settings icon
share icon
ප්‍රශ්නය

එළිදරව් පොතේ මුද්‍රා හත හා හොරණෑ හත කුමක්ද?

පිළිතුර


මුද්‍රා හත (එළිදරව් 6:1-17, 8:1-5), හොරණෑ හත (එළිදරව් 8:6-21, 11:15-19) සහ පාත්‍ර හත (එළිදරව් 16:1-21) අවසාන කාලයේ දෙවියන් වහන්සේගේ විනිශ්චයේ පිලිවෙන් සිදුවන කාරණා තුනකි. අවසාන කාල පරිච්ඡේදය ඉදිරියට යාමත් සමග විනිශ්චයන් දරුණු හා පාළු කරන තත්වයකට පත්වේ. මුද්‍රා හත, හොරණෑ හා පාත්‍ර එකිනෙකට සම්ධන්ධවී ඇත. හත්වන මුද්‍රාව හොරණෑ හත හඳුන්වා දෙයි (එළිදරව් 8:1-5), එසේම හොරණෑ හත පාත්‍ර හත හඳුන්වා දෙයි (එළිදරව් 11:15-19, 15:1-8).

මුද්‍රා හතේ මුල් හතර හඳුන්වනු ලබන්නේ එළිදරව්වේ අසරුවන් හතර දෙනා හැටියටයි. පළමු මුද්‍රාව අන්තක්‍රිස්තුස්ව හඳුන්වා දෙයි (එළිදරව් 6:1-2). දෙවන මුද්‍රාව මහත් යුද්ධයක් ඇති කරයි (එළිදරව් 6:3-4). මුද්‍රා හතේ තුන්වැන්නෙන් හටගන්නේ සාගතය (එළිදරව් 6:5-6). හතරවැනි මුද්‍රාව වසංගත පිළිබඳවයි, ඉදිරියටත් සාගත හා ඉදිරියටත් යුද්ධ (එළිදරව් 6:7-8).

පස්වන මුද්‍රාව අපට පවසන්නේ අවසාන කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නන් වේදසාක්‍ෂිකාරයන් (ප්‍රාණත්‍යක්ත) ලෙස මැරුම් කෑම පිළිබඳව කථා කරයි (එළිදරව් 6:9-11). දෙවියන් වහන්සේ ඔවුන්ගේ හැඬීමට ඇහුම්කන් දී උන් වහන්සේගේ පොළොවෙදී ඔවුන්ව ගලවා ගනී-හයවෙනි මුද්‍රාවේ, හොරණෑ හත හා පාත්‍ර විනිශ්චයන් සමග. මුද්‍රා හතෙන් හයවෙනි එක කැඩූ විට, මහත් භුමි කම්පාවක් හටගනී, මහත් කැළඹිලි සහගත පාළු කිරීමක් සමග-අසාමාන ආශ්චර්‍යයන් ඉතා ඉහලින් සිදුවෙයි (එළිදරව් 6:12-14). බේරෙන අය මොර ගසනු ලබයි “අප පිට වැටී සිංහාසනයෙහි වැඩ ඉන්න තැනැන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත්, බැටළු පැටවාණන්ගේ උදහසින් අප සඟවා ගනිල්ලා. මක්නිසාද උන් වහන්සේගේ උදහසේ මහත් දවස පැමිණුනු බැවින් සිටින්ට පුළුවන් කාට දැයි” (එළිදරව් 6:16-17).

හොරණෑ හත පිළිබඳව එළිදරව් 8:6-21 දක්වා විස්තර කරයි. හොරණෑ හත නම් සත්වෙනි මුද්‍රාවේ සන්තුෂ්ෂියයි (එළිදරව් 8:1-5). පළමු හොරණෑව පිඹීමත් සමග ගල් වරුසාව හා ගින්නක් ඇවිත් ගස් කොල විනාශ කරන්නේය (එළිදරව් 8:7). දෙවන හොරණෑව පිඹිණ කල ගින්නක් වැනි මහත් කන්දක් වැනි දෙයක් මුහුදේ හෙලනනු ලබයි. ඉන් මුහුදේ සත්වයන් බොහෝමයක් මිය යයි (එළිදරව් 8:8-9). තුන්වැන්න දෙවැන්නට සමානයි, ඉන් බලපෑම ඇති වන්නේ ගංගා, ඇල දොල වලටයි මුහුදට නොව (එළිදරව් 8:10-11).

හොරණෑ හතෙන් සතරවැන්න කරණකොට ඉර සඳ අඳුරු වේ (එළිදරව් 8:12). පස්වැනි හොරණෑව හේතුවෙන් පළගැටි වසංගතයක් හට ගෙන ඉන් මනුෂ්‍යයන්ට පීඩා කරයි (එළිදරව් 9:11). හයවැනි හොරණෑව පිම්ඹකල බඳින ලද දූතයන් (සමුද්‍රව) මනුෂ්‍යයන් තුනෙන් පංගුවක් මරනු ලබයි (එළිදරව් 9:12-21). හත්වැනි හොරණෑව හඬ නගන කළ දෙවියන් වහන්සේගේ උදහසේ පාත්‍ර හත රැගත් දූතයන් හත්දෙනා ඉදිරියට එයි (එළිදරව් 11:15-19, 15:1-8).

පාත්‍ර හතේ විනිශ්චයන් එළිදරව් 16:1-21 හී විස්තර කරයි. පාත්‍ර හතේ විනිශ්චයට ආරාධනා කරන්නේ හත්වැනි හොරණෑවයි. පළමු මුද්‍රාව ඉතා වේදනාකාරි මනුෂ්‍යයන් මත වගුරවයි (එළිදරව් 16:2). දෙවන පාත්‍රාව මුහුදේ පණ ඇති සිතයලු දෙයට මරු කැඳවයි (එළිදරව් 16:3). තුන්වෙනි පාත්‍රාව ගංගා ලේ වලට හැරේ (එළිදරව් 16:4-7). පාත්‍රා හතෙන් හතරවැන්න සූර්යයා මත පතිතව එහි උෂ්ණත්වය වැඩි කර මහත් වේදනාවක් ඇති කරයි (එළිදරව් 16:8-9). පස්වෙනි මුද්‍රාව මහත් අන්ධකාරයක් ඇති කරන අතර පළමු පාත්‍රාවෙන් මහත් වේදනා විඳී (එළිදරව් 16:10-11). හයවැනි මුද්‍රාවේ ප්‍රතිඵලය එප්‍රාත් ගඟෙහි වතුර සිඳී යයි එසේම ආමඩැගන් යුද්ධයට අන්තක්‍රිස්තුස්ගේ හමුදාව එක් රැස්වේ (එළිදරව් 16:12-14). හත්වෙනි පාත්‍රාවේ ප්‍රතිඵලය මහත් භුමි කම්පාවක් නුවරවල් වැටීමක්ද හට ගනී (එළිදරව් 16:15-21).

එළිදරව් 16:5-7 දෙවියන් වහන්සේ පිළිබඳව කථා කරයි. “සිටින්නාවූ සිටියාවූ ශුද්ධවූ තැනැන් වහන්ස ඔබ මෙසේ විනිශ්චය කල බැවින් ඔබ ධර්මිෂ්ඨය. ඔවුන් ශුද්ධ වන්තයන්ගේද අනාගතවක්තෘ වරුන්ගේද ලේ වැගිරවූ බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්න සේක, ඒක ඔවුන්ට සුදුසු යැයි කියනවා මට ඇසුනේය. එසේය සර්වපරාක්‍රමවූ ස්විමිවූ දෙවියන් වහන්ස ඔබගේ විනිශ්චයන් සැබෑය ධර්මිෂ්ඨය.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

එළිදරව් පොතේ මුද්‍රා හත හා හොරණෑ හත කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries