settings icon
share icon
ප්‍රශ්නය

සාතන්ට කොපමණ බලයක් තිබේද?

පිළිතුර


සාතන් දෙවියන්වහන්සේ විසින් මවන ලද දේවදූතයෙක් වන අතර ඔහු දෙවියන්වහන්සේගේ අධිකාරිත්වයට විරුද්ධ විය (යෙසායා 14:13) සහ භූතයන් ලෙස හැඳින්වෙන නපුරු ආත්මයන්ගේ රාජ්‍යයක ප්‍රධානියා බවට පත්විය, අන්ධකාර ආත්මයන් සාතන්ගේ "දූතයන්" (මතෙව් 25:41). ස්වර්ගීය ස්ථාන හා පොළොවෙහි ස්ථානවල ඔහුගේ බලය ශ්‍රේෂ්ධ වන අතර එය අවතක්සේරු කල නොහැක. කෙසේ වෙතත්, සාතන් සහ ඔහුගේ හමුදාව බලවත් සතුරන් වන අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සාතන්ගේ බලය බිඳ දමා උත්පත්ති 3:15 හි අනාවැකිය ඉටු කළේය. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසය ජයග්‍රහණය දිනා ගත්තේය (යොහන් 12:31). "මේ ලෝකයේ අධිපතියා දැන් වරදට පත්කර ඇත" (යොහන් 16:11), යේසුස් වහන්සේ කවදා හෝ සාතන්ගේ බලය සම්පූර්ණයෙන්ම විනාශ කර මැවිල්ල පවිත්‍ර කරනු ඇත (2 පේත්‍රැස් 3:10).

ස්වර්ගීය රාජධානියේ / ආත්මික ලෝකයේ සාතන්ගේ බලය:
සාතන්ගේ බලය අධ්‍යාත්මික ක්ෂේත්‍රයේ කීර්තියක් ඇත (යූද් 1:9), එහිදී ඔහුට දෙවියන්වහන්සේ ඉදිරියෙහි සීමිත ප්‍රවේශයක් ඇත (යෝබ් 1:6). දෙවියන්වහන්සේ සහ සාතන් අතර ඇති සම්බන්ධය ගැන යෝබ් පොත අවබෝධයක් ලබා දෙයි. යෝබ් 1:6-12 හී සාතන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටගෙන ඔහු පොළොවේ "ඉහළට හා පහළට" ගමන් කර ඇති බව වාර්තා කරයි (7 පදය). දෙවියන්වහන්සේ සාතන්ගෙන් ඇහුවා ඔහු දේවභක්තික යෝබ් ලෙස සැලකුවාද කියායි. සාතන් වහාම යෝබ්ට දොස් පවරයි කියා චෝදනා කරයි. ඔහු දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නේ දෙවියන්වහන්සේ දෙන ආශීර්වාද වලට පමණයි. සාතන් මෙසේ පවසයි. "ඔබේ අත දිගු කර ඔහු සතුව ඇති සියල්ලට පහර දෙන්න. එවිට ඔහු ඔබේ මුහුණට ශාප කරනු ඇත" (11 පදය). දෙවියන්වහන්සේ යෝබ්ගේ දේපළ හා පවුලේ අයට බලපෑම් කිරීමට සාතන්ට අවසර දෙයි, නමුත් ඔහුගේ පුද්ගල භාවයට නොවේ, සාතන් පිටත්වේ. යෝබ් 2 හි සාතන් යළිත් දෙවියන්වහන්සේ වෙතට පැමිණ, මේ වතාවේ, යෝබ්ගේ පෞද්ගලික සෞඛ්‍යයට බලපෑම් කිරීමට අවසරදී තිබේ. (පොතේ ඉතිරි කොටස යෝබ්ගේ දෘෂ්ටි කෝණයෙන් වන අතර එය දුක්වේදනා සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ උදාහරණයක් සපයයි.)

මෙය වැදගත් ඡේදයකි, මන්ද එය අධ්‍යාත්මික ක්ෂේත්‍රයේ සාතන්ගේ ස්ථානය පෙන්වන බැවිනි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි දෙවියන්වහන්සේට චෝදනා කිරීමට ඔහුට හැකියාවක් ඇති අතර, යූද් 1:9 පෙන්වන්නේ අග්‍ර දේවදූත මිකායෙල්ට පවා ඔහුව ජය ගැනීමට ස්වාමින්ගේ උපකාරය අවශ්‍ය බවයි. කෙසේ වෙතත්, සාතන් පැහැදිලිවම ඔහුගේ සම්පූර්ණ කෝපය පැනවීමෙන් වැළකී සිටී. ඔහු තවමත් දෙවියන්වහන්සේ යටතේ මැවූ ජීවියෙකි, ඔහුගේ බලය සීමිතය.

පෘථිවියේ සාතන්ගේ බලය:
සාතන් නපුරක් කර පොළොවට සෘජුවම හානි කරන බව යෝබ් 1 ද හෙළි කරයි. ඔහු පොළොවෙහි කළ ක්‍රියාවන්ගෙන් වඩාත් ප්‍රචලිත හා වැදගත් දෙය සිදුවූයේ ඒදන් උයනේය. උත්පත්ති 3 හි පවසන්නේ "සියලු ජීවීන්ගේ මව" වන ඒවව සාතන් විසින් පෙළඹවීම (20 පදය) සහ පසුව ඇය කළ පළමු පාපයයි. පාපය ලොවට ගෙන ආවේ මෙම ක්‍රියාව සහ ඒවගේ ස්වාමි පුරුෂයාවූ ආදම්ගේ ක්‍රියාවයි. දෙවියන්වහන්සේ සමග සිටීම සඳහා සියලු මනුෂ්‍ය වර්ගයා පාපයෙන් මුදවා ගත යුත්තේ ඒ හේතුවෙනි.

දිනක් යේසුස්වහන්සේට "අවුරුදු දහඅටක් තිස්සේ ආත්මයකින් බැඳ තබා තිබුණු ස්ත්‍රියක් මුණ ගැසුණි (ලූක් 13:11). සාතන් විසින් ඇයව "බැඳ තබා" තිබූණු මෙම දුර්වල තාවය යේසුස්වහන්සේ නිදහස් කරයි (16 පදය). සාතන්ගේ බලය සැබෑය, නමුත් එය අපගේ ස්වාමින්වහන්සේට පහසුවෙන් ජය ගත හැකිවිය: "උන්වහන්සේ ඇය මත අත තැබූ විගසම ඇය කෙළින්වී දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේය" (13 පදය). යේසුස්වහන්සේගේ ප්‍රාතිහාර්යය සාතන් කෙරෙහි උන්වහන්සේගේ අධිකාරය පැහැදිලිව පෙන්නුම් කරයි.

සාතන් මෙලොව නපුරට පෙලබවුදා සිට මේ ලෝකයේ "කුමාරයා", "දෙවියන්" හෝ "පාලකයා" ලෙස නම් කර ඇත (යොහන් 14:30; . යොහන් 12:31; 16:11; 2 කොරින්ති 4:3-4; එපීස 2:2; කොලොස්සි 1:13). ඔහු දෙවියන්වහන්සේගේ හා සත්‍යයේ සතුරාය (මතෙව් 13:24-30; 2 තෙසලෝනික 2:9-12), තවද පුද්ගලයන්ව පොළඹවා ගැනීමට ඔහු හැකි සෑම දෙයක්ම කරයි (උත්පත්ති 3; ලූක් 22:31; 1 තිමෝති 3:7) සහ විශාල කණ්ඩායම් (1 තෙසලෝනික 3:5; එළිදරව් 2:10). ඔහු "මුළු ලෝකයම නොමඟ යවයි" (එළිදරව් 12:9). මිනිසාගේ උඩඟුකමට ආයාචනා කිරීම (1 තිමෝති 3:6; 1 කොරින්ති 4:6), සත්‍යය සම්ප්‍රේෂණයට බාධා කිරීම (මතෙව් 13:18-22, 38-39) සහ බොරු ඇදහිලිවන්තයන්ව සභාව තුළ තැබීම ඇතුළු විවිධ ආකාර වලින් සාතන් මෙය ඉටුකරයි. සභාව (1 තිමෝති 4:1-2; 2 තිමෝති 3:1-9; එළිදරව් 2:9; 3:9). යොහන් 8:44 හි යේසුස්වහන්සේ පවසන්නේ සාතන් "බොරුකාරයෙක් සහ එහි පියා" බවයි.

දෙවියන්වහන්සේ තවමත් සාතන්ට මේ ලෝකයේ යම් බලයක් ලබාදී ඇත, එයින් අදහස්කරන්නේ ඔහුගේ බලය තවමත් සම්පූර්ණයෙන් බිඳී නැති බවය — එක් ප්‍රදේශයක හැර: ඔහුගේ මරණයේ බලය. හෙබ්‍රෙව් 2:14-15 පවසනවා යේසුස්වහන්සේ මරණය විදිමට මනුෂ්‍යයෙකු ලෙස පැමිණියේය. "මරණයේ බලයඇති තැනැත්තා එනම් යක්ෂයාව විනාශ කිරීම" සඳහා සාතන් "මුල සිටම" තබා තිබූ බලය (යොහන් 8:44). යේසුස්වහන්සේ දෙන ගැලවීම අපට සාතන්ගේ ගෙල සිරකර තැබිමට හැකියාව අත්විය. මරණයා විසින් දෂ්ඨ කිරිම නැතිවී ඇත (1 කොරින්ති 15:55).

සාතන්ගේ බලය — නිගමනය:
බයිබලය පවසන්නේ "මුළු ලෝකයම නපුරු තැනැත්තාගේ පාලනය යටතේ පවතින" බවයි (1 යොහන් 5:19), අප "ආත්ම දමනය හා අවදියෙන් සිටිය යුතුය. ඔබේ සතුරා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් ගිල දමයි." (1 පේත්‍රැස් 5:8). කිතුනුවන්ට විශාල බලාපොරොත්තුවක් ඇත, මන්ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ (යොහන් 16:33) සහ උන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල (1 යොහන් 5:4) සාතන්ගේ නපුර පරාජය කර ඇත. "ඔබ තුළ සිටින තැනැත්තා ලෝකයේ සිටින තැනැත්තාට වඩා උතුම්ය" (1 යොහන් 4: 4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන්ට කොපමණ බලයක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries