settings icon
share icon
ප්‍රශ්නය

ඔසවා ගැනීමෙන් පසු ගැළවීම ලබා ගැනීම සඳහා දෙවන අවස්ථාවක් ලැබේවිද?

පිළිතුර


සමහර බයිබල් පරිවර්ථකයන් විශ්වාස කරනූ ලබන්නේ ඔසවා ගැනීමෙන් පසුව ගැළවීම සඳහා නැවත අවස්ථාවක් කිසිදින නොලැබෙන බවය. කෙසේ නමුත් බයිබලයේ කිසිම ස්ථානයක මෙසේ සඳහන් නොවන අතර, ඊට අනුකුලතාවයන් දක්වන ඉඟියක්ද නොවේ. පීඩා කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණෙන බොහෝ අය වේ. යුදෙව් සාක්‍ෂිකරුවන් 144,000 (එළිදරව් 7:4) යූදෙව් ඇදහිලිවතුන්වේ. පීඩා කාලය තුළ කිසිවෙකුට ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඒමට නොහැකිනම්, මනුෂ්‍යයන් ඔවුන්ගේ ඇදහිල්ල නිසා හිස් ගසා දමන්නේ මන්ද (එළදරව් 20:4)? ලියවිල්ලෙහි කිසිම කොටසක ඔසවා ගැනීමෙන් පසුව ගැළවීම ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවට විවාද නොකෙරේ. බොහෝ බයිබලයේ කොටස් ඊට ප්‍රතිවිරුද්ධව පෙන්නුම් කරයි.

තවත් මතයක් නම් ඔසවා ගැනීමට පෙර සුභාරංචිය අසා ප්‍රතික්‍ෂේප කළ අයට ගැළවීම ලබා ගැනීමට නොහැකිද? එසේ නම් පීඩා කාලය තුළ ගැළවීම ලබන අය ඔසවා ගැනීමට ප්‍රථම කිසිදා සුභාරංචිය නොඇසූ අය විය යුතුය. මෙම මතය ඔප්පු කිරීම සඳහා ඇති ආදර්ශ පාඨය නම් 2 තෙසලෝනික 2:9-11, එහි ප්‍රකාශ කරනු ලබන්නේ "විනාශයට යන්නවුන් මුළා කරන පිණිස අන්ත ක්‍රිස්තුස් විසින් හාස්කම් සිදු කරන බව" සහ දෙවියන් වහන්සේ විසින්ම "මුළාවේ ක්‍රියා කිරීමක්" ඔවුන්ගේ අවිශ්වාසය ස්ථීර කරන හැටියට ඔවුන් වෙත එවන බවය. හේතුව ලෙස දී ඇත්තේ " ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය" (පදය 10). ඔසවා ගැනීමට පෙර එසේ සුභාරංචියට එරෙහිව තම හදවත් ගල් කරගත් අයට එලෙසම පවතින පිණිස එසේ දෙනු ලැබුවේය. එසේම අන්ත ක්‍රිස්තුස් විසින්ද බොහෝ අය මුළා කරනවා ඇත (මතෙව් 24:5). නමුත් "සැබෑවට ප්‍රේමවවීම පිළිනොගත්තෝ" අනිවාර්යෙන්ම සුභාරංචිය ඔසවා ගැනීමට පෙර ඇසූ අය අතරට යොමු නොවේ. ඕනෑම අවස්ථාවකදී දෙවියන් වහන්සේගේ සුභාරංචිය ප්‍රතික්‍ෂේප කළාවූ ඕනෑම කෙනෙකු ඊට ඇතුළත් විය හැකිය. එබැවින් මෙම මතයට උර දෙන්නාවූ පැහැදිලි ලියවිල්ලෙහි කිසිදු සාක්‍ෂියක් නැත.

එළිදරව් 6:9-11 පීඩා කාලය තුළ "දෙවියන් වහන්සේගේ වචනය නිසාද, තමන් දැරූ සාක්‍ෂිය නිසාද" වේද සාක්‍ෂිකයින් ලෙස මරනු ලැබූ අය ගැන සඳහන් වේ. මෙම වේද සාක්‍ෂිකයින් පීඩා කාලය තුළ ඔවුන් දකින දෙය නිවැරදි ලෙස පරිවර්තනය කරන අතර ඔවුන් සුභාරංචිය විශ්වාස කරමින්, පසුතැවෙමින් සුභාරංචිය විශ්වාස කරන පිණිස අන් අයවද කැඳවනවා ඇත. අන්ත ක්‍රිස්තුස් සහ ඔහුගේ අනුගාමිකයින් ඔවුන්ගේ සුභාරංචි ප්‍රකාශකිරීම නොඉවසන අතර ඔවුන්ව මරා දමනවා ඇත. මෙම සියලු වේද සාක්‍ෂිකයින් ඔසවා ගැනීමට පෙර ජීවත්වූ අය වුවත්. ඔවුන් ඇදහිලිවන්තයන් වූයේ පසුවය. එබැවින් ඔසවා ගැනීමෙන් පසුවද ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලට පැමිණිමට අවස්ථාවක් තිබිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔසවා ගැනීමෙන් පසු ගැළවීම ලබා ගැනීම සඳහා දෙවන අවස්ථාවක් ලැබේවිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries