settings icon
share icon
ප්‍රශ්නය

එළිදරව් පොතේ ඇති සභා සත යනු කුමක්ද?

පිළිතුර


ප්‍රේරිත වූ යොහාන් එළිදරව් පොත ලියන විට ඔහු සභා සත විස්තර කර තිබෙනවා (එළිදරව් 2-3) හි ඒවා සාම්ප්‍රධායික සභා සතක් ලෙස. ඒවා සාම්ප්‍රදායික සභාවල් වූවත් එම කාලයේදී අදටත් සභාවලට හා ඇදහිලිවන්තයන්ට ආත්මික වැදගත් කමක් තිබෙනවා. එම ලිපිය ලිවීමේ පළමුවන බලාපොරොත්තුව වූයේ, එම සාමිප්‍රධායික සභා සමඟ සංනිවේදනය කිරීම කරන්නට හා එම කාලයේදී එහි තිබුණු අවශ්‍යතා හඳුනා ගැනීමට. දෙවන බලාපොරොත්තුව වූයේ ඉතිහාසය පුරා තිබූ විවිධ ආකාර වූ සභා සතක් එළිදරව් කිරීමට හා දෙවියන්වහන්සේගේ සත්‍යතාවය තුළ ඔවුන්ට උගන්වන්නට.

තුන්වන බලාපොරොත්තුව වූයේ සභා ඉතිහාසය තුළ තිබූ විවිධ කාලවල් පුරෝථනය කිරීමට එම සභා සත පාවිච්චි කරන්නට මෙම මතය සමඟ තිබූ ගැටළුව වන්නේ එම එක් එක් සභා සත, සභා ඉතිහාසය තුළ ඕනෑම කාලයක ගැටළු විස්තර කරයි. එසේ වූවද යුග හතක් නියෝජනය කරන සභා හතට යම් සත්‍යක් තිබිය හැක, මෙම සම්බන්ධයෙන් බොහෝ දුරට සමපේක්ෂන පවතී. අපගේ අවදානය විය යුත්තේ සභා සත හරහා දෙවියන්වහන්සේ ලබා දෙන පණිවිඩය පිළිබඳවයි. එම සභා සතවන්නේ,

1) එපීසයෙ හි සභාව (එළිදරව් 2:1-7)-තමාගේ පලමු ප්‍රේමය අත් හැර දැමූ සභාව (2:4)

2) ස්මර්ණයෙ හි සභාව (එළිදරව් 2:8:-11)-පීඩා විඳින්නාවූ සභාව (2:10)

3) පර්ගමම් හි සභාව (එළිදරව් 2:12-17)-පසුතැවීමට අවශ්‍ය වූ සභාව (2:16)

4)තියාතීරාවෙ හි සභාව (එළිදරව් 2:18-29)-බොරු අනාගතවතෘවරියන් සිටි සභාව (2:20)

5) සර්දිස් හි සභාව (එළිදරව් 3:1-6)-නින්දට වැටී තිබූ සභාව (3:2)

6) පිලදෙල්පියාවෙ හි සභාව (එළිදරව් 3:7-13)-ඉවසිලිවන්තව විඳ දරා ගත් සභාව (3:10)

7) ලවොදිකයෙ හි සභාව (එළිදරව් 3:14-22)-ඇල්මැරුනු ඇදහිල්ලක් සහිත සභාව (3:16)

English



නැවතත් සිංහල මුල් පිටුවට

එළිදරව් පොතේ ඇති සභා සත යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries