settings icon
share icon
ප්‍රශ්නය

මරණයෙන් පසු ගැළවීම සඳහා දෙවැනි අවස්ථාවක් තිබේ ද?

පිළිතුර


ගැළවීම සඳහා දෙවැනි අවස්ථාවක් තිබේ දැයි අසන විට, දේව වචනය පවසන්නේ, මරණයෙන් පසු කිසිම අවස්ථාවක් නොමැති බවයි (හෙබ්‍රෙව් 9:27). පවසන්නේ අප මරණයෙන් පසු විනිශ්චයට මුහුණ දිය යුතු බවයි. මනුෂ්‍යයෙක් ජිවත් වන කාළයේ, යේසුස්වහන්සේ පිළිගැනිම සඳහා දෙවැනි, තුන් වැනි හතර වැනි අවස්ථාවන් ලබා ගත හැක (යොහාන් 3:16). මනුෂ්‍යයක් මිගිය පසු නැවත අවස්ථාවක් නොමැත (රෝම10:9,10 ක්‍රියා16:31). මනුෂ්‍යයෙක්ගේ මරණයේන් පසු ඔහුට ශුද්ධ ගිනිස්ථානය යනු ස්ථානයක් දේව වචනයේ සඳහාන් වී නොමැත. කතෝලික සභාවේ පමණක් සඳහන් වේ.

නොඇදහිලිවන්තයෙකුට මරණයේන් පසු සිදුවන්නේ කුමක් ද? සුදු සිංහාසනය ඉදිරියේහි ඔහුට වනිශ්චය හිමි වේ (එළිදරව් 20:15) “ස්වර්ගයේ පොත විවෘත කරනු ලැබේ. එහි ඔහුගේ ක්‍රියා හා සිතුවිලි ලියා තිබේ. ඒ අනුව ඔහුව විනිශ්චය කරනු ලැබේ. ව්‍යාවස්ථාස්වේ ක්‍රියා වලින් කිසිම මනුෂ්‍යයක් දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු නොලබයි. ව්‍යාවස්ථාව කරණකොටගෙන පාපය දැනගැන්ම වේ”. මේ නිසා ඔහුගේ ක්‍රියා හා සිතුවිලි අනුව විනිශ්චය කර, නිරයට යවනු ලැබේ. ඇදහිවන්තෙයෙකු විනිශ්චය කරනු නොලබයි.” බැටළු පැටවාණෝගේ ජීවන පොත” නැමැති තවත් පොතක ඔහුගේ නම සඳහාන් වේ (එළිදරව 21:27). එම නිසා කෙනෙක් ස්වාමි වු යේසුස්වහන්සේ තුල ජීවත් වන්නේ ද ඔහු සදාකාල ස්වර්ගයට ඇතුල් වන්නේය.

“බැටළු පැටවාණන්ගේ ජීවන පොතේහි කෙනෙකුගේ නම ලියන ලද්දේ ද, ඔහු ලෝකය මැවීමටත් ප්‍රථමයෙන් ගළවනු ලැබීය” (එපිස1:4). “දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මනාලිය වීමට අපට ඇති අවස්ථාව නම්, දෙවියන්වහන්සේ අප කෙරෙහි තැබුවාවු කරුණාවේ ගැළවීම වේ”. මේ පුද්ගලයන්ට ගැළවීම සඳහා දෙවැනි අවස්ථාවක් නොවේ. හේතුව ඔහුගේ ගැළවීම ක්‍රිසතුස්වහන්සේ තුල ආරක්ෂිතයි. දෙවියන්වහන්සේ ඔහුව තෝරාගත් සේක, ගළවා ගත් සේක, ආරක්ෂා කරන සේක. ඔහුන්ව දෙවින්වහන්සේගෙන් වෙන් කිරිමට කිසි දේයකට නොහැක (රෝම 8:39). උන්වහන්සේ කවුරු වෙනුවෙන්, මැරුණා ද ඔහු ගැළවීම ලබයි.

“පියාණන්වහන්සේ මට දෙන අය මා වෙතට එන්නෝය” (යොහාන් 6:37). “මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි”. ඔවුන් කිසි කලක විනාශ නොවන්නෝය“. කිසිවෙක් ඔහුන් මා අතින් උදුරා නොගන්නේය” (යොහාන් 10:28). එම නිසා ඇදහිලිවන්තයෙකුට දෙවැනි අවස්ථාවක් අවශ්‍ය නොවේ. ඔහුගේ පලමු අවස්ථාව සෑහේ.

නොඇදහිලිවතුන්ට සිදුවන්නේ කුමක් ද? ඔහුන් පසුතැවිලි වුනේ නැත්නම්, ඔවුන්ට දෙවැනි අවස්ථාවක් නොලබයි ද? පිළිතුර නම් නැත. හේතුව ඔහුන්ගේ සිත වෙනස්වී නොමැත. එනම් ඔහුන් මැරි සිටිති. ඔවුන්ගේ සිත හා හදවත (මනස) හිස්ව පවති. එමනිසා දෙවියන්වහන්සේව පිළිගැනිමට හෝ උන් වහන්සේ මුහුණට මුහුණ හමුවීමට හෝ ප්‍රතික්ෂේප කරයි. මෙයට හොදම උදාහර්ණය ධනවතා සහ ලාසරස්ගේ කථාව (ලුක් 16:19-3

1). ධනවතාට පසුතැවිලි වීමට සඳහා සත්‍යයතාවය දැන ගැනිමට අවස්ථාවක් ලැබුනද ඔහුගේ සිත එය පිළිගත්තේ නැත. පසුව ඔහු නිරයට ගියේය. ඔහු නිරයේ වදවෙමින් කියනුයේ, ආබ්‍රහාම්, ලාසරස් පොලොව වෙතට යවමින් තමාගේ සහෝදරයන්ට තරවටු කරන මෙන් ඉල්ලුවේය. හේතුව ඔවුන් නිරයට පැමිණ වද නොවී සිටින පිණිසය. හේතුව සහෝදරයන් තුල පසුතැවිල්ලක් තිබුනේ නැති බැවින්.” ආබ්‍රහාම් ද, මොසෙස්ගේත් අනාගතවක්තෘන්ගේත් වචන ඔවුන් නොඅසත් නම්, යමෙක් මළවුන්ගෙන් නැගිටුනත් ඔවුන් වශ්වාස කරන්නේ නැත කියා ඔහුට කිවේ යයි කී සේක” (ලුක්16:31). එමනිසා ගැළවීම සඳහා වචනය විශ්වාස කිරිම සෑහේ. ඒ හැර වෙන එළිදරව්වක් නොමැත. විශ්වාස නොකරන අය දෙවැනි, තුන් වැනි, අවස්ථාවක් ලැබුණත් ඔවුන්ගේ දැඩි සිත මාංශවත් සිත වුයේ නැත්නම් ගැළවීමක් නොමැත.

“ස්වර්ගයෙහි ද පොලොවෙහි ද පොලොව යට ද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව පියවු දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා දිව්වලින් එත්තු ගන්න පිණිසත්ය” (පිලිප්පි 2:10-11). එම නිසා මරණයෙන් පසු අපට ගැළවීමක් නැත, ඔවුන්ට විනිශ්චය පමණි (එළිදරව් 20:14-15). ඒ නිසා අප ජීවත් වන කාළයේදී උන්වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතුයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණයෙන් පසු ගැළවීම සඳහා දෙවැනි අවස්ථාවක් තිබේ ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries