විද්‍යාවේදය ක්‍රිස්තියානිද නොහොත් පූජා විධියක්ද?



ප්‍රශ්නය: විද්‍යාවේදය ක්‍රිස්තියානිද නොහොත් පූජා විධියක්ද?

පිළිතුර:
විද්‍යාවේදය යනු සාරාංශ ගත කිරීමට අපහසු ආගමකි. විද්‍යාවේදය මෙවන් ප්‍රසිද්ධියක් දරා ඇත්තේ සමහර කීර්තිමත් ඇමරිකානුවන් කොට්ඨාශයක් විසින් එය වැළඳගැනීමත් සමගය. විද්‍යාවේදය ප්‍රතිස්ථාපිත කරනු ලැබුවේ ප්‍රබන්ධ කථා කතෘ වන එල්. රොන් හබඩ් විසින් 1953 වර්ෂයේදීය. මෙය ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් වන “මම ආගමක් ආරම්භ කිරීමට කැමැත්තෙමි, මුදල් ඇත්තේ එහිය” යන්න සඳහන් කර වසර 4 ට පසුවය. ඔහු විසින් ධනය සොයා ගනු ලැබුවේ එහිදී වන අතරම හබඩ් විශාල ධනපතියෙක් බවටද පත්වූයේය.

විද්‍යාවේදයෙන් උගන්වනු ලබන්නේ මනුෂ්‍යය වර්ගයා (තේටන් යනුවෙන් හඳුන්වනු ලබන) අමරණීය ජීවයෙකු බවත් පටන්ගැන්මෙහදී ඔහු මෙම ග්‍රහලෝකයෙන් නොවන අතර කාරණය, ජවය, අවකාශය සහ කාලය යන උගුලට හසු වී ඇති බවය. විද්‍යාවේදියෙකුට ගැළවීම ලැබෙන්නේ විගණනය නමින් හැඳින්වෙන ක්‍රියා වලියකිනි, මෙහිදී “අනුරේඛයන්” (මූලිකවම අතීතයේ වේදනාවන් සහ විසංඥතාවන්හී මතක සටහන් විසින් නිමවන ජව අවහිරතාවයන්) ඉවත් කරනු ලබයි. විගණනය යනු දීර්ග ක්‍රියාවලියක් වන අතර එයට ඩොලර් ලක්ෂ ගණනක් වැය විය හැක්කකි. සියළු අනුරේඛයන් අවසානයෙහිදී ඉවත් කළ පසු තේටන් යනුවෙන් හඳුන්වනු ලබන මරණිය ජීවයා හට නැවත වරක් කාරණය, ජවය, අවකාශය සහ කාලය යනාදිය පාලනය කළ හැකි අතර එයින් පාලනය නොවී සිටිය හැකි වේ. ගැළවීම ලබන තෙක්ම තේටන් නම් ජීවියාගේ නැවත ඉපදීමක් සිදුවේ.

විද්‍යාවේදය නම් නොනවත්වා කරගෙන යාමට හැකි මිල අධික ආගමකි. විද්‍යාවේදයෙහි සෑම ලක්‍ෂණයක්ම පාහේ යම් ආකාරයක ගාස්තුවක් ගැබ්වී ඇත. විද්‍යාවේදයෙහි “ආසන පෙලවල්” පිරී ඇත්තේ ධනවතුන්ගෙන් පමණි. එසේම එය දැඩි ආගමක්ද වන අතර එහි ඉගැන්වීම් සහ සාමාජිකත්වය අතහැර යාමට උත්සාහ දරණ අයට විරුද්ධව ඉතා දණ්ඩනීයද වේ. එහි ධර්ම ග්‍රන්ථද තනිකරම සීමා වී ඇත්තේ එල්. රොන් හබඩ්ගේ ලිවීම් සහ ඉගැන්වීම් වලටය.

විද්‍යාවේදය ක්‍රිස්තියානි ආගම හා සමග අනුරුපී වන බවට විද්‍යාවේදීන් හිමිකම් පෑවත් ඔවුන් විසින් ග්‍රහණය කරගෙන ඇති සෑම විශ්වාසයක් කෙරෙහිම බයිබලය එරෙහිව ක්‍රියා කරනු ලබයි. දේවවචනයෙන් උගන්වනු ලබන්නේ ශ්‍රේෂ්ඨ බවත් විශ්වයේ එකම මැවුම්කාරයාණන්ද එතුමන් වබත් (උත්පත්ති 1:1), මනුෂ්‍යය වර්ගයා මවනු ලැබුවේද දෙවියන් වහන්සේ විසින් බවත් (උත්පත්ති 1:27), මනුෂ්‍යයාට ලබා ගත හැකි එකම ගැළවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නිම කරන ලද කාර්‍යය කරුණාව තුළ ඇදහිල්ලෙන් ලබා ගත යුතු බවත් (පිලිප්පි 2:8), ගැළවීම වනාහි නොමිලේ ලබා දී ඇති ත්‍යාගයක් බවත් මිනිසාට කිසිවක් කොට එය උපයා ගත නොහැක්කක් බවත් (එපීස 2:8-9), එසේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව දැනුදු දෙවි පියාණන්ගේ දකුණු පස වැඩ සිටිමින් (ක්‍රියා 2:33; එපීස 1:20; හෙබ්‍රෙව් 1:3), උන් වහන්සේගේ සෙනග තමන් වහන්සේ සමග ස්වර්ගයෙහි සදාකාලිත්වයෙන් ජීවත්වන පිණිස රැස්කිරීමට කාලය පැමිණෙන තෙක් බලා සිටින සේක. අනෙකුත් සියල්ලන් සදාකාලයටම දෙවියන් වහන්සේගෙන් වෙන් කොට තාත්විකවූ නිරයකට හෙලනු ලබයි (එළිදරව් 20:15).

විද්‍යාවේදය නිරුපාධිකවම දේවවචනයේ, ස්වර්ගයෙහි සහ නිරයෙහි සඳහන් දෙවියන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරනු ලබයි. විද්‍යාවේදියෙකුට සරළවම යේසුස් වහන්සේ යනු අවාසනාවකට මෙන් සාවද්‍ය දෙලස මරණයට පත් කරන ලද යහපත් ගුරුවරයෙකුවේ. විද්‍යාවේදය සෑම වැදගත් මතයක් තුළම දේවවචනයට අනුකුල කිතුනු ආගමෙන් වෙනස්කම්‍ දක්වයි. ඉතා වැදගත් වෙනස්කම් කිහිපයක් පහත සාරාංශගත කොට ඇත.

දෙවියන් වහන්සේ-විද්‍යාවේදයෙහි විශ්වාසය නම් බහුව්ද දෙවිවරුන් සිටින අතර සහ සමහර දෙවිවරුන් අනෙක් දෙවිවරුන්ට වඩා ඉහළින් සිටිති. අනෙක් අතට දේවවචනයට අනුකුල කිතුනු ආගමෙන් එකම සත්‍යවූත් දේවවචනයෙන් සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට ප්‍රකාශවූ දෙවියන් වහන්සේව හඳුන්වනු ලබයි. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නවුන්ට විද්‍ය්වේදයෙහි සඳහන් කරන පරිදි දෙවියන් වහන්සේ පිළිබඳව ඇති අසත්‍යය සංකල්පයන් විශ්වාස කළ නොහැක.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ-අනෙකුත් පූජා විධි පරිදි විද්‍යාවේදය ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ප්‍රතික්ෂේප කරනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේ යනු කවරෙක්ද එතුමාණන් විසින් කරනු ලැබුවේ කුමක්ද යනාදි දේවවචනය හා සම්බන්ධ අදහස් වෙනුවට වසර ගණනාවක් පුරා ජනප්‍රවාද ගත තරාතිරමක් අත්පත් කරගත්තාවූ යම්කිසි කුඩාතර දෙවි කෙනෙකුගේ ගති ලක්ෂණ උන් වහන්සේට පවරා දෙති. දේවවචනයෙන් පැහැදිලිව උගන්වනු ලබන්නේ යේසුස් වහන්සේ මාංශමයවූ දෙවියන් වහන්සේම බවත් උන් වහන්සේ ශරීරයකින් යුක්තව මෙළොවට පහල වීමෙන් අපගේ පාපයන්ට පූජාවක් ලෙස ක්‍රියා කිරීමට හැකිවූ බවත්ය. අපට දෙවියන් වහන්සේ හා සමග සදාකාල ජීවනය පිළිබද බලාපොරොත්තුව ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම කරණකොටගෙනය (යොහන් 3:16).

පාපය-විද්‍යාවේදය මනුෂ්‍යයාට ආවේනිකවූ යහපත්කම පිළිබඳව විශ්වාස කරනු ලබන අතර ඉන් උගන්වනු ලබන්නේ මනුෂ්‍යයෙකුට පසුතැවිලි වීමට හෝ ඔහු දුෂ්ඨ යයි කීම මුළුමනින්ම නොහොබිනා අවමානයක්ද බවය. අනෙක් අතට දේවවචනයෙන් උගන්වනු ලබන්නේ මිනිසා පව් කරුවෙකු බවත් ඔහුට ඇති එකම බලාපොරොත්තුව නම් ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ එකම ස්වාමින් සහ ගැළවුම්කාරයාණන් වහන්සේ ලෙස පිලිගැනීමත්ය.

ගැළවීම-විද්‍යාවේදය පුනරුප්පත්තිය පිළිබද විශ්වාස කරනු ලබන අතර පෞද්ගලික ගැළවීම වනාහි කෙනෙකුගේ ජීවිතකාලයේ පුනුරුත්පත්තිය කරණකොටගෙන හට ගන්නාවූ ජීවිතය සහ මරණය යන චක්‍රයෙන් නිදහස ලබා ගැනීමය. ඔවුන් විශ්වාස කරනු ලබන්නේ සියලුම ඇදහිලි ක්‍රම වල ආගමික ප්‍රතිපත්ති වනාහි ඥාණය, තේරුම් ගැනීම සහ ගැළවීමට පොදු මාර්ගයක් වන බවය. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස දේවවචනයේ උගන්වනු ලබන්නේ ගැළවීමට ඇත්තේ එකම මාර්ගයක් බවත් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් බවත්ය. යේසුස් වහන්සේම උන් වහන්සේ විසින් පැවසුවේ “යේසුස් වහන්සේ ඔහුට කියන සේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය, මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6).

විද්‍යාවේදයෙහි ඉගැන්වීම දේවවචනය හා සමග සසඳන කළ අපට දක්නට ලැබෙන්නේ ඒ දෙකොටස අතර යම් සාමුහුකත්වයක් ඇත්නම් එය ඉතාමත් අලාප බවය. විද්‍යාවේදයෙන් කරනු ලබන්නේ දෙවියන් වහන්සේගෙන් සහ සදාකාල ජීවනයෙන් ඉවත ලෑමට මග පෙන්වීම පමණකි. විද්‍යාවේදය සමහර අවස්ථාවන්හිදී එහි විශ්වාසයන් ක්‍රිස්තියානි කථා ව්‍යවහාරයක් ලෙස වෙස් වලාගෙන තිබුන නමුත් අත්‍යන්තයෙන්ම ක්‍රිස්තියානි ආගමේ සෑම මධ්‍යය විශ්වසයකටම විරුඳ්ධ වේ. විද්‍යාවේදය පැහැදිලිවම සහ හුදෙක්ම ක්‍රිස්තියානි නොවේ.



නැවතත් සිංහල මුල් පිටුවට



විද්‍යාවේදය ක්‍රිස්තියානිද නොහොත් පූජා විධියක්ද?