විවාහක යුවලක් වින්දනය සඳහාම පමණක් ලිංගික සම්බන්ධතාවයන් වල යෙදීම වරදක්ද?


ප්‍රශ්නය: විවාහක යුවලක් වින්දනය සඳහාම පමණක් ලිංගික සම්බන්ධතාවයන් වල යෙදීම වරදක්ද?

පිළිතුර:
ලිංගික සම්බන්ධතාවයේ මූලාරම්භය ගැන බයිබලය සෘජුව පෙන්වා දේ. දෙවියන්වහන්සේ ස්ත්‍රීය හා පුරුෂයා වශයෙන් ලිංග දෙකම මැවු සේක. එසේම කායික, චිත්තවේගය සහ අධ්‍යාත්මික සංකීර්ණභාවය ඇතුඵව මානව ලිංග ප්‍රභේදයද දෙවියන්වහන්සේගේ නිර්මාණයන් වේ. සැබවින්ම ලිංගික සම්බන්ධතාවය, මානව සංහතිය දිගටම පවත්වාගෙන යාමට ඉවහල් වන අතර, ලිංගික සම්බන්ධතාවයේ ප්‍රායෝගික අරමුණට වඩා යමක් ඒ තුළ ඇත. ලිංගික සම්බන්ධතාවය තෘප්තිමත් වන අතර, එය ඉතා පෞද්ගලික හා රහසිගත ක්‍රියාවක් මෙන්ම එමඟින් ස්වාමි පුරුෂයා හා භාය්‍ර්‍යාව අතර බැඳීමක් ඇති කරයි. සමහර අය ලිංගික සම්බන්ධතාවයේ ඇති තෘප්තිමත් භාවය ලැබීමට මහත් පරිශ්‍රමයක යෙදෙති. විවාහක යුවලක් වින්දනය සඳහා පමණක් ලිංගික සම්බන්ධතාවයේ යෙදීම වරදක්ද? එසේ නොමැතිනම් එම යුවල දරු පලයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අවස්ථා වලට පමණක් ලිංගික සම්බන්ධතාවයන්හි යෙදීම සීමා කල යුතුද?

අසභ්‍ය නිර්මාණ වල ඇති විකෘතිභාවය හා අපගේ සංස්කෘතිය තුළ ලිංගික සම්බන්ධතාවල ඇති විකෘතිභාවය ප්‍රචලිත වීම හේතුවෙන් අවංක බැතිමතුන්ද ඇතු!ඵව සමහර අය වින්දනය සඳහා පමණක් ලිංගික සම්බන්ධතාවයේ යෙදීම වැරදි බව අදහස් කරති. ඔවුන් ලිංගික ක්‍රියාවන්ගෙන් වින්දනයක් පමණක් ලැබීම වැරදි සහගත ලෙස සලකන අතර, එය දරුවන් උපදවීම සඳහා සීමා කිරීම උචිතයයි සිතන බැවින් ලිංගික සම්බන්ධතාවයට ඉඩහරින්නේ එය දරුවන් උපදවීමේ එකම ක්‍රමය වන බැවිනි. එවැනි මතයන් දේවවචනාකූල නොවේ. ලිංගික සම්බන්ධතාවය පාපයට සමාන නොවේ. එමෙන්ම වින්දනය සඳහා ලිංගික සම්බන්ධතාවයන්හි යෙදීමද එවැනිය. කාමමිථ්‍යාචාරය (දෙවියන්වහන්සේගේ නිර්වචනය අනුව විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතාවය ) වැරදි දෙයක් වන අතර විවාහය තුල ලිංගික සම්බන්ධතාවය එසේ නොවේ. විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද, විවාහ බැම්ම නොකැළැල්වද පවතීවා. මන්ද, අවකල් ක්‍රියා කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දේව විනිශ්චයට ලක් වනු ඇත. (හෙබ්‍රෙව් 13:4)

විවාහක යුවලක් වින්දනය සඳහා ලිංගික සම්බන්ධතාවයක යෙදීම, එම යුවලම චොකලට් අතුරුපසයක් එක්ව රසවිඳීමට වඩා පාපීය ක්‍රියාවක් නොවේ. එවැනි අතුරුපසයක් රසවිඳීම ගැන එතරම් ප්‍රායෝගික විය යුතු නැත. එය රස විඳින්නේ ජිවත් වීමට අවශ්‍ය ශක්තිය හෝ පෝෂණය ලබාගැනීමේ අරමුණින් නොව, එමඟින් යම්කිසි ආශ්වාදයක් ලබාගැනීමටය. එම යුවල එවැනි අතුරුපසක් සීමාවක් ඇතිව පරිභෝජනය කරන තුරු ඔවුන් එයින් ලබන ආශ්වාදයද හිතකරය. නමුත් ඔවුන් එම චොකලට් අතුරුපස ගැන තදබල ආශාවකින් හෝ කෑදරකමකින් එයම පමණක් අනුභව කරන්නේ නම් හෝ චොකලට් සොරකම් කිරීමට පෙළඹෙන්නේ නම් එවිට ගැටඵවක් ඇතිවිය හැක. නමුත් එම අතුරුපස රසවිඳීම මැහැගිය.

රාගය සහ විවාහය තුළ වින්දනය සඳහා ලිංගික සම්බන්ධතාවයන්හි යෙදීම සම්බන්ධව පරණ ගිවිසුමේ එක් පොතක දීර්ඝ වශයෙන් පෙන්වා දී ඇත. විවාහ දින රාත්‍රීයේ ඇතිවන අසාමාන්‍ය සංවේදිතාවය ලිහිල් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව සලමොන්ගේ ගීත පොතේ විස්තරාත්මකව සඳහන් වන අතර, සම්ප්‍රදායක් වශයෙන් හෙබ්‍රෙව් පිරිමි දරුවන් හට ඔවුන් වයස 12 දී පරිණත පුරුෂයන් වන තුරු එම පොත කියවීමට ඉඩ නුදුන්හ. ඉතා ශෝභන ප්‍රතිමුර්තියක් ඇති 4 වන පරිච්ඡේදය මගින් ශාන්ත භාවය සහ ප්‍රමෝධමත්භාවය පුබුදු කරයි. මෙම ක්‍රියාව දරුවකු පිළිසිඳ ගැනීම සඳහාම යුවළක් කළයුතු දෙයක් නොව, ඔවුන් එකිනෙකා හට යටත්වී, සතුටින් වින්දනයක් රසවිඳීමය. ඔවුන් එමඟින් වින්දනය සඳහා ලිංගික සම්බන්ධතාවයේ යෙදෙති.

වින්දනය සඳහා ලිංගික සම්බන්ධතාවය පිළිගැනීම සම්බන්ධව මානව සිරුරේ ජෛවය තුළින් තර්කයක් මතුවේ. සිරුරේ සමහර ස්ථාන ස්පර්ශ කිරීමේදී ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා දෙවියන්වහන්සේ අපගේ ශරීරය සැලසුම් කර ඇත. ලිංගික සම්බන්ධතාවයන් සඳහා කිසිම ආශාවක් නොමැතිව හෝ එම ක්‍රියාවේදී කිසිම සංවේදීතාවයක් නොමැතිව අපගේ සිරුර නිර්මාණය කිරීමට දෙවියන්වහන්සේට හැකියාව තිබුන මුත්, උන්වහන්සේ එසේ කළේ නැත. උන්වහන්සේ අපට ලිංගික සම්බන්ධතාවයන් වල යෙදීමට ඇති අවශ්‍යතාවය ලබා දුන්නේ හුදෙක් ප්‍රජනනය සඳහාම නොව, රසවින්දනය සඳහා පාරිතෝෂිකයක් සහ ත්‍යාගයක් ලෙසය. ලිංගික සම්බන්ධතාවය රසවින්දනයක් වීම දෙවියන්වහන්සේගේ අභිප්‍රාය වේ.

දේවවචනාකූලව විවාහක යුවලක් ලිංගික සම්බන්ධතාවයේ යෙදිය යුතු බව දැක්වේ. “එහෙත්, අනාචාරය බහුලව පවතින නිසා හැම මිනිසෙකුටම භාය්‍ර්‍යාවක්ද හැම ස්ත්‍රීයකටම ස්වාමි පුරුෂයෙකුද සිටිය යුතුය. පුරුෂයා සිය භාය්‍ර්‍යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටුකළ යුතුයි. භාය්‍ර්‍යාවද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටුකළ යුතුයි. භාය්‍ර්‍යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඇයට නොව පුරුෂයාටය. එලෙසම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඔහුට නොව භාය්‍ර්‍යාවටය. යාච්!ක්‍ඳාවේ යෙදෙන පිණිස ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කැමැත්තෙන් කලකට වෙන්වී සිටිනවා මිස, නැත්නම් වෙන්වී නොසිටිය යුතුය. එසේ වුවද, ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹවීම් වලට අසු නොවන පිණිස නැවත එක්වෙත්වා.” (1 කොරින්ති 7:3–5) මෙම පද පෙල අනුව, විවාහයකදී සාමාන්‍ය අංගයක් විය යුත්තේ පුරුෂයා සහ ස්ත්‍රීය නිතරම ලිංගික සම්බන්ධතාවයන්හි යෙදීමය. මෙහි සඳහන් වෙන්වීම යන්නෙන් අදහස් වන්නේ දරුවන් ලැබීම ප්‍රතික්‍ෂේප කිරීම නොව, ලිංගික ක්‍රියා වලින් වැළකි සිටීමය. ස්වාමිපුරුෂයා සහ භාය්‍ර්‍යාව වින්දනය සඳහා ලිංගික සම්බන්ධතාවයන්හි නොයෙදෙන්නේ නම් යම්කිසි ගැටඵ සහගත තත්වයක් එහි ඇත.

ප්‍රජනනය සඳහා හෝ වින්දනය සඳහා ලිංගික සම්බන්ධතාවය විවාහ බැඳීම සඳහා දෙවියන්වහන්සේ ලබාදෙන ත්‍යාගයකි. ලිංගික සම්බන්ධතාවයකදී ඇතිවන ආශාව සහ සතුට, දෙවියන්වහන්සේගේ මැවිල්ලක් බවත්, එම සතුට හා ආශාවන් අත්විඳීම සඳහා දෙවියන්වහන්සේ විවාහය ස්ථාපිත කළ සේක. දෙවියන්වහන්සේ අප නිර්මාණය කොට ඇත්තේ ලිංගික සම්බන්ධතාවයන් සඳහා බවත්, ඒ සඳහා උද්වේගයද ඇති කළ බවත් අප මතක නැති නොකළ යුතුය. උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ සතුටය. තමාගේ සහකරු සමඟ එම සතුට භුක්ති විඳීම වැළැක්වීමට, විවාහයෙන් පිටස්තරව ලෝකයා ගෙන එන ව්‍යාජ ලිංගික සම්බන්ධතාවයන්හි යෙදීමට පොළඹවන සාතන් සහ ඔහුගේ බොරුකාරයන්ගේ ක්‍රියා වලට අප හසුනොවිය යුතුය. දෙවියන්වහන්සේ ලබාදෙන ප්‍රීතිය, සැබෑවු තෘප්තිමත් දෙයකි. සාතන්ගේ ව්‍යාජ ප්‍රීතිය හිස්වු සහ විනාශකාරී ක්‍රියාවකි.

English
නැවතත් සිංහල මුල් පිටුවට
විවාහක යුවලක් වින්දනය සඳහාම පමණක් ලිංගික සම්බන්ධතාවයන් වල යෙදීම වරදක්ද?