settings icon
share icon
ප්‍රශ්නය

නොසන්සුන් හෘදය සාක්ෂියක් ඇතැයි කීමෙන් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර


1 තිමෝති 4:5 පදය මගින් නොසන්සුන් හෘදය සාක්ෂිය ගැන බයිබලය අපට පෙන්වා දේ. හෘදය සාක්ෂිය යනු දෙවියන්වහන්සේ විසින් අප එකිනෙකා තුලට ලබා දී ඇති අධ්‍යාත්මික හැගීමය (රෝම 2:15). අපගේ හෘදය සාක්ෂිය නොසන්සුන්ව ඇත්නම් එහි කිසිම හැගිමක් නොමැත. එවැනි හෘදය සාක්ෂියක් නියමිත ලෙස ක්‍රියාත්මක නොවන අතර හරිදේ සහ වැරදි දේ හදුනාගැනීමේ හැකියාව ආත්මික කැලලක් සහිත පටලයකින් බොදවී ඇති සේ පෙනේ. කිසියම් සත්වයෙකුගේ හමේ රත්වු යකඩයකින් සිදු කරන ලද පිලිස්සුම් තුවාලයක් නිසා ඇතිවන වේදනාව කරණකොටගෙන තවදුරටත් වේදනාවන් නොදැනෙන තත්වයක් ඇතිවන්නාක් මෙන්, නොසන්සුන් හෘදය සාක්ෂියක් ඇති කෙනෙකුගේ හදවතට අධ්‍යාත්මික කටුක වේදනා දැනීමේ සංවේදීතාවය නොමැති වේ.

නොසන්සුන් හෘදය සාක්ෂියක් ඇති අය පවුල්තුමා 1 තිමොති 4:1–2 පද මගින් මෙසේ හදුන්වා දී ඇතර්‍. පසු කාලවලදි සමහරුන් , මුළා කරවන භුතයන්ටත්, යක්ෂයන්ගේ ගුරුකම්වලටත් සවන්දී, ඇදහිල්ලෙන් වැටී යනු ඇතැයි ආත්මයාණෝ නිසැකවම කියති. එසේ වන්නේ යක්ෂයාගේ බොරුව නැමැති සලකුණ හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක් ඔවුනට තිබෙන නිසාය. මෙම පදවලින් බොරු ඉගැන්වීම් වල යෙදෙමින් අන් අය නොමග යවන අය ගැන කරුණු 3 ක් ඉගෙන ගත හැක.1) ඔවුන් යක්ෂයන්ගේ ඉගැන්වීම් ප්‍රචාරය කරන අශුධාත්මයන්ගේ කටහඩවල්ය 2) ඔවුන් වංචාකාර බොරු කාරයෝය. ඔවුන් ශුධවන්තයන් ලෙස වෙස් වෙලා ගෙන සිටියත් බෙරුවෙන් පීරි ඇත.3) ඔවුන්ගේ ක්‍රියා තුල කිසිම පදනමක් නැත. මක්නිසාදයත් ඔවුන්ගේ හෘදය සාක්ෂියන් ක්‍රියා විරහිත වී ඇත. මෙ මගින් බොහෝ දේ පැහැදිලි වේ. බොරු ගුරුවරුන්, කිසිම ලජ්ජාවක් නොමැතිව, තම හිතට විරුද්ධව බොරු කියමින් රැවටිලි බස් ප්‍රචාරය කරන්නේ කෙසේද? ඊට හේතුව නම් ඔවුන්ට ඇත්තේ නොසන්සුන් හෘදය සාක්ෂියක් වීමය. ඔවුන් සිතන්නේ බොරු කීම වැරදි වන්නේ පෙර කාලයේදී බවය.

මෙම යැවුම් පත්‍රයේ මුල් කොටසේ පාවුල්තුමා ප්‍රකාශ කරනුයේ නොසන්සුන් හෘදය සාක්ෂිය මෙන් නොව, යහපත් හෘදය සාක්ෂියක් මගින් දෙවියන්වහන්සේ ක්‍රියාකාරකම් වැඩිදියුණු වන අතර, පිරිසිදු සිතකින්ද, යහපත් හෘදය සාක්ෂියක් මගින් දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරකම් වැඩිදියුණු වන අතර, පිරිසිදු සිතකින්ද, යහපත් හෘදය සාක්ෂියකින්ද සහ අවංක ඇදහිල්ලකින්ද, ප්‍රේමය වර්ධනය වන බවය (තිමොති 1:4–5). යහපත් හෘදය සාක්ෂියකට නිවැරදි සහ වැරදි දෙය වෙන් කර ගැනීමට හැකියාව ඇති අතරම වරදකරුවකු වීමෙන්ද වැළකිය හැකිය. යහපත් හෘදය සාක්ෂියක් හිමි තැනැත්තා තමන්ගේ විශ්වාසවන්ත භාවය අරක්ෂා කර ගනී යේසුස් වහන්සේ අලෝකයේ සිටින සේම අලෝකයේ ගමන් කරන අන් අය සමග සහභාගිත්වය පැවැත්වීමට ඔවුන් ප්‍රිය කරති (යොහන් 1:7). යහපත් හෘදය සාක්ෂියක් සතු අයට යක්ෂයාගේ බොරුව නොරිස්සුම් දේ ඔවුන් බොරු මතධාරින් පසු පස නොගොස්, ඇදහිල්ලේ වෙලී, යහපත් හෘදය සාක්ෂියකින් යුක්තව ධර්ම යුද්ධයේ යෙදෙති (1 තිමෝති 1:18–19).

හිතෝපදේශ 6:27 පදය මගින් පරදාර සේවනයේ යෙදෙන්නන්ට අත්වන දුර්විපාක ගැන කදිම ප්‍රශ්න කීරිමක් කර ඇත. ගිනිදැල් තුරුඵ කර ගත හොත් මිනිසකුගේ ඇදුම් නොපිලිස්සේද? මිත්‍යා ඉගැන්වීම් සම්බන්ධව කෙටියෙන් දක්වන්නේ නම් මිත්‍යා මතධාරියෙකුට තමාගේ හෘදය සාක්ෂිය නොසන්සුන් වීමට ඉඩ නොදී නිරයේ ගිනිදැල් විසුරුවා හැරිය හැකිද?

English



නැවතත් සිංහල මුල් පිටුවට

නොසන්සුන් හෘදය සාක්ෂියක් ඇතැයි කීමෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries