settings icon
share icon
ප්‍රශ්නය

පුද්ගලයෙකු පොදු එළිදරව්වීම තුලින් ගැළවීම ලැබිය හැකි ද?

පිළිතුර


දෙවියන්වහන්සේ සිටින බවත් උන්වහන්සේගේ බලය ප්‍රඥාව සහ ශ්‍රේෂ්ඨ බවත්, සියලුම මනුෂ්‍යයෙකටම පොදු එළිදරව්ව තුළින් ප්‍රකාශ වේ.දේවවචනය මෙසේ පවසයි, ගිතාවලිය (19:1-4) සහ ( රෝම 1:20 )අනුව විෂ්වයේ මැවිල්ල දෙවියන්වහනසේ සිටින බව පැහැදිලිව අප වටහා දෙයි. නමුත් ක්‍රිස්තුස්වහන්සේ තලින් අපට ලැබී තිබෙන ගැළවීම, මැවිල්ල තුළින් එළිදව් නොවේ. ගැළවීම, යේසුස්වහන්සේගේ නාමයෙන් පමණයි අපට ලැබි ඇත්තේ (ක්‍රියා 4:12). මේ නිසා පොදු එළිදරව්ව තුළින් පුද්ගලටෙකුට ගැළවීම ලැබිය නොහැක. පුද්ගලයෙකු පොදු එළිදරව්වීම තුලින් ගැළවීම ලැබිය හැකි ද? යන ප්‍රශ්නය සමඟ තවත් ප්‍රශ්නයක් ඇසිය හැක, එනම් ශුභාරංචිය නොඇසු පුද්ගලයේකුට වන්නේ කුමක් ද? ලෝකයේ එක් කොඨාශයක පුද්ගලයන් දේවවචනය හො ශුභාරංචිය හො සත්‍යතාවය හො නොඇසු පුද්ගලයන් වසිති. මෙවැනි පුද්ගලයන්ගේ මරණයෙන් පසු ඔහුන්ට සිදුවන්නේ කුමක් ද? මෙ වැනි ශුභාරංචිය හෝ ක්‍රිස්තුස් වහන්සේ ගැන නො ඇසු පුද්ගලයන්ට දෙවියන් වහන්සේ දොස් පැවරම සාධාරණ ද? මෙවන් පුද්ගලයන්, පොදු එළිදරව් තුළින් දෙවියන්වහන්සේ හඳුනා ගන්නා ආකාරය තුලින් සහ ඔහුගේ ඇදහිල්ල අනුව ස්වර්ගයට ඇතුල් වීම සඳහා සාධාරණ විනිච්චයක් ලබා දෙනසේක.

නමුත් මෙහිදි ඇති වන ප්‍රශ්ණය නම් (යොහාන් 3:18) ඔහු හෝ ඇය ක්‍රිස්තුස් වහන්සේ තුල නැති නම් දැනටම විනිච්චයට ලක් වී සිටින බව ප්‍රකාශ කර ඇත. (රෝම 3:10-12) (ගිතාවලිය 14:3) මනුෂ්‍යයන් හිතුවක්කාර වු නිසා මුළු විශ්වයම පාපිෂ්ඨ ස්වභාවයට පත් වී තිබේ. ධර්මිෂ්ඨ කෙනෙක් නැත තේරුම් ගන්නාවු කිසිවෙක් නැත. දෙවියන්වහන්සේව සොයන්නාවු කෙනෙක් නැත. ඔවුන් සියල්ලොම දෙවියන් වහන්සේගෙන් අහක්ව ගියෝය. එක්ව නිෂ්ප්‍රයොජන වූවෝය. යහපත කරන්නේ නැත. එසේ එක්කෙනෙක් පමණවත් නැත. ඔවුන් තමුන්ගේ දිව්වලින් වංචා කම් කළෝ ය. පොදු එළිදරව් වීම තුළින් දෙවින්වහන්සේව හඳුනාගත හැකි වුවත් ඔවුන්ගේ ස්ව කැමැත්ත නිසා මුලාව ගියා. මක්නිසාඳ ඔවුන් දෙවියන්වහන්සේව ඇදිනගත්තාත් “උන්වහන්සේට දෙවියන්වහන්සේ ගෞරවයවත් ස්තුතියවත් නොකොට තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමිණියෝය. ඔවුන් අඥානයොව, ජරාවට නොපැමිණෙන්නාවු දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවු මනුෂ්‍යයාගේ ද පක්ෂින් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතින්ගේ ද රූපවලට සමාන වන ලෙස මාරු කළොය” (රෝම 1:21-23).

(යොහාන් 3:19) නිසා මනුෂ්‍යයා පොද එළිදුරව් වීම පළිබදව කැරළිගසමින් ස්වකැමැත්තෙන්ම දෙවියන්වසේව දැන ගැනිම හා සත්‍යතාවය ප්‍රතික්ෂේප කරයි. ඔහුන් දෙවින්වහන්සේ සේවීම පවා ප්‍රතික්ෂේප කළෝය. නමුත් දෙවියන් වහන්සේ ඔහුන්ව සොයමින් ආ සේක. මක්නිසාද යේසුස් වහන්සේ, “නැතිවු දේ සොයන්නටත් ගළවන්නයත් ආ සේක”(ලූක් 19:10).

මේ සඳහා හොඳම උදාහරණය ක්‍රියා 10 වන පරිච්ඡෙදයේ කොර්නේලියස්. (ක්‍රියා 10:2) කොර්නේලියස් භක්තිවන්තවු දෙවියන්වහන්සේට භය ඇතුව සිටියාවු, සෙනඟට බොහො දන් දුන්නාවු නිතරම යාච්ඤා කළාවු කෙනෙක්. කොර්නේලියස් තුල තිබුන දෙවභක්ති හා යහපත් ක්‍රියා නිසා දෙවියන්වහන්සේ ඔහුව ගැළවු සේක් ද?. නැත,

දෙවියන් වහන්සේ පේත්‍රැස් තුලින්, කොර්නේලියස්ට යේසුස්වහන්ගේ ශුභාරංචීය ඉගැන්වු සේක. එවිට කොර්නේලියස් සහ ඔහුගෙ ගේ වැසියෝ යේසුස්වහන්සේව විශ්වාස කරිම තුලින් ගැළවීම ලැබුවෝය. කොර්නේලියස් ඉතා යහපත් මනුෂ්‍යයෙක්, නමුත් ඔහු ගළවනු ලැබුවේ ශුභාරංචීය කරණකොටගෙන පමණි. එනම් ගැළව්මේ මාර්ගය නම් යේසුස්වහන්සේ පමණි (යොහාන් 14:6) (ක්‍රියා 4:12).

එම නිසා පොදු එළිදරවීම තුලින් පුද්ගලයෙකුට ගැළවීම ලැබිය නොහැක. එය දෙවියන්වහන්සේ සිටින බව පමණක් එළිදරව් කරයි. ඒ නිසා ලෝකයට යේසුස්වහන්සේගේ ශුභාරංචීය ගෙනයාම ඉතා වැඳගත් වන්නේ. මතෙව් 28:19,20 (ක්‍රියා 1:8) (රෝම 10:14) එසේ නම් ඔවුන්, තමුන් වීසින් අදහානොගත්තාවු කෙනෙක්කුට යාච්ඤා කරන්නේ කොහොම ද? තමුන් නොඇසුවාවු කෙනෙකු කෙරෙහි අදහාන්නේ කෙහොම ද? දේශනා කරන්නෙක් නැතිව ඔවුන් අසන්නෙ කොහොමද? සමහරු යවනු ලැබුවොත් මිස දේශනා කරන්නේ කොහොමද?. ශුභාරංචීයේ ගැළවීම යේසුස්වහන්සේ කෙරෙහි ඇදහීමෙන් පමණි අපට ලැබෙන්නේ (යොහාන් 3:16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පුද්ගලයෙකු පොදු එළිදරව්වීම තුලින් ගැළවීම ලැබිය හැකි ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries