settings icon
share icon
ප්‍රශ්නය

නිරය යනු දෙවියන්වහන්සේගෙන් සදාකාලයටම වෙන්වීම යන්නෙහි තේරුම කුමක්ද?

පිළිතුර


කායික මරණින් පසුව මනුෂ්‍ය ආත්මයට අයත්වන ස්ථාන විය හැක්කේ ස්වර්ගය හෝ නිරය බව දේව වචනයේ පැහැදිලිව සදහන්වේ. (මතෙව් 25:34, 41, 46, ලුක් 16:22-23) සදාතන ජීවනය අත් කර ගත හැකි වන්නේ ධර්මිෂ්ඨයන් හට පමණක් වන අතර, දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයන් වීමට හැකි එකම මාර්ගය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්තානය ගැන විශ්වාස කිරීමය. (යොහාන් 3:16-18 ,රෝම 10:9) ධර්මිෂ්ඨයන්ගේ ආත්ම, දෙවියන්වහන්සේගේ අභිමුඛයට එක එල්ලේම පැමිණේ (ලුක් 23:43, 2 කොරින්ති 5:8, පිලිප්පි 1:23).

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරු ලෙස පිලි නොගන්නා සියල්ලන් හට මරණය යනු සදාතන දඩුවටම ලක්විමය. (2 තෙසලෝනික 1:8-9) මෙම දඩුවම නොයෙක් අයුරින් විස්තර කර ඇත. උදාහරණයක් වශයෙන් එය ගිනි විලකි. (ලුක් 16:24, එලිදරව් 20:14-15) පිටත අන්ධකාරය වේ.(මතෙව් 8 :12) එසේම එය හිර ගෙදරකි.(1 ප්‍රේත්‍රැස් 3:19), මෙම දඞුවම දෙන ස්ථාන සදාකාලිකය (යුද් 1:13, මතෙව් 25:46) මරණයෙන් පසුව මනුෂ්‍යයන්ට පසුතැවිලි වීමට නැවත අවස්ථාවක් ලැබෙන බවට ඇති මතය සනාථ කිරීමට දේව වචනයේ කිසිම ඉඩක් නැත. හෙබ්‍රෙව් 9:27 මගින් පැහැදිලිව පෙන්වා දෙනුයේ සෑම දෙනාම කායිකව මරණයට පත් වන බවත් ඉන්පසුව විනිශ්චය පැමිණෙන බවත්ය .කිතුනුවන් දැනටමත් විනිශ්චයට ලක්ව දඞුවමට පත්ව ඇත. යේසුස්වහන්සේ එම දඩුවම තමන් පිටට ගත්සේක. අප උන්වහන්සේ ගැන විශ්වාස කල විට අපගේ පාප උන්වහන්සේ භාර ගන්නා අතර උන්වහන්සේගේ ධර්මිෂ්ඨ කම සතු වනු ඇත. උන්වහන්සේ අපගේ පාපයන් එලෙසින්ම භාරගත් බැවින් කිසි දිනක අප උන්වහන්සේගෙන් වෙන්වේයයි බියක් අප තුල ඇති කරගතයුතු නොවේ. (රෝම 8:29–30) නොඇදහිලිවන්තයන් සම්බන්දව විනිශ්චය තවම සිදු කර නැත.

2 තෙසලෝනික 1:8-9 පද වල මෙසේ සඳහන්වේ. "දෙවියන්වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ යේසුස් ස්වාමින්වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන්වහන්සේ දඞුවම් කරන සේක. ඔව්හු ස්වාමින් වහන්සේගේ අභිමුඛයෙන්ද, උන්වහන්සේගේ තේජාන්විත ප්‍රතාප යෙන්ද ඉවත් කරන් ලැබ ලැබ, සදාකල විනාශයේ දඞුවම විඳින්නෝය" නිරයේ ඇති අවාසනාවන්ත තත්වය වනුයේ කායික වද වේදනා පමනක් නොව, ප්‍රීතිය ගෙන දෙන සෑම මාර්ගයක්ම අහිමි වීමය. සෑම යහපත් දෙයකම මූලාශ්‍රය දෙවියන් වහන්සේය. (යාකොඛ් 1:17) දෙවියන්වහන්සේගෙන් වෙන්වීම යනු යහපත්යයි සැලකෙන සෑම දෙයක්ම අහිමිවීමට ලක්වීමය. නිරය යනු සදාතනික පාපය ඇති ස්ථාන වන අතර, එහි දුක්විඳින සියල්ලන්ටම පාපයේ භයංකාර කම ගැන මනා අවභෝධයක් ලැබෙනු ඇත. එහිදී නොකඩවාම දැඩි කණස්සල්ල වරදකාරත්වය සහ ලජ්ජාව ඇතිවේ. නමුත් ඔවුන්ගේ වරදවල් වෙනුවෙන් එම දඞුවම් සාධාරණය.

"මනුෂ්‍යයාගේ යහපත්කම" සම්බන්ධව රැවටිල්ලක් නොමැත. දෙවියන් වහන්සේගෙන් වෙන්විම යනු සදාකාල අන්ධකාරයේ සිටීම (1යොහාන් 1:5) ප්‍රේමය (1යොහාන් 4:8) ප්‍රීතිය (මතෙව් 25:23) සහ සමාදානය (එපීස 2:14) අහිමිවීමය .එසේ වන්නේ දෙවියන්වහන්සේ සෑම යහපත් දෙයකම මූලාශ්‍රය වන බැවිනි. මිනිස් කම තුල අපට පිලිබිබුවන සෑම යහපතක් වනාහී දෙවියන් වහන්සේගේ ගුණාංගයක් වන අතර අප සියළු දෙනාම මවනු ලැබුවේ එතුමන්ගේ ස්වරුපයෙන්ය. (උත්පත්ති 1:27) දෙවියන්වහන්සේගේ ශුධාත්මය මගින් පුනර්ජීවනය ලැබු සියළු ආත්මයන් දෙවියන්වහන්සේ සමග සදාකාලයටම පරිපූර්ණ තත්වයෙන් වැජඹෙනු ඇත. (1යොහාන් 3:2)එමෙන්ම නිරයේ සිටින අයට අත්වන්නේ ඊට ප්‍රතිවිරුධ තත්වයකි. එවැන්නන් තුල දෙවියන්වහන්සේගේ කිසිම ධර්මිෂ්ඨ කමක් පවතින්නේ නැත. මෙලොව ජීවත් වන ඔවුන් සිදු කල යහපත් යයි සිතන ක්‍රියාවන්, ආත්මාර්තකාමිත්වය, තෘෂ්ණාව සහ ගැතිකම් කිරීම පෙන්නුම් කෙරේ. (යෙසායා 64:6) යහපත් කම ගැන මනුෂ්‍යාගේ හැගීම්, දෙවියන්වහන්සේගේ පරිපුර්ණ යහපත් කම සමග සලකා බලන කල එහි බොහෝ අඩුපාඩු ඇති බව පෙනේ. නිරයේ සිටින අය දෙවියන්වහන්සේගේ පව් කමාව අත්විදීමට හෝ උන්වහන්සේ සමග සහභාගීත්වය ලැබීම සදහටම අහිමි කර ගෙන ඇත. අවසාන දඞුවම වනුයේ දෙවියන්වහන්සේගෙන් සදහටම වෙන් වීමය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිරය යනු දෙවියන්වහන්සේගෙන් සදාකාලයටම වෙන්වීම යන්නෙහි තේරුම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries