settings icon
share icon
ප්‍රශ්නය

මම දෙවියන්වහන්සේට සේවය කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

පිළිතුර


අප දෙවියන්වහන්සේට සේවය කළ යුතුයි යන කාරණය ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලිව පෙනේ (ලූක් 4:8). අපට දෙවියන්වහන්සේට සේවය කිරීමට අවශ්‍ය වන්නේ ඇයිද? යන්න වඩාත් දුෂ්කර ප්‍රශ්ණයකි. දෙවියන් වහන්සේට සේවය කිරීම සඳහා අසන සෑම කිතුනුවකුටම වෙනස් හේතුවක් තිබිය හැක. විවිධ පූද්ගලයින් විවිධ දේවල් වලින් පෙළඹවීම ලබන්නට ඇත. කෙසේ වෙතත් පුද්ගලයෙකු දෙවියන් වහන්සේ සමඟ සැබෑ සම්බන්ධතාවයක සිටින විට, ඔහු දෙවියන්වහන්සේට සේවය කරන බව බයිබලය පැහැදිලි කරයි. දෙවියන්වහන්සේව හදුනන බැවින් එතුමන්ට සේවය කිරීමට අපට අවශ්‍ය විය යුතුය, මන්ද උන්වහන්සේව දැන හදුනා ගැනීම සහජයෙන්ම උන්වහන්සේට සේවය කිරීමට ඇති ආශාවයි.

අපව උන්වහන්සේගේ පුත් යේසුස්වහන්සේ හා සමාන කිරීම සෑම විටම දෙවියන්වහන්සේගේ අභිප්‍රායයි (රෝම 8:29).අප යේසුස්වහන්සේගේ ජීවිතය දෙස බලන විට, එතුමාණන් සේවකයෙකු බව ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. යේසුස්වහන්සේගේ මුළු ජීවිතයම කේන්ද්‍රගත වූයේ දෙවියන්වහන්සේට සේවය කිරීම, එනම් ඉගැන්විම, සුව කිරීම සහ රාජ්‍ය ප්‍රකාශ කිරීම වේ (මතෙව් 4:23). එතුමාණන් පැමිණියේ "සේවය ලබන්නට නොව සේවය කරන්නටය" (මතෙව් 20:28). යේසුස්වහන්සේව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී ගෝලයන්ගේ පාද සෝදා, එකිනෙකාට සේවය කිරීමේ අවසාන ඉගැන්වීමත් ඔවුන් හට ලබා දුනි. "මා ඔබ වෙනුවෙන් කළාක් මෙන් ඔබත් කළ යුතු බවට මම ඔබට ආදර්ශයක් දෙමි" (යොහාන් 13:12-17 බලන්න). ඉතින් යේසුස් වහන්සේ යනු සේවය නම්, දෙවියන්වහන්සේ අපව උන්වහන්සේට සමාන කර ගැනිමට කැමති නම්, අප සියල්ලන්ම සේවය කිරීමද විය යුතු බව පැහැදිලිය.

අව්‍යාජ සේවය ප්‍රේමයෙන් වෙන් කළ නොහැකිය. දෙවියන්වහන්සේට සේවය කිරීමේ වේතනාවෙන් අපට යා හැකි නමුත්, අපගේ හදවත් එහි නොමැති නම්, අපට අභිප්‍රාය මඟ හැරී යනු ඇත. පළමු කොරින්ති 13 පැහැදිලි කරන්නේ අපගේ සේවය ප්‍රේමයට මුල් බැස ඇත්නම් මිස එය අර්ථ විරහිත බවය. දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම හැරුණු කොට, වගකීමක් හෝ යුතුකමක් පිළිබඳ හැඟීමකින් දෙවියන්වහන්සේට සේවය කිරිම, උන්වහන්සේ කැමති දේ නොවේ. දෙවියන්වහන්සේට සේවය කිරීම මුලින්ම අපට ප්‍රේම කළ තැනන් වහන්සේට අපගේ ස්වභාවික, ප්‍රේමයෙන් පිරුණු ප්‍රතිචාරයක් විය යුතුය (1 යොහාන් 4:9-11 බලන්න).

ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන, දෙවියන්වහන්සේ අතර සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් සේවයේ පූජාවක් ඇති වන්නේ කෙසේද යන්නට ප්‍රේරිත පාවුල් විශිෂ්ට උදාහරණයකි. තමාගේ හැරීමට ප්‍රථම පාවුල් දෙවියන්වහන්සේට කරන සේවයක් යයි සිතා ඇදහිලිවතුන්ට පීඩා කරමින් ඔවුන් මරා දමනු ලැබුවා. නමුත් දමස්කයට යන ගමනේදී යේසුස් වහන්සේව මුණ ගැසුණ විගසම, යේසුස්වහන්සේගේ ශුභාරංචිය පතළ කරමින්, දෙවියන්වහන්සේට සැබවින්ම සේවය කිරීම සඳහා තම ජීවිතයේ ඉතිරි කාලය කැප කළේය (ක්‍රියා 9:20 බලන්න). 1 තිමොති 1:12-14 පාවුල් මෙම පරිවර්තනය ගැන විස්තර කරයි. "මට ශක්තිය දුන් අපගේ ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා, එතුමන් මාව විශ්වාසවන්තයි කියා සිතමින් මා එතුමන්ගේ සේවයට පත් කිරීම ගැන. මන්ද මා වරක් අපහාස කරන්නෙකු, පීඩා කරන්නෙකු හා ප්‍රචණ්ඩකාරී මිනිසෙකු වුවද, මා නොදැනුවත්කමින් හා අවිශවාසයෙන් ක්‍රියා කළ නිසා මට දයාව ලැබූණි. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල හා ප්‍රේමය සමඟ අපගේ ස්වාමින්වහන්සේගේ කරුණාව මා කෙරෙහි බහුල ලෙස වගුරුවනු ලැබීය". දෙවියන්වහන්සේ තමාට දී ඇති ප්‍රේම ය සහ කරුණාව ගැන පාවුල්තුමා දැනගත් පසු, ඔහුගේ ප්‍රතිචාරය වූයේ දෙවියන්වහන්සේට සේවය කිරීමය.

අපගේ සේවය සඳහා බයිබලය පෙළඹවීම් කිහිපයක් ඉදිරිපත් කරයි. "අපට දෙවියන් වහන්සේට සේවය කිටීමට අවශ්‍ය වන්නේ "අපට සොලවන්නට නොහැකි රාජ්‍යයක් ලැබෙන නිසා" (හෙබ්‍රෙව් 12:28), අපගේ සේවය "ස්වාමින් වහන්සේගේ සෙනඟගේ අවශ්‍යතා" සපයන නිසා (2 කොරින්ති 9:12), සහ අපගේ සේවය අපගේ ඇදහිල්ල සනාථ කරන බැවිනි (2 කොරින්ති 9:13). දෙවියන්වහන්සේ අපගේ ප්‍රේමයේ ශ්‍රමය දැක විපාක දෙන නිසාය (හෙබ්‍රෙව් 6:10). මේ සෑම දෙයක්ම දෙවියන්වහන්සේට සේවය කිරීමට හොඳ හේතුවකි. අපට ලබා දිය හැක්කේ අපට මුලින්ම ලැබුණ දේ පමණි. අපට දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමට හා සේවය කිරීමට හැකි හේතුව නම්, උන්වහන්සේ මුලින් අපට ප්‍රේම කර සේවය කළේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය. අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳව, අප දැනුවත්ව හා අත්විඳින තරමට, උන්වහන්සේට සේවය කිරීමෙන් ප්‍රේමයෙන් ප්‍රතිවාර දැක්වීමට වැඩි ඉඩක් ඇත. ඔබට දෙවියන්වහන්සේට සේවය කිරීමට අවශ්‍ය නම්, ප්‍රධාන දෙය නම් උන්වහන්සේව දැන හදුනා ගැනීමයි. දෙවියන්වහන්සේ ගෙන් වැඩි යමක් එළදරව් වීමට ශුද්ධාත්මයාණන් වහන්සේ ඉල්ලන්න (යොහාන් 16:13). ප්‍රේමය නම් දෙවියන්වහන්සේව අප සැබවින්ම දන්නා විට (1 යොහාන් 4:8). අපගේ ස්වාභාවික ප්‍රතිචාරය නම් එතුමන්ට ප්‍රේම කිරීමට හා එතුමන්ට සේවය කිරීමට ඇතිවන ආශාව වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම දෙවියන්වහන්සේට සේවය කිරීම අවශ්‍ය වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries