settings icon
share icon
ප්‍රශ්නය

විවහයට පෙර ලිංගික සම්බන්ධතා ගැන බයිබලය කුමක් පවසන්නේද?

පිළිතුර


වෙනත් සියලූම ආකාරයේ ලිංගික දුරාචාරිත්වයන් සේම විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීමද දේව වචනයේ නැවත නැවතත් හෙළා දකින්නේය (ක්‍රියා 15 : 20; රෝම 1 : 29; 1 කොරින්ති 5 : 1, 6 : 13, 18; 7 : 2; 10 : 8; 2 කොරින්ති 12 : 21; ගලාති 5 : 19; එපීස 5 : 3; කොලොස්සි 3 : 5; 1 තෙසලෝනික 4 : 3; යූද් 7). විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම වැළැක්වීම සඳහා බයිබලය අපට අනුබල දෙන්නේය. විවාහයට පෙර ලිංගික ඇසුර කාම මිථ්‍යාචාරය හා වෙනත් ලිංගික දූරාචාර සේම වැරදිය. ඊට හේතුව එය ඔබ විවාහවී නැති කෙනෙකු සමග ලිංගික සබඳතා ඇති කර ගැනීමට සම්බන්ධ බැවිනි. දෙවියන් වහන්සේ අනුමත කරන එකම ලිංගික සම්බන්ධතාවය වන්නේ ස්වාමි පුරුෂයා හා භාර්යාව (විවාහක) අතර ඇතිවන ලිංගික සබඳතා පමණය (හෙබ්‍රෙව් 13 : 4 ).

බොහෝ කාරණා හේතුකොටගෙන විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම අද පොදු දෙයක් බවට පත්වී තිබේ. බොහෝ අවස්ථාවන්හි “නැවත - මැවීම” යන දෘෂ්ටිය තේරුම් නොගෙන අපි “විනෝදය” යන දෘෂ්ටිය කෙරෙහි ඉලක්ක කර ගන්නෙමු. එසේය, ලිංගිකත්වය සතුට ගෙන දෙන්නේය. දෙවියන් වහන්සේ ඒ ආකාරයට සැලසුම් කර තිබේ. ලිංගික ක්‍රියාවලිය (විවාහයේ සීමාවන් තුළ) ප්‍රීතියෙන් භුක්තිවිඳීම උන් වහන්සේ අපේක්‍ෂා කරන සේක. කෙසේ වෙතත් ලිංගිකත්වයේ මූළික අභිප්‍රාය ප්‍රීතිය නොවේ. ඊට වඩා පුනර්ජනනය (බෝකිරීම) වන්නේය. විවාහයට පෙර ලිංගිකත්වය දෙවියන් වහන්සේ විසින් නීති2යන් තහනම් කඑ ඇත්තේ අපගේ සතුට අපගෙන් සොරා ගන්නා පිණිස නොවේ. අපට අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් ආරක්‍ෂා කිරීමට හා දෙමවිපියන්ට අනවශ්‍ය දරුවන් ඉපදීමන් නැතිනම් ඔවුන්ගේ ඉපදීම පිළිගැනීමට සූදානම් නැති තත්වයෙන් ආරක්‍ෂා කිරීමටය. ලිංගිකත්වය පිළිබඳ දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුගමනය කරන්නේ නම් අපගේ ලෝකය මොන තරම් යහපත් වේ දැයි සිතා බලන්න: පැතිරී යන ලිංගික රෝග අල්ප වනු ඇත. අවිවාහක මව් වරුන්ගේ සංඛ්‍යාව අඩු වනු ඇත. අනවශ්‍ය ගැබ් ගැනීම්, ගබ්සා කිරීම් වැනි දේ අඩු වනු ඇත. විවාහයට පෙර ලිංගිකත්වය ගැන කාරණයේදී දෙවියන් වහන්සේගේ එකම ප්‍රතිපත්තිය වන්නේ ඉන් වැළකී සිටීමයි. ඉන් වැලකීම ජීවිත ආරක්‍ෂා කරන්නේය. ළදරුවන් ආරක්‍ෂා කරන්නේය. ලීංගික සම්බන්ධතාවන්ට නියම වටිනාකමක් ලබා දෙන්නේය. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ දෙවියන් වහන්සේට ගෞරවය ලබා දීමය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවහයට පෙර ලිංගික සම්බන්ධතා ගැන බයිබලය කුමක් පවසන්නේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries