settings icon
share icon
ප්‍රශ්නය

අවිවාහක යුවලක් ලිංගිකව එක් වූවහොත් ඔවුන් දෙවියන් වහන්සේගේ දෑස් හමූහයෙහි විවාහ වූවන් බවට පත්වේද?

පිළිතුර


යුවලක් "එක් මාංශයක්" බවට පත් වීමේ (උත්පත්ති 2:24) පර්යන්ත සම්පූර්ණවීම වූකලී ලිංගික සම්බන්ධතාවයන් වේ. කෙසේ නමුත් ලිංගික ක්‍රියාවලිය විවාහයට සම නොවේ. එය එසේ වූවා නම් විවාහ පූර්ව ලිංගිකත්වය යනුවෙන් හඳුන්වන්නක් නොමැති වේ – එනම් එවිට යුවලක් එක් වරක් ලිංගිකව එක් වුවහොත් ඔවුන් විවාහකයින් බවට පත්වෙති. දේව වචනයෙහි විවාහ පූර්ව ලිංගිකත්වය "වේශ්‍යයාකම" ලෙස නම් කරනු ලබයි. අනෙකුත් සියලූ ආකාරයේ ලිංගික දුරාචාරයන් හා සමගම මෙයද ශුද්ධ ලියවිල්ලෙහි පුන පුනා පරිභව කරනු ලබයි (ක්‍රියා 15:20; 1 කොරින්ති 5:1; 6:13,18:; 10;8: ගලාති 5:19; එපීස 5:3; කොලොස්සි 3:5;ත 1 තෙසලෝනික 4:3; යූද් 7). දේව වචනයෙහි පිළිගත් ධාර්මික සම්මතය ලෙස අනුබල දෙනු ලබන්නේ විවාහයට පෙර ලිංගිකත්වයෙන් වැළකී සිටිමය. විවාහයට පෙර ලිංගිකව හැසිරීම කාමමිථ්‍යාචාරය සහ අනෙකුත් සියලූ ආකාරයේ ලිංගික දුරාචාරයන් මෙන්ම සාවද්‍යය වන්නේ ඒ සියල්ලෙහිදීම තමන්ගේ භාර්‍යයාව හෝ ස්වාමි පුරුෂයා හා සමග හැරුණු කොට වෙනත් අයෙකු සමග ලිංගිකව හැසිරීම අන්තර්ගත වන හෙයිනි.

අවිවාහක යුවලක් ලිංගිකව එක් වුවහොත් එයින් අර්ථවත් වන්නේ ඔවුන් විවාහක බවද? එය එසේ බවට විශ්වාස කිරීමට කිසිඳු හේතුවක් දේව වචනයෙහි සදහන් නොකරයි. ලිංගිකව එක්වීමේ ක්‍රියාවලිය යම් මොහොතකට ඔවුන්ව ශාරිරකව එක් කරනු ලබන නමුත් ඉන් අර්ථවත් වන්නේ දෙවියන්වහන්සේ ඔවුන්ව ස්වාමි පුරුෂයා හා භාර්‍යයාව ලෙස එක් කොට ඇති බව නොවේ. ලිංගිකව එක් වීම විවාහයේ වැදගත් අංග ලක්ෂණයක් එනම් විවාහයේ ශාරිරික ක්‍රියාවලියවේ. එනමුත් අවිවාහක පුද්ගලයන් ලිංගිකව එක් වීම විවාහයට සම නොටෙවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවිවාහක යුවලක් ලිංගිකව එක් වූවහොත් ඔවුන් දෙවියන් වහන්සේගේ දෑස් හමූහයෙහි විවාහ වූවන් බවට පත්වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries