settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ විසින් කුරුසියෙහි පැවසු වදන් මොනාවාද? ඒවායෙහි තේරුම කුමක්ද?

පිළිතුර


පහත සඳහන් වන්නේ යේසුස්වහන්සේ විසින් පවසනු ලැබූ අවාසාන වදන් කිහිපයයි (මේවා පිළිවෙළකට සඳහන් නොවේ).

1. මතෙව් 27:46 පවසන්නේ යේසුස්වහන්සේ නව වෙනි පැයේ දී එලෝයි එලෝයි ලමාසබත්කානී කියා මහත් හඬින් ඇඬු අතර එහි තේරුම නම් ස්වාමිනි ස්වාමිනි ඔබ මා අත්හැරියේ මන්ද යනුයි. මෙතන යේසුස් වහන්සේ සිය මුළු මහත් මිනිසුන්ගේ පාපයන් තම ශරීරයේ තබා ගෙන තිබෙන බැවින් පියාණන් වහන්සේ සිය මුහුණ සඟවා ගත් අවස්ථාවේදීය. යේසුස්වහන්සේට එම අවස්ථාවෙදී පාපයෙහි බර දැනෙන්නට ඇති අතර පියාණන් විසින් උන් වහන්සේව අත් හැරිය බව උන්වහන්සේට වැටහෙන්නට ඇතිය. මෙය යෙසායා 22:1 හි සඳහන් අනාගතවාක්‍ය සම්පූර්ණ කිරීමකි.

2. පියාණන්වහන්ස, මොවුන් නොදැන කරන වරද නිසා මොවුන්ට සමාව දෙන්න (ලූක් 23:34) යේසුස්වහන්සේව කුරුසපත් කිරීමට වැඩ සිඳු කළ මිනිසුන් යේසුස් වහන්සේ මෙසියස්වහන්සේ ලෙස පිළිනොගත්තේය. සැබෑ වූ සත්‍ය වන යේසුස්වහන්සේව ඔවුන් පිළිනොගත්ත බැවින් ඔවුන්ට සමාව ලැබුණා නොව යේසුස්වහන්සේගේ ඉතා පුදුමවූ කරුණාව කරණකොටගෙන ඔවුන් ගළවනු හා සමාව දෙනු ලැබුවා.

3. මෙන්න මම ඇත්ත කියමි, නුඹ අද මා සමඟ පාරාදීසයේ සිටිනවා ඇත (ලූක් 23:43). මෙහිදී යේසුස්වහන්සේ පිළිඹ්බු කරනු ලබන්නේ කුරුසියේදී මරණිය පාපයක් සිදු කරනු ලැබුවා වූවත් යේසුස්වහන්සේ සමඟ පාරාදීසයේ සිටීමට එදා ඒ පව්කාරයා වාසනාවන්ද වූ බවය. මෙය එම පව්කාරයාට ලැබුණේ උන් වහන්සේ තුල තිබූ අමිල වූ ඇදහිල්ල කරණකොටගෙනය (ලූක් 23:42).

4. පියාණන්වහන්ස, ඔබගේ හස්තයට මාගේ ප්‍රාණය භාර කරමි (ලූක් 23:46). මෙහිදී යේසුස්වහන්සේ සිය කැමැත්තෙන් උන්වහන්සේගේ ප්‍රාණය පියාණන් වහන්සේගේ දෑතට භාර කරන්නේ උන්වහන්සේගේ මරණය පිළිගෙන හා උන් වහන්සේගේ සැළසුම් වූ මරණය සනාථ කරමිනි. පියාණන්වහන්සේ උන් වහන්සේගේ මරණය පිළිගත් අතර උන්වහන්සේ තමන්වහන්සේව භාර කරනු ලැබුවා (හෙබ්‍රව් 9:14).

5. ස්ත්‍රිය, මෙන්න නුඹේ පුත්‍රයාය. පුත්‍රය මෙන්න නුඹේ මෑණියෝ. උන්වහන්සේ සිය දයාබර මෑණියන් සිය වඩාත් ආලය කළ ගෝලයා වූ යොහාන් හට භාර කරමින් මෙසේ පැවසු සේක. එතැන් පටන් යොහාන් මරියාව ඔහුගේ නිවසට ගෙන යන ලදී (යොහාන් 19:26-27). මෙහිදී යේසුස්වහන්සේ සිය ලෝකීය පුත්‍රයා හට තම මෑණියන් භාර දුන් සේක.

6. මට පිපාසයි (යොහාන් 19:28) මෙහිදී යේසුස්වහන්සේ අනගතවාක්‍ය ලෙස ලියවුණු ගීතාවලිය 69:21 සනාථ කරනු ලබයි. ආහාර පිණිස ඔවුහු මට තික්ත දූව්‍ය දුන්නේය, පිපාසවූ කළ කාඩි බොන්ට දුන්නෝය. මෙහිදී උන්වහන්සේ පිපාසයි කීමෙන් රෝමවරුන්ගෙන් තික්ත කාඩි ඉල්ලූ අතර ඒ තුළින් කුරුසියෙහි සිඳුවි යුතුම වන කාඩි හා අනාගතවාක්‍ය සනාථ විය.

7. සියල්ල නිමා විය (යොහාන් 19:30). මෙහිදී යේසුස්වහන්සේගේ දුක් විඳීම හා සියළු වැඩ හා පියාණන්වහන්සේගේ භාර දූර කාර්යය නිම වීම, සුභාරංචිය දේශනා කිරීම, හාස්කම් සිඳු කිරීම, හා සදාකාල ඡීවනය ලබා දීම සිඳු කළ අවසාන ලෙස එය තමා අණසක කර ගත්තේය. පාපයෙහි මිළ උන්වහන්සේ විසින් ගෙවන ලදී.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ විසින් කුරුසියෙහි පැවසු වදන් මොනාවාද? ඒවායෙහි තේරුම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries