settings icon
share icon
ප්‍රශ්නය

ඔබගේ ප්‍රාණය යක්ෂයාට විකිණීමය පුළුවන්ද?

පිළිතුර


මනුෂ්‍යයෙක් යක්ෂයාත් සමඟ ගනුදෙනුවක් ඇති කර ගැනීම යන වෛද්‍ය ෆෝස්ටස්ගේ මනහ්කල්පිත කෘතියෙහි, එක්තරා මනුෂ්‍යයෙක් තම ශරීරය සහ ප්‍රාණය යක්ෂයාත් සමඟ හුවමාරු කර අවුරුදු 24 කට අධිස්වභාවික බලය සහ සිය කැමැත්ත කිරීමට බලය ලබා ගත්තේය. යක්ෂයා මෙම ගනුදෙනුවට එකඟ වෙයි. වෛද්‍ය ෆෝස්ටස්, සීමිත කලකට සිය කැමැත්තෙන් තම ආශාවන් භුක්ති වින්දේය, නමුත් ඔහුගේ ඉරණම තදබද විය. වසර 24 අවසානයේදි, ෆෝස්ටස් යක්ෂයාගේ සැලසුම් නිෂ්ප්‍රභ කිරීමට තැත් කළේය නමුත් ඔහුට භයානක මරණයකට මුහුණදීමට සිදුවිය. මෙම කෘතිය සදාචාරාත්මක කථාවක් ලෙස සහ පාපයේ කුලිය ගැන රූපකයක් පෙන්නුම් කළ නමුත් මෙම කථාවේ කථා වස්තුව බයිබලිය එකක් නොවේ.

මනුෂ්‍යයෙක් යක්ෂයාට තම ප්‍රාණය විකිණීමේ අවස්ථාවක් ගැන බයිබලයේ සඳහන්වී නැත. යක්ෂයා සමඟ ගිවිසුම් ඇති කිරීමටද බයිබලයේ සඳහන්වී නැත. යක්ෂයා ගැන බයිබලයේ සඳහන් වී ඇත්තේ කුමක්දැයි බලමු.

1) යක්ෂයාට, දේවදූතයන්ට විරුද්ධව නැගී සිටීමට බලය තිබේ. (යූද් 9, දානියෙල් 10:12-13)

2) යක්ෂයා, ආලෝකයේ දූතයෙක් ලෙස වෙස්ගන්වා මනුෂ්‍යයා මුළා කරයි. (2 කොරින්ති 11:14-15)

3) යක්ෂයාගේ පහරදීම් වලින් ආරක්ෂා වීමට දෙවියන්වහන්සේ අපට මාධ්‍යයන් ලබා දී තිබේ. (එපීස 6: 11-12)

4) දෙවියන්වහන්සේගේ කැමැත්ත තුළින් යක්ෂයාගේ බලය සීමිත වේ. (යෝබ් 1:10-12, 1 කොරින්ති 10:13)

5) ලෝකයේ දෙවියා වන යක්ෂයාට, ක්‍රිස්තුස් නොමැතිව ජීවත්වන පුද්ගලයන් කෙරෙහි ආධිපත්‍යය තිබේ. (2 කොරින්ති 4:4)

ක්‍රියා 16:16-19හි සඳහන් ලෙසට පිලිප්පියේ සිටි පේන කියන්නාවු තරුණිය මෙන් සම්පූර්ණයෙන් යක්ෂයාගේ පාලනයේ සිටින පුද්ගලයන්ද අනිවාර්යයෙන් සිටියි. එලෙසම යක්ෂයාට, තමාවම කැප කළ පුද්ගලයන්ද සිටියි. උදා: මායාකාර සීමොන් (ක්‍රියා 8:9-10), එලිමස් (ක්‍රියා 13:8). කෙසේ හෝ මෙම අවස්ථා තුනෙහිම දෙවියන්වහන්සේගේ බලය යක්ෂයාගේ වහල්කම මත පැතිර තිබෙන ආකාරය අපට පෙනෙයි. සීමොන්ට පසුතැවිලි වීමට අවස්ථාවක් ලැබෙයි (ක්‍රියා 8:22). නිසැකවම, සීමොන්ගේ ප්‍රාණයේ විකිණීමක් සිදුවී නැති බව පෙනේ.

ක්‍රිස්තුස් අපගේ ජීවිතයේ නැතහොත් අප මරණයට සුදුසුය (රෝම 3:23). 1 යොහාන් 5:19 හි සඳහන් වන ලෙසට අප ගැළවීම ලබන්නට පෙර සිටියේ, යක්ෂයාට වහල්කමෙන්ය. දෙවියන්වහන්සේට ස්තුති වේවා අපට අලුත් ස්වාමියෙක් සිටියි. උන්වහන්සේ අපගේ සියලුම දංවැල් කඩා දමා අපව පාපයෙන් මුදාගත් සේක (1 කොරින්ත් 6:9-11, මාර්ක් 5:1-15)

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබගේ ප්‍රාණය යක්ෂයාට විකිණීමය පුළුවන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries