settings icon
share icon
ප්‍රශ්නය

සාතන්ට තවමත් ස්වර්ගයට ප්‍රවේශ වීමට බලය තිබේද?

පිළිතුර


සාතන් මූලිකව දෙවියන්වහන්සේගේ ශුද්ධ දූතයෙක් වූ නමුත් ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගැසූ හෙයින් ස්වර්ගයෙන් පිටතට නෙරපා දමනු ලැබීය (ලුක් 10:18). එය විනිශ්චයේ පළමු අදියර පමණක් විය. සාතන්ගේ රාජධානිය කුරුසියේදී අභිභවනු ලැබීය (යොහාන් 12:31-32). පසුව ඔහුව පාතාලයෙහි වසර දහසක් බැද දමා තබනු ඇත (එළිදරව් 20:1-3) ඉන් අනතුරුව ගින්නෙන් සහ ගෙන්දගමින් යුතුවූ ගිනි විලට හෙළනු ලබයි (එළිදරව් 20:10).

ඔහුගේ අවසාන විනිශ්චය තෙක් සාතන් "මේ ලෝකයේ අධිපතියාවේ" (යොහාන් 14:30), එනමුත් ඔහු ස්වර්ගික ක්ෂේත්‍රයන්ට ප්‍රවේශ වීමේ බලය සීමා කර ඇති බව පෙනී යයි. යෝබ් 1:6 ට අනුව සාතන් දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි සිට ගනු ලබයි. 2 ලේකම් 18:18-21 හිද මෙයට අනුරූපී වූ "බොරුකාර ආත්මයන්" පිළිබදවද සදහන්වේ.

දෙවියන්වහන්සේ ශුද්ධ හා නිසැකවම පාපයෙන් තොර හෙයින් (යෙසායා 6:3), එසේම උන්වහන්සේ පාපය දෙස දෑස් හෝ යොමු නොකරන හෙයින් (හබක්කුක් 1:13), සාතන් ස්වර්ගයෙහි සිටිනු ලබන්නේ කෙසේද? එයට පිළිතුර වනුයේ පාපය පිළිබද දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ සංයමයවේ. යෝබ් 1 හී සාතන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටගනු ලැබුවේ ඔහු පිළිබද වාර්තාවක් දීම පිණිසය. දෙවියන්වහන්සේ විසින් රැස්වීම ප්‍රථමාරම්භ කරනු ලැබ, කටයුතු මෙහෙයවනු ලැබූ අතර නිරපේක්ෂ පාලනයක නිරත වූ සේක (7 වන පදය). එහි ප්‍රතිඵලය වූයේ සාතන්ගේ බලය සීමා කරනු ලැබ (12 වන පදය)– දෙවියන්වහන්සේ මහිමයට පත්වීමය.

සැලකිල්ලට ගත යුතු තවත් කරුණු කිහිපයක් නම් මෙසේය: 1) දෙවියන් වහන්සේ ඉදිරියෙහි සාතන්ට විවෘත ප්‍රවේශයක් නොමැත. දෙවියන්වහන්සේ විසින්ම ඔහුට පැමිණීමට අණ කරනු ලැබූ සේක. 2) එම බැහැ දැකීම් තාවකාලිකය. දෙවියන්වහන්සේගේ සිහසුන ඉදිරියෙහි ඔහුගේ කාලය සීමිතය. 3) දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද පාපිෂ්ඨ ජීවියකුගේ පැමිණීම කරණකොටගෙන පාරිශුද්ධභාවය කිසිසේත් කැළැල් නොවන්නේ එය දෙවියන්වහන්සේගේ නියාමන බලය තුළින් "නිරෝධායනය" කරනු ලබන්නාක් මෙනි. එසේම, 4) සාතන්ට ප්‍රවේශ වීමේ බලය දී ඇත්තේ අවසාන විනිශ්චයට පළමුවෙන් පමණි. විනිශ්චයෙන් අනතුරුව දෙවියන්වහන්සේ විසින් අළුත් අහසක්ද අළුත් පොළොවක්ද මවනු ලබන සේක (එළිදරව් 21:1), අපගේ දෑස් වලින් සියලූ කඳුළු පිස දමන සේක (4 වන පදය) ශුද්ධවූ නුවර වන යෙරුසලම අනාවරණය කරන සේක (10 වන පදය) එසේම පාපය සම්පූර්ණයෙන්ම අභාවයට යන බවට පොරොන්දු වන සේක. (27 වන පදය)

"දෙවියන්වහන්සේට පාපය ස්වර්ගය තුළට පැමිණීමට අවසර දිය නොහැක" යනුවෙන් අප පවසන විට අප සරලවම අදහස් කරන්නේ තවමත් පාපයේ සිටින මනුෂ්‍යයන්ට උන්වහන්සේ ඉදිරියෙහි ජීවත් වීමට දෙවියන්වහන්සේට ඉඩ දිය නොහැකි බවය. නමුත් දෙවියන්වහන්සේට තමන්වහන්සේගේ ශුද්ධකම පාවා නොදී පවිකරුවෙකු උන්වහන්සේ ඉදිරියෙහි (තාවකාලිකව) සිට ගැනීමට අණ කිරීමට හැක, මන්දයත් ඔහුව පත් කිරීමට (යෙසායා 6), ඔහුගෙන් වාර්තාවක් ලබා ගැනීමට (යෝබ් 1–2). නැතහොත් ඔහුව විනිශ්චය කිරීම පිණිසය (එළිදරව් 20:11-15).

දෙවියන්වහන්සේගේ ශුද්ධකම අවසානයේදී සියලූ පාපයන් විනාශ කර දමයි. එම දිනය පැමිණෙන තෙක් උන්වහන්සේගේ ශුද්ධකම පාපය හසුරුවනු ලබන අතර ඉන් අදහස් කරනුයේ සාතන්ව සමහර අවස්ථාවන්හී ඔහු පිළිබදව වාර්තාවක් ලබා දීමට සුළු මොහොතකට ඔහුගේ මැවුම්කරුවාණන් ඉදිරියට පැමිණීමට අණ ලබන බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන්ට තවමත් ස්වර්ගයට ප්‍රවේශ වීමට බලය තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries