සාතන් පිදීම යනු කුමක්ද?



ප්‍රශ්නය: සාතන් පිදීම යනු කුමක්ද?

පිළිතුර:
සාතන් පිදීම පහසුවෙන් නිශ්චිත ලෙස අර්ථ දැක්වීමක් කළ නොහැකිය. සාතන් පිදීමේ බොහෝ අංශයන් ඇත. කිතුණුවන්ගේ අසමතාවන්ට හැරෙන්නට, සාතන්ගේම මූලික මූලධර්මවලට ඔවුන්ම එකග නොවේ. කිතුණුවන් බයිබලීය පරිච්ජේදයන්හි පරිවර්තනයන් වලදී තමන්ගේ මතයන් හෝ අවබෝධයන් වලදී වෙනස් වීමට හැකි වුවද, ඔවුන් විශ්වාස කරනු ලබන්නේ සමාන මූලිකධර්මයන්ය. එය නම් යේසුස් වහන්සේ අපගේ පාපයෙහි මිලය කුරුසිය මත දිවි පුදමින් ගෙවා මළවුන් ගෙන් උත්ථානවූ දෙවියන් වහන්සේගේ පූත්‍රයා බවය. සාතන් පුදන අය සාතන් ජීවමානව වෙසෙනවාද ඔවුන් නමස්කාරකරන්නේ ඔහුවමද නැතහොත් තමන්වමද යන්න පිළිබඳව වාදකර ගනී. එහි හරය නම් ඔවුන් බොරුවෙන් බැදුම් ලද වියවුල් සහගත කණ්ඩායමක්ය. යොහාන් 8:44 සමහරවිට සාතන්ට අදාල විය හැකිය "නුඹලා නුඹලාගේ පියවූ යක්‍ෂයාගෙන්ය. නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය. ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියාය".

මෙම බොරු නිසා, සාතන් පිදිම තුළ සංකල්පවේදය අධිකභාවයෙන් යුක්තවේ. සමහර සාතන් පිදීමේ පරීශීලනයන් නිරතුරුව සිදුවන අතර සාතන්ගේ ඒකත්වය / එකමුතු බව පූජා විධි වලදී දක්නට ලැබෙන්නේ විශ්වාසය මත පාදකවූ පද්ධතිකට වඩාය.

බොහෝ සාතන්ට අයිතිවූ අය, යක්‍ෂ නමස්කාර කරන්නන්, ඉතා දුෂ්ට / පාපිෂ්ඨ / දරුණු අය, ලුසිෆර් නමස්කාර කරන්නන් සහ සාතන්ගේ සභාවේ සමාජිකයින්, ලේවායන් සාතන් පිදීමේ නමස්කාරයන්හි මූලාශ්‍රයන්ට හිමිකම් පාන අතර එහි ආරම්භකයා වන ඇන්ටන් ලෙවි වන සාතනික බයිබලයේ කතෘවරයා සහ පළමුව නසාතන්ගේ සභාවේ ප්‍රාරම්භකයාද වේ. ලෙවි අනුමාන වශයෙන් පළමුවන සාතන් සභාව ආරම්භ කරනු ලැබුවේ 1966 දීය. ස්වයං ප්‍රකාශණයක් ලෙස සියලු නපුරේ අධිකාරිත්වය පිළිබඳ සතිපතා දේශණාදීම ආරම්භ කරනු ලැබුවේ පුද්ගලයෙකුට ඩොලර් දෙකක අයකිරීමක් මතය. මෙලෙස සාතන් සභාව ආරම්භවිය.

සාතන් පිදීමේ සෑම ශාකාවකම ප්‍රධාන පොදුවේ ගත් ලක්ෂණයක් වන්නේ තමාව / ස්වයං ප්‍රවර්ධනය කර ගැනීමක්ය. සියලු ආකාර සාතන් පිදීමේ නමස්කාරයන්හි හිමිකම් කියනු ලබන්නේ ජීවිතය පවතින්නේ ක්‍ෂයවීම සඳහා බවත් ආත්මාර්ථකාමිත්වය ගුණාංගයක් බවත්ය. සාතන්ට අයිති වූවන් ඔවුන් පවතින බවට දන්නා එකම ස්ථානය නම් මේ පොළොව බවයි. එමෙන්ම යක්‍ෂයන් නමස්කාර කරන්නවුන් මොහොතකට ජීවත්වන අතර, ඔවුන්ගේ ඇදහිලි ක්‍රමය කෑදරකම සහ සල්ලාලකම වේ.

සාතන් පිදිම සාතන්ට අවනතවීමට පොරොන්දු කරවා ගනී. සමහර එම සභාවේ අයම දෙවියන් වහන්සේ කෙනෙක් හෝ යක්‍ෂයෙක් ජීවමානව නොමැති බව විශ්වාස කරයි. සාතන්ගේ සභාවේ බොහෝ අය ඔවුන්ව හෝ කවුරුන්ව හෝ ගලවා ගැනීම සඳහා කිසිවෙක් නොමැති බව විශ්වාස කරයි. සෑම පුද්ගලයෙකුම තමාගේ ජීවිත ගමන සඳහා වගකිව යුතුවේ. එහෙත් තවමත් ඔවුන් සාතන්ට ජූජාවිධි සහ පිළිවෙත් පවත්වමින් ඔහුගේ ශ්‍රේෂ්ඨ හස්තය තමන්ගේ ජීවිත වල ප්‍රකාශවන පිණිස අයදියි. මෙවැනි ආකාරයේ සිතීම් / කල්පනා කිරීම” ඔවුන්ගේ චින්තනයන්හි කෙතරම් මුළාව හා බොරුව ගැබ්වී ඇත්ද යන්න එළිදරව් කරයි. සාතන්ට අයිති වූවන් / සාතන් නමස්කාර කරන්නවුන් ඔහු අදහනවාද නැත්ද යන්න සාතන්ට අදාල නොවේ. නමුත් අවසාන ප්‍රථිඵලය එයම වන අතර දෙවියන් වහන්සේ මැදිහත් වූයේ නැත්නම්, ඔවුන්ගේ ආත්ම ඔහුගේ වහල් භාවයට පත්වන අතර සදකාලිකත්වය නිරයේ අත්දැකීම වනවා ඇත.

කෙටි වශයෙන් කිවහොත්, සාතන් පිදීම, සාතන්ව පිදීම හෝ නමස්කාරයට හසුවන්නට මෙන්ම හසු නොවන්නට දහැකිය, නමුත් එහි සචේතන උත්සාහය වන්නේ එකම සැබෑවූ දෙවියන් වහන්සේ නමස්කාර නොකිරීමය. යක්‍ෂනික නමස්කාරයන්ට හසුවී ඇති අයගේ හදවත් සහ අභිප්‍රාය පිළිබඳ පැහැදිලි ඇතුලාන්තර දැක්මක් රෝම 1 පරිච්ජේදයෙහි සඳහන් වී ඇත. ඔවුන්ට නොකල යුතු දේ කරන පිණිස "දූෂිත / පවිටු සිත් ඇත. ඔවුන් සියලු ආකාරයේ නපුරෙන් සම්පූර්ණ වි ඇත" (එම 28-29). මෙම ජීවිත රටාවට සාතන් විසින් යොමු කරන ලද අයට දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ සහ මිදීමේ සංකල්පය වටහා ගැනීමට අපහසුවේ. ඒ වෙනුවට ඔවුන් ඔවුන්ම කරණකොටගෙන, ඔවුන්ම උදෙසා ජීවත්වේ.

දෙවියන් වහන්සේ හැර සාතන් පිදීම හෝ වෙනත් කිසියම් දෙයක් අනුගමනය කරන්නවුන්ට 2 පේත්‍රස් යම් අවවාදයන් දෙයි. "ඕවුහු වතුර නැති උල්පත්ය. තද සුළඟින් සහ ගෙනයන මීදුම්ය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම ඉතුරු කර තබා තිබේ. මක්නිසාද ඔව්හු නිශ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථා කරමින් වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇදගනිති. ඔව්හු තුමූම දූෂ්‍යකමේ දාසයන්ව සිටින අතර ඔවුන්ට නිදහස දෙන්ට පොරොන්දුවෙති" (2 පේත්‍රස් 2: 17-19).



නැවතත් සිංහල මුල් පිටුවට



සාතන් පිදීම යනු කුමක්ද?