settings icon
share icon
ප්‍රශ්නය

කරුණාව සුරුකීම යනු කුමක්ද?

පිළිතුර


මෝඩකමක් ලෙස " "කරුණාව සුරුකීම" යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු හෝ දෙයක් පිළිගත හැකි මුදවා ගැනීමේ ගුණාංගයක් යන්නයි. නමුත් එය බයිබලානුකුල අර්ථය නොවේ. බයිබලයේ කරුණාව යන වචනයේ තේරුම පුනර්ජනනය හෝ විශුද්ධ කිරීම සඳහා මිනිසුන්ට ලබාදී ඇති දිව්‍යයමය උපකාරය හෝ නුසුදුසු අයට දෙවියන්ගේ කරුණාවයි.

බයිබලානුකුලව කරුණාව සුරැකීම යනු පුද්ගලයෙකු නැවත දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයයි. ශුද්ධ ලියවිල්ලේ සඳහන් වන්නේ ස්වාමින් වහන්සේගේ අනපේක්ෂිත කරුණාව අත්‍යඅවශ්‍යය බවය. මක්නිසාද නීතියේ ක්‍රියා නිසා කිසිම මාංසයක් ඔහු ඉදිරියෙහි යුක්ති සහගත නොවනු ඇත. (රෝම 3:20 ට අනුව ඊට හේතුව මේය, ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසිම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීමයි.) දෙවියන් වහන්සේගේ ගැළවීමේ වරප්‍රසාදය ලැබිය හැකි ක්‍රමය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලයි. "නමුත් දැන් නීතිය හැරුණ විට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශවී ඇත. (රෝම 3:21-22 ට අනුව එහෙත් දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන්වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසිසේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගයවේ).

කරුණාව සුරුකීම අපගේ ශුද්ධකමට හේතුවේ. ගැළවීමේ මොහොතේදී ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේ අපව නව මැවිලි බවට පත් කරයි. (2කොරින්ති 5:17 ට අනුව එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටීනම්, එතැන ඇත්තේ නමැවිල්ලකි. පැරණිදේ පහව ගොස් ඇත. මෙන්න සියල්ල අළුත්වී තිබේ). තවද ඔහු තම දරුවන් කිසිවිටෙකත් අත්නොහරින බවට පොරොන්දුවේ. මේ ගැන විශ්වාසයෙන්, කළ හොඳ වැඩක් ආරම්භක තැනැත්තා ක්‍රිස්තුස් ජේසුස්වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන බව විශ්වාස කරයි. (පිලිප්පි1:6 ට අනුව ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස්වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැයි මම ඒකාන්තයෙන්ම විශ්වාස කරමි).

දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන කිසිවක් අප තුළ නැත. (රෝම 3:10-11 ට අනුව ධර්මිෂ්ඨවූ කිසිවෙක් නැත. එක්කෙනෙක් වත් නැත. දෙවියන්වහන්සේ සොයන එක්කෙනෙක්වත් නැත). අපට දෙවියන් වහන්සේව මූලික වශයෙන් පිළිගත නොහැකිවීම නිසා අපිට "ගැළවීමේ වරප්‍රසාදය නැත, යේසුස් වහන්සේගේ ගෝලයන් සමඟ අපට කෙසේ ගැළවීම ලැබිය හැකිද? යේසුස්ගේ පිළිතුර සැනසිලිදායකයි. මිනිසුන්ට කළ නොහැකිදේ දෙවියන්වහන්සේට කළ හැකිය." (ලූක් 18:26-27 ට අනුව ඒ ඇසූ අය එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරකුට දැයි ඇසූහ). ගැළවීම දෙවියන් වහන්සේගේ කාර්යයකි. ඔහු අපට අවශ්‍යය කරුණාව ලබා දෙයි. අපගේ ගැළවීමේ කරුණාව ක්‍රිස්තුස් වහන්සේම වේ. ඔහු කුරුසියේ පූජාවීමෙන් අපව ගළවා ගන්නේ අපගේ කුසලතාවයෙන් නොවේ.

අපගේ ඇදහිල්ලෙන්, අපගේ ගැළවීම සඳහා අපි යම් ආකාරයකින් දායක වෙමු යැයි සිතීම පහසුය. ඇත්ත වශයෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ කුසලතාවය ඇදහිල්ලෙන් අපට වදාළ විය යුතු අතර, අපගේ ඇදහිල්ල අපෙන් පැමිණෙන බව පෙනේ. නමුත් රෝම 3:10-12 ( ධර්මිෂ්ඨවූ කිසිවෙක් නැත, එක් කෙනෙක්වත් නැත, හරි දැනුම ඇති එක් කෙනෙක්වත් නැත. දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක්වත් නැත). පවසන්නේ අප කිසිවෙකු දෙවියන්වහන්සේව සොයන්නේ නැති බව සහ එපීස 2:8 පවසනවා (ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින්වූ ඇදහීම කරණකොටගෙනය. එය ඔබගේම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාවය. ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින් කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත). මක්නිසාද ඔබ ඇදහිල්ල කරණකොටගෙන ගැළවී ඇත. ඇදහිල්ල ඔබෙන් නොව එය දෙවියන් වහන්සේගේ දීමනාවකි. හෙබ්‍රෙව් 12:2 (ඇදහිල්ලේ කර්තෘවරයාණන්ද එහි පරිපූරකයාණන්ද වන ජේසුස් වහන්සේ දෙසම නෙත් යෙමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට වීර්යයෙන් දුවමු. උන්වහන්සේ තමන් ඉදිරියෙහිවූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සංහාසනයේ දකුණත අසුන් ගත් සේක). පවසනවා යේසුස් වහන්සේ අපගේ ඇදහිල්ලේ කර්තෘ හා සම්පූර්ණ කරන්නා බව. දෙවියන් වහන්සේගේ ගැළවීමේ වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම උන් වහන්සේගේ ත්‍යාගයකි. උන් වහන්සේගේ ගැළවීමේ වරප්‍රසාදය පිළිගැනීමට අපට ඇති හැකියාව දෙවියන් වහන්සේගෙන් ලද තවත් ත්‍යාගයක් පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කරුණාව සුරුකීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries