settings icon
share icon
ප්‍රශ්නය

සාතන් සිටින්නේ නිරයේද? සාතන් සිටින්නේ කොතැනකද?

පිළිතුර


දැනට සාතන් සිටින්නේ නිරයේ නොවේ. ඇත්තවශයෙන්ම සාතන් මෙලොව සැරිසරමින් මනුෂ්‍යයන් පාපයට පොළඹවමින් එමගින් ඔවුන්ව දෙවියන් වහන්සේගෙන් වෙන් කරමින් සිටියි. 1 පේත්‍රැස් 5:8 හි මෙලෙස දක්වා ඇත. සිහිසන් ඇතිව අවදිව සිටින්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙක ගිලගනිම් දෝ හෝයි සොයමින් ඔබ මොබ අවිදින්නේය. යොහාන් 14:30 හි සදහන් වනුයේ යේසුස් වහන්සේ සාතන්ව හැදින්වූයේ "ලෝකයේ අධිපතියා" ලෙසයි. එසේම අපෝසඵ පාවුලතුමා සාතන් හැදින්වුයේ "අකීකරු අය තුළ ක්‍රියා කරන බලවේගය වන ආකාශ බලධාරින්ගේ අධිපතියා" ලෙසයි. (එපීස 2:2). සාතන් නිරයේ වාසය නොකරයි. ඔහු මෙලොව සහා එය වටා ඇති විශ්වයේ ජීවත් වෙමින් සහ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සිටියි.

සාතන් යනු "බොරුවේ පියාය." (යොහාන් 8:44) එසේම ඔහු මේ මෙහොතේදීද මෙලොවට බලපෑම්කරමින් එය පාලනය කරයි. සාතන් තමාට නමස්කාර කරනු ලැබීමට කැමතිය. (මතෙව් 4:9) එසේම ඔහු මනුෂ්‍යයන් තමා වෙත නැඹුරු කර ගැනීම සදහා ප්‍රයෝගකාරි සහ සිත අවුල් කරන ක්‍රියාවන් උපයෝගි කරයි. මෙලොව වැසියන් කුමන ආකාරයකින් හෝ සාතන්ට නමස්කාර කරති. නමුත් දේව රාජ්‍යයෙට අයත් අය ඒ අතර නොසිටිති. එබැවින් ඔවුන් සාතන්ගේ කූට ක්‍රියාවලින් මිදී සිටිති. යම් කිසි මනුෂ්‍යයෙකු දෙවියන් වහන්සේගේ දරුවෙකු නොවන්නේ නම් ඔහු සාතන්ගේ දරුවෙකු වීම නොවැළැක්විය හැක. (යොහාන් 8:44, ක්‍රියා 13:10). පළමුව 1 යොහාන් 3:10 මගින් අපට පෙන්වා දෙන්නේ එම දෙපාර්ශවය වෙන් කොට හදුනාගත හැකි ක්‍රමයයි. දෙවියන් වහන්සේ දරුවන්ද, යක්ෂයාගේ දරුවන්ද හදුනාගත හැක්කේ මෙසේය. යුතු දේ නොකරන, තම සහෝදරයා හා සහෝදරියට ප්‍රේම නොකරන කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවන් නොවෙති. යාකොබ් 4:4 මගින් විස්තර කරනුයේ මෙලොව සමග මිතුරුකම් කරන යම් කෙනෙක් ඇද්ද ඔහු දෙවියන් වහන්සේගේ සතුරෙකි යන්නයි.

මෙහිදී අප දැනගත යුතු වැදගත් කරුණ වූ කලී, යේසුස් වහන්සේ ඉතා ඉක්මනින් මෙලොව නැවත පැමිණ උන්වහන්සේට අයත් සියඵ දෙනා ඒකරාශි කර ගන්නා බවය. උන්වහන්සේ සාතන්ව පරාජය කොට උන්වහන්සේ තෝරා ගත් අය තමන් වහන්සේ සතු කර ගන්නා බවය. අවසානයේදී සාතන් ගිනි විලට නෙරපනු ලබන අතර, ඔහු සදහටම දිවා රෑ දෙකෙහි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නේය. (එළිදරව්ව 20:10) ඉන් පසුව නොඇදහිලිවතුන් ඔවුන් ජීවත්ව සිටි කාලයේදී කලාවු ක්‍රියාවන් අනුව යේසුස් වහන්සේ ගේ විනිශ්චයට යටත් වනු ඇත. ජිවන පොතේ නම සදහන් නොමැති යම් කෙනෙක් වේද, ඔහු සාතන් සහ ඔහුගේ අනුගාමිකයන් සිටින ගිනි විලට නෙරපනු ලබේ. (එළිදරව් 20:13–15) නිරය සහා මරණයද එම ගිනි විලට නෙරපනු ලැබේ. (එළිදරව් 20:14) ප්‍රායෝගිකව සලකා බලන කළ කිසිම අවස්ථාවකදී සාතන් නිරයේ වාසය නොකරයි. නමුත් ඔහු "නිරය වැනි" අධික උෂ්ණත්වයක් ඇති ස්ථානයක දුක් ගාවිනා විදිමින් සදාකල්ම ස්ථානගත කරනු ලබයි.

එබැවින් අප එක්නෙකාගේ අරමුණ විය යුත්තේ තම තමාගේ නම ජිවන පොතේ ලියවී ඇති බව සනාථ කර ගැනීමය. එමගින් එම තැනැත්තා හට සදාකල්ම ගිනි විලේ දෙවියන් වහන්සේගෙන් වෙන්ව සිටිනවා වෙනුවට ස්වර්ගයේ සදාතන ජීවනය හිමි වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන් සිටින්නේ නිරයේද? සාතන් සිටින්නේ කොතැනකද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries