settings icon
share icon
ප්‍රශ්නය

භාරකාරකම් සත යනු කුමක්ද?

පිළිතුර


භාරකාරකම්වාදය වූ කලී දෙවියන්වහන්සේගේ කාර්‍යය හා අරමුණ විවිධාකාර කාල පරිච්ඡේදයකට මානව වර්ගයා වෙත යොමු කරන ඉතිහාසය පරිවර්තනය කිරීමේ ක්‍රමයකි. දේවධර්මවාදීන් විසින් භාරකාරකම් නවයක් ඇති බවට විශ්වාස කරනු ලැබුවත් සාමාන්‍යයෙන් හඳුනාගත් භාරකාරකම් සතක් තිබේ. අන් සමහරුන් භාරකාරකම් තුනක් වැනි ස්වල්පයක් ඇති බවටත් තවත් සමහරුන් භාරකාරකම් තිස් හතක් වැනි බොහෝ ගණනක් ඇති බවටත් ගණනට ගනු ලබති. මෙම කෘතියෙහි අප ශුද්ධ ලියවිල්ලේ හමුවන මූලික භාරකාරකම් සතට සීමා කරමු.

පළමුවන භාරකාරකම වූ කලී අහිංසකත්වයේ භාරකාරකමය. (උත්පත්ති 1:28–30 සහ 2:15–17). මෙම භාරකාරකම තුළින් ආදම් සහ ඒව ඒදන් උයනේදී ගත කළ වකවානුව ආවරණය කරනු ලබයි. මෙම භාරකාරකමේදී දෙවියන්වහන්සේගේ ආඥාවන් වූයේ (1) දරුවන් කරණකොටගෙන පොළොව නැවත පුරවන ලෙසත් (2) පොළොව යටත් කර ගන්නා ලෙසත් (3) සත්වයන් කෙරෙහි ආධිපත්‍යය ගනු ලබන ලෙසත් (4) උයන රැකබලා ගන්නා ලෙසත් සහ (5) යහපත සහ නපුර දැන ගැනීමේ ගසෙන් ඵල අනුභව නොකරන ලෙසත්ය. අකීකරුකම කරණකොටගෙන ශාරීරක සහ ආත්මික මරණයට දඩුවම් ලබා දීම පිළිබදව දෙවියන්වහන්සේ විසින් අනතුරු අගවනු ලැබූ සේක. භාරකාරකම වැඩි කල් නොපැවතුන එකක් වූ අතර ආදම් සහ ඒවගේ තහනම් ගසෙන් ඵල අනුභව කිරීම නමැති අකීකරුකම කරණකොටගෙන උයනෙන් ඔවුන්ව නෙරපා දැමීමත් සමගම එය අවසාන විය.

දෙවන භාරකාරකම හඳුන්වනු ලබන්නේ හෘද්‍ය සාක්ෂ්‍යමය භාරකාරකම ලෙස වන අතර එය පැවතුනේ උයනෙන් ආදම්ව සහ ඒවව පිටමං කිරීමේ කාලයේ සිට මහා ජලගැල්ම දක්වා වූ කාලය තෙක් වසර 1,656 ක් පමණය (උත්පත්ති 3:8-8:22). මෙම භාරකාරකම මගින් විදහා දක්වනු ලබන්නේ පාපිෂ්ඨ ස්වභාවයෙන් දූෂිත වූ හෘද්‍ය සාක්ෂ්‍යයට සහ තමන්ගේ කැමැත්තට ඉඩ දුනහොත් මනුෂ්‍යය සංහතිය විසින් කුමක් කරනු ලබයිද යන්නය. මෙම භාරකාරකමේ ප්‍රධාන ලක්ෂණ 5 නම් 1) සර්පයා කෙරෙහි ශාපය 2) ස්ත්‍රීභාවයේ සහ දරු ප්‍රසූතියේ වූ වෙනස්කම් 3) ස්වභාවධර්මයා කෙරෙහි වූ ශාපය 4) ආහාර නිපදවීම උදෙසා මනුෂ්‍යය සංහතියට පැවරූ කාර්‍යය සහ 5) සර්පයාගේ (සාතන්ගේ) හිස පොඩි කිරීම පිණිස ක්‍රිස්තුස්වහන්සේ නමැති බීජය පිළිබද පොරොන්දුවය.

තෙවන භාරකාරකම වනාහී මනුෂ්‍යය ආණ්ඩුකිරීම වන අතර මෙය ආරම්භ වූයේ උත්පත්ති 8 හිය. දෙවියන්වහන්සේ විසින් ජලගැල්ම තුළින් ජීවය මේ පොළොවෙන් පහ කරනු ලැබ මනුෂ්‍යය වර්ගයා නැවත ආරම්භ කරනු වස් එක් පවුලක් පමණක් ඉතිරි කරනු ලැබූ සේක. දෙවියන්වහන්සේ විසින් පහත සදහන් පොරොන්දු නෝවාට සහ ඔහුගේ පවුලට දෙනු ලැබූ සේක:

1. දෙවියන්වහන්සේ විසින් නැවත පොළොවට ශාප කරනු නොලබන සේක.

2. නෝවා සහ ඔහුගේ පවුල විසින් නැවත මේ පොළොව පුරවනු ලබති.

3. මවනු ලැබූ සත්වයන් කෙරෙහි ඔවුන්ට ආධිපත්‍යය තිබෙනු ඇත.

4. මාංශ අනුභව කිරීමට ඔවුන්ට අවසර දී ඇත.

5. මරණ දණ්ඩන නීතිය ස්ථාපිත කර ඇත.

6. කිසිවිටක ලොව මුළුල්ලෙහි ජල ගැල්මක් ඇති නොවනු ඇත.

7. දෙවියන්වහන්සේ පොරොන්දුවේ ලකුණ නම් දේදුන්න වනු ඇත.

නෝවාගේ පරම්පරාව දෙවියන්වහන්සේ විසින් අණ කරනු ලැබූ පරිදි පෘථිවිය තුළ විසිරුනු නොමැති අතර මෙම භාරකාරත්වය තුළ තමන්ගේ වගකීම කෙරෙහි අසමත් වියග මහා ජලගැල්මට වසර 325 කට පමණ පසු මෙම පොළෝවාසීන් කුළුණක් එනම් ඔවුන්ගේ සමූහත්වය සහ අහංකාරය වෙනුවෙන් වූ විශාල ස්මාරකයක් ගොඩනැගීම ආරම්භ කළහ (උත්පත්ති 11:7–9). දෙවියන්වහන්සේ විසින් එම ගොඩ නැගීමේ ක්‍රියාවලිය ඇණහිටුවන ලද්දේ විවිධ භාෂා නිර්මාණය කිරීමෙන් මෙම පොළොව සම්පූර්ණ කිරීම පිණිස උන්වහන්සේගේ ආඥාව බලයෙන් ක්‍රියාත්මක කිරීම තුළිනි. එහි ප්‍රතිඵලයක් වූයේ විවිධ ජාතීන් සහ සංස්කෘතීන්ගේ පිබීදීමය. එතැන් පටන් මානව ආණ්ඩු කිරීම යථාර්ථයක් විය.

පොරොන්දුවේ භාරකාරකම ලෙස හඳුන්වනු ලබන සතරවන භාරකාරකමෙහි ආරම්භය වූයේ ආබ්‍රහම්ගේ කැදවීමත් හා සමග වන අතර එය පීතෘ මූලිකයන්ගේ ජීවිත හරහා ගමන් කළ අතරම අවසාන වූයේ වසර 430 ක පමණ කාලයක් තුළ ඊජිප්තු දේශයේ සිට යුදෙව් සෙනගගේ නික්මයාමත් හා සමගය. මෙම භාරකාරකම තුළ උන්වහන්සේගේ සෙනග ලෙස තෝරාපත් කර ගනු ලැබූ මහත් ජාතියක් දෙවියන්වහන්සේ විසින් වර්ධනය කරනු ලැබූ සේක (උත්පත්ති 12:1ජ- නික්මයාම 19:25).

පොරොන්දුවේ භාරකාරකම තුළ මූලික පොරොන්දුව වූයේ ආබ්‍රහම්ගේ ගිවිසුමය. මෙම කොන්දේසි විරහිත ගිවිසුමෙහි ප්‍රධානතම කරුණු කිහිපයක් පහත දැක්වේ:

1. දෙවියන්වහන්සේ විසින් ස්වභාවිකව සහ ආත්මික සෞභාග්‍යයෙන් ආශිර්වාද කරනු ලබන මහත් ජාතියක් ආබ්‍රහම් තුළින් බිහිවනු ලබනු ඇත.

2. දෙවියන්වහන්සේ විසින් ආබ්‍රහම්ගේ නාමය උසස් කරනු ලබන සේක.

3. දෙවියන්වහන්සේ විසින් ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ට ආශිර්වාද කරනු ලබන අතර ඔවුන්ට ශාප කරන්නන්ට උන්වහන්සේ විසින් ශාප කරනු ලබන සේක.

4. ආබ්‍රහම් තුළින් පොළොවේ සියලූ පවුල් වලට ආශිර්වාද කරනු ලබනු ඇත. මෙය යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගැළවීමේ කාර්‍යය තුළින් ඉෂ්ට විණි.

5. ගිවිසුමෙහි ලකුණ නම් චර්මඡේදනයවේ.

6. ඊසාක්ට සහ යාකොබ්ටත් පුනරුච්ඡාරණය වූ මෙම ගිවිසුම හෙබ්‍රව් ජාතියට සහ ඉශ්‍රායලෙහි ගෝත්‍ර 12 ට සීමා වුණි.

පස්වන භාරකාරකම හඳුන්වනු ලබන්නේ ව්‍යවස්ථාවේ භාරකාරකම ලෙසය. එය නික්මයාමෙහි සිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තෙක් එහි අත්හිටුවනු ලැබීම දක්වා වසර 1500 ක් පමණ පැවතිනි. මෙම භාරකාරකම සහස්‍රවර්ෂය තුළත් දිගටම පැවත එනු ලබන්නේ ඇතැම් වෙනස්කම් හා සමගය. ව්‍යවස්ථාවේ භාරකාරකම තුළ දෙවියන්වහන්සේ විසින් නිරූපිත වශයෙන්ම යුදෙව් ජනතාව සමග නික්මයාම 19-23 දක්වා හමුවන මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොහොත් ව්‍යවස්ථාව කරණකොටගෙන කටයුතු කරනු ලැබූ සේක. මෙම භාරකාරකම තුළ අන්තර්ගත වූයේ පූජකයන් විසින් දේවමාලිගය තුළ සෘජු නමස්කාරය මෙන්ම දෙවියන්වහන්සේ මුවකඩයන් වූ අනාගතවක්තෘන් විසින් තවදුරටත් කථා කරනු ලැබූ නියෝගයන් තුළිනි. අවසානයේදී ගිවිසුම කෙරෙහි මනුෂ්‍යයාගේ අකීකරුකම හේතුකොටගෙන ඉශ්‍රායෙල් ගෝත්‍රයන්ට පොරොන්දු දේශය අහිමි වූ අතර වහල්භාවයට යටත් වූහ.

සයවන භාරකාරකම එනම් අප දැන් ජීවත් වනු ලබන දෙය වූ කරුණාවේ භාරකාරමය. එය ආරම්භ කරනු ලැබූයේ ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය නමැති නව ගිවිසුමෙනි (ලුක් 22:20) මෙම කරුණාවේ වකවානුව නොහොත් සභා වකවානුව හටගනු ලබන්නේ දානියෙල් 9:24 හී සදහන් වන 69 වන සහ 70 වන සතියෙහිය. එය ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් ආරමිභවී අවසාන වනු ලබන්නේ සභාවෙහි ඔසවා ගැනීමේදීය. (1 තෙසලෝනික 4) මෙම භාරකාරකම ලෝක ව්‍යාප්ත වූවක් වන අතර යුදෙව්වන් මෙන්ම අන්‍යජාතීන්ද අන්තර්ගතවේ. කරුණාවේ භාරකාරම තුළ මිනිසගේ වගකීම වනාහී දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරනු ලැබීමය (යොහාන් 3:18). මෙම භාරකාරකමේදී ශුද්ධාත්මයාණන්වහන්සේ සැනසිලිදායකයාණන් ලෙස ඇදහිලිවන්තයින් තුළ වාසය කරනු ලබන සේක (යොහාන් 14:16–26). මෙම භාරකාරකම වසර 2000 කට අධික කාලයක් තුළ පැවතුණු අතර එහි අවසානය පිළිබදව කිසිවකු නොදනීයි. අප දන්නා කරුණක් නම් එය අවසාන වන්නේ මෙම පොළොටවේ සිට ක්‍රිස්තුස්වහන්සේ හා සමග ස්වර්ගයට යෑම පිණිස සියලූම නැවත උත්පාදනය ලැබූ ඇදහිලිවන්තයන්ගේ ඔසවා ගැනීමත් හා සමගය. ඔසවා ගැනීමට පසුව පැමිණෙනු ලබන්නේ වසර 7 ක් පුරාවට පැවතෙන දෙවියන්වහන්සේගේ විනිශ්චයයි.

සත්වන භාරකාරකම හඳුන්වනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සහස්‍ර වාර්ෂික දේවරාජ්‍යය ලෙස වන අතර ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේම මෙම පොළොව ආණ්ඩු කරනු ලබන වසර 1000 ක කාලයක් තුළ පවතිනු ඇත. මෙම දේවරාජ්‍යය මගින් යුදෙව් ජනතාවට ඉටු කරනු ලබන අනාගතවාක්‍යය නම් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණ ඔවුන්ගේ රජ ලෙස ක්‍රියා කරනු ලබන බවය. එම දේවරාජ්‍යය තුළට ඇතුළු වීමට අවසර ලබනු එකම පුද්ගලයින් වන්නේ කරුණාවේ වකවානුවෙහි නැවත උත්පාදනය ලැබූ ඇදහිලිවන්තයන් සහ සත් අවුරුදු පීඩා කාලය තුළින් ඉතිරිව සිටින්නාවූ ධර්මිෂ්ඨ අයවේ. ගැළවීම නොලැබුවාවූ කිසිවකුට දේවරාජ්‍යය තුළට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇත. 6 වසර 1000 කාලය තුළ සාතන්ව බදිනු ලබනු ඇත. මෙම කාලය අවසාන වනු ලබන්නේ අවසාන විනිශ්චයෙනි (එළිදරව් 20:11–14). පැරණි ලෝකය ගින්නෙන් විනාශ වී එළිදරව් 21 සහ 22 හි සදහන් වන නව ස්වර්ගයක් සහ නව පොළොවක් බිහි වනු ඇත.

English


නැවතත් සිංහල මුල් පිටුවට
භාරකාරකම් සත යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries