settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මුද්‍රාව නම් කුමක්ද?

පිළිතුර


ශුද්ධාත්මයාණන්වහන්සේව කිතුණුවන්ගේ හදවතේ සදහන් කරනු ලබා ඇත්තේ “අත්තිකාරම” “මුද්‍රාව” “සහතිකය” ලෙසය (2 කොරින්ති 1:22; 5:5; එපීස 1:13–14; 4:30). ශුද්ධාත්මයාණන්වහන්සේ වූ කලී උන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේගේ මුද්‍රාව වන සේක, එනමි අප උන්වහන්සේගේම ලෙස උන්වහන්සේ ප්‍රකාශ කිරීම ටවේ.

මෙම පාඨයන්හී සදහන් ග්‍රීක වචනය වන “අර්හබොන්” ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ විට එහි අර්ථය වනුයේ “සහතිකය” යන්නයි. එනම් මිලදී ගැනීමේ හෝ දේපල වලින් කොටසක් අත්තිකාරමක් ලෙස ලබා දී ඇත්තේ ඉතිරි කොටසට සුරක්ෂණයක් ලෙසය. ඇදහිලිවන්තයන්ට ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා වූ කලී ක්‍රිස්තුස්වහන්සේ අපට පොරොන්දු වූ මෙන්ම කුරුසියේදී අප වෙනුවෙන් සුරක්ෂිත කරනු ලැබුවාවූ අපගේ ස්වර්ගීක උරුමයට මුල් ගෙවීමක් වශයෙනිග ශුද්ධාත්මයාණන්වහන්සේ අපව මුද්‍රා කොට තබා ඇති හෙයින් අපගේ ගැළවීම අපට ස්ථිර කරනු ලබා ඇත. කිසිවකුට දෙවියන් වහන්සේගේ මුද්‍රාව බිද දැමිය නොහැක.

ශුද්ධාත්මයාණන්වහන්සේව ඇදහිලිවන්තයන්ට දෙනු ලබන්නේ දේව දරුවන් ලෙස අපට ඇති මුළු උරුමය ලබා දෙන බවට “මුල් ගෙවීමක්” ලෙසය. ශුද්ධාත්මයාණන්වහන්සේව අපට දෙනු ලබන්නේ කරුණාව සහ ඇදහිල්ල ආදිය දීමනා වනවාක් මෙන්ම තමන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේව දීමනාවක් ලෙස අපට දෙනු ලබන දෙවියන්වහන්සේට අප අයත් වන බව සහතික කරනු වස්ය (එපීස 2:8–9). ආත්මයාණන්වහන්සේගේ දීමනාව කරණකොටගෙන දෙවියන්වහන්සේ අපව අළුත් කරනු ලබන මෙන්ම පවිත්‍ර කරනු ලබන සේක. උන්වහන්සේ විසින් අපගේ හදවත් වල එම හැගීම්, බලාපොරොත්තු සහ ආශාවන් ඇති කරනු ලබන්නේ අපව දෙවියන් වහන්සේ විසින් පිළිගනු ලැබූ බවට සාක්ෂි ලෙසත්, අප උන්වහන්සේ විසින් දරුකමට ගත් දරුවන් පිරිසක් ලෙස සලකනු ලබන බවටත්, අපගේ බලාපොරොත්තුව අව්‍යාජ බව සහ කැමති පත්‍රයක් හෝ ගිවිසුමක් මුද්‍රාවක් මගින් සහතික කරනු ලබන ආකාරයෙන්ම අපගේ මුදාගැනීම සහ ගැළවීමද නිසැකවේ. දෙවියන් වහන්සේ අපට ශුද්ධාත්මයාණන්වහන්සේව පිරිනමනු ලබන්නේ අප උන් වහන්සේගේමය සහ අවසාන දිනයේදී අපව ගලවනු ලබන්නේය යන ඒකාන්ත සහතිකයක් ලෙසය. ආත්මයාණන්වහන්සේගේ අබිමුඛත්වයේ සනාථ කිරීම නම් පශ්චාතාපවූ හදවත් වල උන්වහන්සේගේ ක්‍රියාකාරිවීම, ආත්මයාණන් වහන්සේගේ ඵල (ගලාති 5:22–23), දෙවියන්වහන්සේගේ අණපනත් සහ කැමැත්තට අනුකූල වීමල යාච්ඤාවට සහ ප්‍රශංසාවට ඇති මහත් ලැදිකම සහ උන්වහන්සේගේ සෙනගට ඇති ප්‍රේමයයි. මේ දෙවල් වනාහී ශුද්ධාත්මයාණන් වහන්සේ හදවත් අළුත් කර ඇති බවටත් කිතුණුවන් මිදීමේ දවසට මුද්‍රා කරනු ලබා ඇති බවටත් සාක්ෂි වේ.

එසේ හෙයින් අපව මුද්‍රා කොට තබා මිදීමේ දවස දක්වා සහතික කරනු ලබා පාපයේ දූෂණ සහ සොහොනෙන් සම්පූර්ණයෙන් නිදහස් කරනු ලබන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ මෙන්ම උන්වහන්සේගේ ඉගැන්විම් සහ මග පෙන්වීමේ බලයයි. ආත්මයාණන්වහන්සේගේ මුද්‍රාව අපගේ හදවත් සිටින හෙයින් අපට ප්‍රීතිමත්ව ජීවත් විය හැක මෙන්ම අපට සිතාගත නොහැකි මහිමයන් රැදවී ඇති අපගේ සහතික ස්ථානය පිළිබදව අපට නිශ්චිතයක්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මුද්‍රාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries