settings icon
share icon
ප්‍රශ්නය

ජීවිතයේ පරිශුද්ධභාවය විශ්වාස කිරීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


"ජීවිතයේ පරිශුද්ධ භාවය"යන වාක්‍යයෙන් පිළිම්ඹු වන්නේ මිනිසුන් දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් සාදන ලද නිසා (උත්පත්ති 1:26-27), මිනිස් ජීවිතයට සහජයෙන්ම පරිශුද්ධ ගුණාංගයක් ඇති අතර එය සෑමවිටම ආරක්‍ෂා කළ යුතු අතර ගෞරවයට පාත්‍ර විය යුතුය. දෙවියන් වහන්සේ මනුෂ්‍යය වර්ගයාට වෙනත් ජීවීන් ඝාතනය කිරිමට හා අනුභව කිරීමට බලය ලබාදී ඇත (උත්පත්ති 9:3), නමුත් තවත් මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම සපුරා තහනම්ය එයට දඬුවමද මරණය (උත්පත්ති 9:6).

මනුෂ්‍යය වර්ගයා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති නමුත්, පාපය එම රූපය දූෂ්‍යකර ඇත. වැටුණු මිනිසා තුළ සහජයෙන්ම පරිශුද්ධ දෙයක් නොමැත. මිනිස් ජීවිතයේ පරිශුද්ධ භාවය ඇති වන්නේ අප එතරම්ම පුදුමාකාර හා යහපත් මිනිසුන්වීම නිසා නොවේ. ජීවිතයේ පරිශුද්ධ භාවය මනුෂ්‍යත්වයට අඳාළ වන එකම හේතුව නම් දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ ස්වරූපයෙන් මැවූ අතර, අනෙක් සියළු ජීවීන්ගෙන් වෙන්කර තැබීමයි. එම රූපය ඇත්ත වශයෙන්ම පාපයෙන් විනාශවී ඇතත්, උන්වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය වර්ගයා තුළ පවතී. අප දෙවියන්වහන්සේ හා සමාන වන අතර, ඒ සමානකම යන්නේන් අදහස් කරන්නේ මිනිස් ජීවිතය සැමවිටම ගෞරවයෙන් හා බහුමානයෙන් යුතුව සැලකිය යුතු බවයි.

ජීවිතයේ පරිශුද්ධ භාවයය න්නෙන් අදහස් කරන්නේ මනුෂ්‍යත්වය සෙසු මැවිල්ලට වඩා පරිශුද්ධ බවයි. දෙවියන්වහන්සේ ශුද්ධය යන අර්ථයෙන් මනුෂ්‍ය ජීවිත ශුද්ධ නොවේ. තමා තුළම ශුද්ධ වන්නේ දෙවියන්වහන්සේ පමණි. මිනිස් ජීවිතය ශුද්ධ වන්නේ දෙවියන්වහන්සේ විසින් මවන ලද අනෙකුත් සියළු ජීවින් ගෙන් "වෙන්ව" යන අර්ථයෙන් පමණි. බොහෝ දෙනෙක් ගබ්සාව හා දයානුකම්පාව වැනි ගැටළු වලට ජීවිතයේ පරිශුද්ධ භාවය අදාළ කරන අතර, එය අනිවාර්යෙන්ම එම ගැටළු වලට අදාලවන අතර, එය තවත් බොහෝදේ සඳහාද අදාළවේ. ජීවිතයේ පරිශුද්ධ භාවය මිනිස් ජීවිතයට එරෙහිව සිදුවන සියළු ආකාරයේ නපුරුකම් සහ අයුක්තියට එරෙහිව සටන් කිරීමට අපව පොළඹවිය යුතුයි. ප්‍රචණ්ඩත්වය, අපයෝජනය, හිංසනය, මිනිස් ජාවාරම සහ තවත් බොහෝ නපුරුකම්ද ජීවිතයේ පරිශුද්ධ භාවය උල්ලංඝනය කිරීමකි.

ජීවිතහේ පරිශුද්ධ භාවයෙන් ඔබ්බට, මේ දේවල් වලට වඩා හොඳ තර්කයක් තිබේ. එනම් උතුම් ආඥාවයි. මතෙව් 22:37-39 යේසුස් වහන්සේ මෙසේ පවසයි. "උන්වහන්සේ ඔහුට කථා කොට: තාගේ මුළු හෘදයෙන්ද, තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද, තාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව, මේක උතුම්වූ පළවෙනි ආඥාවය, මෙය හා දෙවෙනි සමාන එකක් තිබේ, එනම් තට මෙන් තාගේ අසල්වාසියාටද ප්‍රේම කරව" යන්නයි. මේ ආඥාවන් වලදී, අපගේ ක්‍රියාවන් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ අන් අයට ප්‍රේම කිරිම මඟින් පෙලඹවිය යුතු බව අපට පෙනේ. අප දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ සැලසුමෙහි කොටසක් ලෙස අපි අපටම ප්‍රේම කරමින් උන්වහන්සේගේ කැමැත්ත අපගේ මරණ වලින් වඩාත් හොඳින් ඉටුවන තෙක් උන්වහන්සේගේ කැමැත්ත කරමින් උන්වහන්සේගේ සෙනඟට හොඳින් සලකමින් ප්‍රේම කරමූ (ගලාති 6:10, කොලොස්සි 3:12-15). අපි වැඬිහිටියන්ගේ සහ රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලමු. ගබ්සාව, සුවපත් මරණය, මිනිස් ජාවාරම හෝ වෙනත් අපයෝජකයන් ගෙන් අන් අයව ආරක්‍ෂා කරගනිම. ජීවිතහේ අත්තිවාරම පරිශුද්ධ භාවය විය හැකි නමුත් අභිප්‍රේරණය කළ යුත්තේ ප්‍රේමයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජීවිතයේ පරිශුද්ධභාවය විශ්වාස කිරීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries