුස්වහන්සේගේ සුවිශේෂය තේරුම් නොගත්තෙමි. අවුරුදු කීපයක් තුළ මම බයිබලය කියවීම, හොඳ ගතානුගතික බයිබල් ගුරුවරුන් කිහිප දෙනෙකුට රූපවාහිනියෙන් සවන්දීම සහ රැකියා ස්ථානයේ කිතුනුවන් සමඟ මා අසා ඇති දේ සාකච්ඡා කිරීම ආරම්භ කළෙමි. මේ තුළින් මට වැටහුණා මම දෙවියන්වහන්සේගෙන් වෙන්වූ පව්කාරයෙක් බවත් සදාකාලිකව දෙවියන්වහන්සේගෙන් වෙන්වීමට සුදුසු බවත්. මෙය පදනම්වී ඇත්තේ රෝම 3:23 "සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනවී සිටිති" සහ රෝම 6:23 "පාපයේ කුලිය මරණයයි." දෙවියන්වහන්සේ මට කොතරම් ප්‍රේම කරනවාද යන්නත්, උන්වහන්සේ තම පුත් යේසුස් වහන්සේ එවූ බවත්, ජේසුස්වහන්සේ විශේෂයෙන් පොළොවට පැමිණියේ මාගේ පව් උදෙසා (මුළු ලෝකයේම පව්) මිය යන ලෙසටය. එවිට මට සමාව ලැබෙනු ඇත (රෝම 5:8; යොහන් 3:16).

අන්තිමේදී මට තේරුණා මට හොඳ කෙනෙක් වෙන්නවත් ස්වර්ගයට යන්නවත් ක්‍රමයක් නැති බව. රෝම 3:10 පවසන පරිදි යහපත කරන කිසිවෙක් නැත. එපීස 2:8-10 ප්‍රකාශ කරන්නේ ගැලවීම දෙවියන්වහන්සේගේ දීමනාවක් මිස උපයාගත් දෙයක් නොවන බවත් එය ලැබෙන්නේ ඇදහිල්ලෙන් පමණක් බවත් එය විශ්වාස කිරීම හෝ සම්පූර්ණයෙන්ම රඳා පැවතීම බවත්ය. මගේ පාපයට වන්දියක් ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ මරණය, භූමදානය සහ නැවත නැඟිටීම. ශුද්ධ ලියවිල්ලෙන් මෙම සත්‍යයන් තේරුම් ගත් පසු, මගේ ගැලවීම සඳහා වැඩ කිරීමට නොහැකිවූ නිසා, එය දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යාගයක් බැවින් මට එය නැතිකර ගත නොහැකි බවට මට සහතික විය.

මට සමාව ලැබී ඇති බවත්, දෙවියන්වහන්සේ මාගේ පැත්තේ සිටින බවත්, මට අවශ්‍යදේ තවමත් අවශ්‍ය බවත් දැන සිටීම මට මහත් සහනයක් විය. ක්‍රිස්තුස්වහන්සේ සමග මාගේ ජීවිතය ආරම්භ කළදා සිට, මාගේ හදවතේ ජීවත්වන ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් උන්වහන්සේගේ වචනය හා මාගේ ජීවිතයේ උන්වහන්සේගේ ක්‍රියා තුළින් මා විශුද්ධ කළේය. ඔබගේ පව් වලට සමාවදීම සඳහා ඔබ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය තබන්නේ නම්, දෙවියන්වහන්සේගෙන් මට ඇති මෙම සමාව හා සුරක්ෂිත භාවයද ඔබට විය හැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාගේ ක්‍රිස්තියානි සාක්ෂිය බෙදා ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries