settings icon
share icon
ප්‍රශ්නය

සාතන්ට අපගේ මනස කියවිය හැකිද නොඑසේ නම් අපගේ සිතුවිලි දැනගත හැකිද?

පිළිතුර


ප්‍රථමයෙන්ම, සාතන් සර්වව්‍යාපී නොවන බව මතක තබා ගැනීම වැදගත්ය – ඔහුට වරකට එක් ස්ථානයක වඩා සිටිය නොහැකිය. දෙවියන් වහන්සේ සෑම තැනකම සිටින සේක, එසේම සියල්ල දන්නේ දෙවියන් වහන්සේ පමණකි.ග සාතන් තමාගේ ලංසු තැබීම පිණිස ඔහුගේ යක්ෂ සේනාව මත රදා පැවතිය යුතුය.

සාතන්ට සහ / නොහොත් ඔහුගේ යක්ෂයන්ට අපගේ මනස කියවිය හැකිද? නැත. 1 රාජාවලිය 8:39 හී සදහන් වන්නේ දෙවියන්වහන්සේ පමණක් මනුෂ්‍යයාගේ හදවත දන්නා සේක් බවය. එම හැකියාව ඇති වෙනත් කිසිකෙනෙකු නොමැත. සිතුවිල්ල තවමත් සකස් වෙමින් පවතිව අතර එය ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් අප පවසන දේ දෙවියන්වහන්සේ දන්නා සේක (ගීතාවලිය 139:4). මනුෂ්‍යය ශරීරයකින් යුතුවූ දෙවියන්වහන්සේ වන යේසුස් වහන්සේ, මනුෂ්‍යයන්ගේ සිතුවිලි දැන ගැනීමේ දිව්‍යමය ගුණාංග ප්‍රදර්ශනය කළ සේක: "එක් එක් පුද්ගලයා තුළවූ දේ උන්වහන්සේ දැන සිටි සේක" (යොහාන් 2:25; මතෙව් 9:4; යොහාන් 6:64).

සාතන් බලවත් බවට දේව වචනයෙන් අපට උගන්වනු ලබයි. වැටුනාවූ සියලූ දේව දූතයන් අතරින් ඉහළම තැනැත්තා ඔහු විය හැකිය. මන්දයත් දේව දූතයන්ගෙන් තුනෙන් එකක් ඔහුගේ කැරැල්ලට එක් වන ලෙස ඒත්තු ගැන්වීමට තරම් ඔහු අනූනයනය විය (එළිදරව් 12:4). සාතන්ගේ වැටීමෙන් අනතුරුව පවා අග්‍ර දේව දූතයා වන මිඛායෙල් වුවද ස්වාමින්වහන්සේගේ උපකාර නොමැතිව ඔහුට අභියෝගයෙන් මූණ දීමට එඩිතර වූයේ නැත (යූද් 1:9). සාතන් වූ කලී "අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාත්මක කරන්නාවූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාවේ" (එපිස 2:2). කෙසේ නමුත් සාතන්ගේ බලයට සීමාවන් ඇති අතර අපගේ මනස කියවීම ඔහුගේ හැකියාවෙන් ඔබ්බට ගිය ආකාරයක් දක්නට ලැබේ.

සාතන්ට සහ ඔහුගේ යක්ෂයන්ට අපගේ මනස කියවීමට සර්වඥතාවයක් අවශ්‍යය නමුත් ඔවුන්ට එය නොමැත. අපගේ සිතුවිලි දැනගත හැකි එකම තැනැන්වහන්සේ දෙවියන්වහන්සේ පමණකි. කෙසේ නමුත් සාතන් සහ ඔහුගේ යක්ෂයන් අවුරුදු දහස් ගණනාවක් පුරාවට මනුෂ්‍යයන්ව නිරීක්ෂණය කරමින් පරීක්ෂාවට ලක් කොට ඇත. නිසැකවම ඔවුන් වසර ගණනාවක් පුරා අප පිළිබදව කරුණු කිහිපයක් ඉගෙන ගන්නට ඇත. අපගේ සිතුවිලි දැන ගැනීම පිණිස වියත් අනුමාන කිරීමක් ඔවුන්ට කළ හැකි අතර පසුව එය ඔවුන්ගේ ලාභය තකා යොදා ගැනීමට ප්‍රයත්න දරතිග අප "යක්ෂයාට විරුද්ධව" (යාකොබ් 4:7 ඉ කොටස) සිටීමට පළමුවෙන් "එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න" (යාකොබ් 4:7 ඒ කොටස) යයි අපට අණ කොට ඇත්තේ ඒ හේතුව නිසාවෙනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන්ට අපගේ මනස කියවිය හැකිද නොඑසේ නම් අපගේ සිතුවිලි දැනගත හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries