settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේගේ ආත්ම හත කුමක්ද?

පිළිතුර


"දෙවියන්වහන්සේගේ ආත්ම හත" එළිදරව් 1:4; 3:1; 4:5; සහ 5:6. දෙවියන්වහන්සේගේ ආත්ම හත නිශ්චිතව හඳුනාගෙන නැත, එබැවින් එය ප්‍රබන්ධ විය නොහැක. එළිදරව් 1:4 හි සඳහන් වන්නේ ආත්ම හත දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට සිටින බවය. එළිදරව් 3:1 හි සඳහන් වන්නේ යේසුස්ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ආත්ම හත "අල්ලාගෙන" ඇති බවයි. එළිදරව් 4:5 දෙවියන්වහන්සේගේ ආත්මයන් හත දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට දැවෙන පහන් හතක් සමඟ සම්බන්ධ කරයි. එළිදරව් 5:6 හඳුනාගෙන තිබෙන ආත්ම හත සමඟ බැටළුපැටවාණන්ගේ "ඇස් හත"එනම් මුළු පොළොවටම යවා තිබෙන බව.

දෙවියන්වහන්සේගේ ආත්ම හත පිළිබඳ අර්ථ නිරූපණයන් තුනක්වත් තිබේ. පළමුවැන්න නම් දෙවියන්වහන්සේගේ ආත්ම හත ශුද්ධාත් මයාණන්ගේ සංකේතවත් කිරීමයි. පරිපූර්ණත්වය සහ සම්පූර්ණ කිරීම ගැන සඳහන් කිරීමට බයිබලය සහ විශේෂයෙන් එළිදරව් පොත අංක 7 භාවිතා කරයි. "ආත්ම හතෙහි" "හත" යන්නෙහි අර්ථය එය නම්, එය යොමු දක්වන්නේ දෙවියන්වහන්සේගේ විවිධ ආත්මයන් හතක් ගැන නොව, පරිපූර්ණ හා සම්පූර්ණ ශුද්ධාත්මයාණන් වහන්සේටය. දෙවෙනි මතය නම් දෙවියන්වහන්සේගේ ආත්ම හත දේව දූතයන් හත් දෙනෙකු ගැන සඳහන් කිරීමයි, සමහරවිට සෙරාප්වරු හෝ චෙරුබ්වරුය. මෙය එළිදරව් පොතේ විස්තර කර ඇති තවත් බොහෝ දේව දූතයන් සමඟ ගැලපේ (එළිදරව් 4:6-9; 5:6-14; 19:4-5).

තුන්වන හැකියාව පදනම්වී ඇත්තේ යෙසායා 11:2, "ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු මත රැඳෙනු ඇත — ප්‍රඥාවේ සහ අවබෝධයේ ආත්මය, උපදෙස් හා බලයේ ආත්මය, දැනුමේ ආත්මය සහ දෙවියන්වහන්සේ කෙරෙහි භය (1) ස්වාමීන්වහන්සේගේ ආත්මය, (2) ප්‍රඥාවේ ආත්මය, (3) අවබෝධයේ ආත්මය, (4) උපදේශන ආත්මය, (5) බලයේ ආත්මය, (6) දැනුමේ ආත්මය, (7) සමිඳාණන්වහන්සේ කෙරෙහි ගරුබිය දක්වන ආත්මය. ආත්මයන් හත යනු කවුරුන්ද / යන්න බයිබලය අපට නිශ්චිතවම නොකියයි, නමුත් පළමු අර්ථ නිරූපණය, ඔවුන් ශුද්ධාත්මයාණන් බව බොහෝ දුරට ඉඩ තිබේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේගේ ආත්ම හත කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries