ඔබ එකම පාපය නැවත නැවත සිදු කරන්නේ නම් දෙවියන් වහන්සේ නිරතුරුවම ඔබට කමා කරයිද?



ප්‍රශ්නය: ඔබ එකම පාපය නැවත නැවත සිදු කරන්නේ නම් දෙවියන් වහන්සේ නිරතුරුවම ඔබට කමා කරයිද?

පිළිතුර:
මෙම ප්‍රශ්ණයට හොඳම පිළිතුර සඳහා ලියවිල්ලෙහි බලවත් කොටස් දෙකක් දෙසට අපි අපගේ නෙත් යොමු කරමු. පළවන කොටස ගීතාවලියෙහි සඳහන් වේ. "නැගෙනහිරබස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන්, උන්වහන්සේ අපේ වරද අපෙන් දුරු කළ සේක" (ගීතාවලිය 103:12). දෙවියන් වහන්සේ ගේ වචනයේ පොරොන්දු අපට දී තිබියදීත් කිතුණුවන් වෙත සාතන්ගේ ඉතාමත් ක්‍රියාශීලී උපායක් නම් අපගේ පාපයන්ට සැබවින්ම සමාවලැබී නැති බව ඒත්තු ගැන්වීමය. අප සැබවින්ම යේසුස් වහන්සේ අපගේ ගැලවුම්කරු ලෙස ඇදහිල්ලෙන් පිළිගෙන තිබියදීත්, සැබෑ ලෙසම පව් කමාව ලැබූවේද යන අපහසු තාවයක් ගෙන දෙන හැඟීමක් අපට වේ නම් සමහරවිට අප සාතන්ගේ පහරදීමකට හසූවී සිටිය හැක. සෙනඟ සාතන්ගේ ග්‍රහණයෙන් මිදිම සාතන් ද්වේශකරන අතර, එසේ වූවිට ඔවුන්ගේ ගැලවීම පිළිබඳ සැකයේ බීජයන් ඔවුන් තුළ පැල කිරීමට උත්සාහ දරයි. සාතන්ගේ උපායශීලී අවි ගබඩාවෙහි ඇති උපකරණයන් ගෙන් විශාලතම එකක් වන්නේ අපගේ අතීතයේ අපරාධයන් සිහි ගන්වා, දෙවියන් වහන්සේට අපගේ පාපයන්ට සැබවින්ම සමාවදීමට හෝ නැවත අප ප්‍රතිස්ථාපනය කිරීමට නොහැකි වූ බව ඔප්පු කිරීමට උත්සාහ දැරීමය. සාතන් ගේ ප්‍රහාරයන් දෙවියන් වහන්සේගේ පොරොන්දු මත රඳා පැවතෙමින් එතුමන්ගේ ප්‍රේමය විශ්වාස කිරීමට සැබවින්ම අභියෝගයක් වේ.

නුමුත් මෙම ගීතිකාවෙහි අපට කියා පාන්නේ දෙවියන් වහන්සේ අපගේ පාපයන් කමා කරනවා පමණක් නොව එතුමාගේ අභිමුඛයෙන් පවා ඒ සියල්ල ඉවත් කර දමන බවය. මෙය ගැඹුරු අධ්‍යයනයක් වේ. මෙය අපට ග්‍රහණය කර ගන්නට අපහසු සංකල්පයක් බව ප්‍රශ්ණ කිරීමකින් තොරව අපි දන්නෙමුව. මන්දයත් පව් කමාව ලැබූ බව පිළිගැනීමට වඩා පව් කමාව ලැබූවාද යන්න පිළිබඳ කනස්සල්ලට පත්වීම පහසුවීම නිසාය. අපගේ සැකයේ සිතිවිලි වලින් හා හදවතේ දෝෂාරෝපණයන් ගෙන් මිදී පව් කමාව පිළිබඳ එතුමාගේ පොරොන්දු මත රඳා පැවතීම ප්‍රධාන සරලම දෙය වේ.

තවත් කොටසක් නම් 1 යොහාන් 1:9 "අපේ පාපවල් කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්ටත් සියලූ අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක". කෙතරම් පුදුම ඇදහිය නොහැකි පොරොන්දුවක්ද? දෙවියන් වහන්සේගේ දරුවන් පව් කළ විට ඔවුන්ට පව් කමා කරනු ලබන්නේ පසුතැවීමේ ආකල්පයකින් ඔවුන් දෙවියන් වහන්සේ වෙතපැමිණ පව් කමාව අයැදුවොත් පමණි. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඉමහත් බැවින් පව්කරුවාගේ පාපයෙන් මුළුමනින් පවිත්‍ර කරන්ටත් එවිට ඔහුට දෙවියන් වහන්සේගේ දරුවෙක් වීමටත් හැකිවන අතර ඊට සමරූපීව අපි පැකිළී වැටීමකට ලක් වුවත් අපට පව් කමාව ලැබීමට හැකිවීම ඉමහත් දෙයක් වේ.

"එකල පේත්‍රුස් උන්වහන්සේ ළඟට ඇවිත්, ස්වාමීනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් සමාවෙන්ටද? සත්වරක් දක්වා දැයි උන්වහන්සේගෙන් ඇසුවේය යේසුස් වහන්සේ ඔහුට කථාකොට: හත් වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි" මතෙව් 18:21-22 දක්වා අපි කියවන්නෙමුව. පේත්‍රුස් සැබවින්ම සිතුවේ ඔහු ඉතාමත් උදාර කෙනෙකු ලෙසය. තමාට වරදකළ කෙනෙකුට ඒ හා සමාන ප්‍රතිවිපාක නොදී පේත්‍රුස් යෝජනාවක් ගෙන නියමිත මඟින් වෙනස්ව ගොස් තම සහෝදරයාට සත් වතාවක් කියනවිට අටවෙනි අවස්ථාවේදී කමාව සහ අනුග්‍රහය සිඳී යන්නට තිබූණි. නුමුත් පේත්‍රුස් ගේ අනුග්‍රහයේ වත්කම ක්‍රිස්තුස් වහන්සේ අභියෝගයට ලක් කරනු ලැබුවේ සැබවින්ම පව් කමාව සොයන්නන්ට එය අසීමිත බව පවසමිනි. මෙය සිදුවිය හැකි වන්නට එකම හේතුව වන්නේ කුරුසිය මත වැගුරූ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරණකොටගෙන ගොඩ නැඟුණාවූ අසීමිත අනුග්‍රහය නිසාම පමණි. ක්‍රිස්තුස් වහන්සේගේ පව් කමා කිරීමෙී බලය නිසාම පාපයට වැටුණුවිට ඉතා යටහත් පහත්ව පවි කමාව අයැදු වහොත් සැබවින්ම අපට පවිත්‍රවන්නට හැකිය.

ඒ සමඟම අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ ගැලවීම ලත් පුද්ගලයෙකු පුරුද්දක් ලෙස ජීවිත රටාව තුළ නිරතුරුව පව් කළ නොහැකි බවය (1 යොහාන් 3:8-9). මේ හේතුව නිසා පාවුල්තුමා අපට 2 කොරින්ති 13:5 මෙසේ අවවාදකරණු ලබයි. "නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්‍ෂා කර බලාපල්ලා. නුඹලාම සෝදිසි කර බලාපල්ලා. නොහොත්, නුඹලා එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ වසන බව නුඹලාම නොදනිවුද?" කිතුණුවන් ලෙස අප පැකිළි වැටීම් සිදුවිය හැකිය, නුමුත් නිරතුරු පසු නොතැවූණු ජීවිත රටාවක් අපට තිබිය නොහැකිය. අපසෑම කෙනෙකුටම දුර්වලකම් තිබෙන අතර අකමැත්තෙන් වුවද පාපයට ඇදවැටීමට හැකිය. පාවුල්තුමාද තමන් අකමැති දෙය කරනු ලැබුවේ ශරීරයෙහි පාපය ක්‍රියා කළ නිසාය (රෝම 7:5). පාවුල්තුමා ලෙස ඇදහිලිවන්තයාගේ ප්‍රතිචාරය විය යුත්තේ පාපයට ද්වේශකරමින්, පසුතැවෙමින් ජය ගන්නා පිණිස දිව්‍යමය අනූග්‍රහය අයැදීමය (රෝම 7: 24-25). දෙවියන් වහන්සේගේ අනූග්‍රහය අපට සෑහෙන බැවින් පාපයට වැටීම සිදු නොවිය යුතු අතර නුමුත් සමහරවිට එවැන්නක් සිදු වන්නේ අසම්පූර්ණවූ අපගේ ශක්තිය මත රුඳෙන නිසාය. අපගේ ඇදහිල්ල දුර්වලවී වචනයෙන් හෝ ජීවිතයෙන් දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළවිට වුවද පේත්‍රස්ට මෙන්ම පසුතැවී අපගේ පාපයන්ට කමාව ලැබ ගන්නට අවස්ථාව ඇත.

තවත් සාතන්ගේ උපක්‍රමයක් වන්නේ තවදුරටත් බලාපොරොත්තුවක් නැති බව දැනෙන්නට සැලස්වීමය. එනම් කමාව ලබන්නට, සුවය ලබන්නට හා ප්‍රතිස්ථාපනය වන්නට ඇති හැකියාව පිළිබඳ බලාපොත්තුවක් නැති බව හැඟෙන්නට සැලැස්වීමය. ඔහු (සාතන්) හදවත දෝෂාරෝපණය කිරීමේ උගුලෙහි අසු කර දෙවියන් වහන්සේගේ පව් කමාව ලබන්ට තවදරටත් සු෿ුස්සෙක් නොවන බව දැනෙන්නට සැලැස්වීමට උත්සාහ කරයි. නුමුත් කවදා හෝ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබන්ට අප සුදුස්සන්වී සිටියේද? දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළ සේක, අපගේ පව් කමා කළ සේක, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරා ගත් සේක (එපීස 1:4-6). "එසේ වුණේ ක්‍රිස්තුස් වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තු වුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය" (එපීස 1:12). දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට ළඟා නොහැකි ලෙස අපට යන්නට ස්ථානයක් නොමැත. එමෙන්ම දෙවියන් වහන්සේ විසින් ඇදගන්නට නොහැකි ලෙස අපට ගිලා බසින්නට ගැඹුරක්ද නැත. එතුමාණන් වහන්සේගේ අනුග්‍රහය අපගේ සියලූ පාපයන්ට වඩා ඉමහත්ය / ඉතා විශාලය. එසේ අප දැනටමත් ඉබාගාතේ යන්නට ආරම්භ කර ඇත්ද, දැනටමත් අප අපගේ පාපයන්හි ගිලා බසිමින් සිටිනවාද නැතහොත් ගිලෙමින් සිටිනවාද අනූග්‍රහය ලබා ගත හැකිය.

අනූග්‍රහය දෙවියන් වහන්සේගේ දිමනාවක්ය (එපීස 2:8). අප පව් කළ විට ආත්මයාණන්වහන්සේ ඒ බව අපට හඟවා භක්තිවන්ත කණගාටුවක් එහි ප්‍රතිඵලය ලෙස හට ගන්නනවා ඇත (2 කොරින්ති 7:10-11). රෝම 8:1 අනුව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැති හෙයින් බලාපොරොත්තුවක් නැති ලෙස අපගේ ආත්මය වරදට පත් කරන්නේ නැත. ආත්මයාණන් වහන්සේගේ ඒත්තු ගැන්වීමම ප්‍රේමයේ සහ අනුග්‍රහයේ ක්‍රියාවක්ය. අනුග්‍රහය පාපය කිරීමට අනුබල දෙන්නක් නොවේ (රෝම 6:1-2). එමෙන්ම එම වචනය කිසිදු ආකාරයකින් අපයෝජනයට ලක් කළ යුත්තේද නොවේ. පාපය පාපය ලෙසම හදුන්වාදිය යුතු අතර එය හිරිහැරයක් නොවන අනාදරයක් නොවන දෙයක් ලෙස සැළකිය නොහැකිය. පශ්චත්තාප නොවූ ඇදහිලිවතුන් ප්‍රේමයෙන් හසුරුවා නිදහස්වීමට මඟ පෙන්විය යුතු අතර නොඇදහිලිවතුන්ට පසුතැවිලිවීමේ අවශ්‍යතාවය පෙන්වාදිය යුතුවේ. එලෙසම අපි පිළියම පිළිබඳවද අවධාරණය යොමු කරමු. එබැවින් අපි අනුග්‍රහය පිට අනූග්‍රහය ලැබුවන් වන්නෙමුව (යොහාන් 1:16). අප ජීවත් වන්නේද, අප ගැලවුණේද, අප පවිත්‍ර කරණු ලැබුවේද එසේම වන අතර අප වරඳවා තබා මහිමයට පත් කරනු ලබන්නේද එලෙසමය. අපි විසින් පව් කරනු ලැබූ කල්හි දෙවියන් වහන්සේට පාපය කියාදෙමින් පසුතැවෙමින් අනූග්‍රහය ලැබ ගනිමුව. දෙවියන් වහන්සේගේ ඇස් හමුයෙහි පවිත්‍ර සම්පූර්ණයන් ලෙස තබන්නට ක්‍රිස්තුස් වහන්සේ තමාවම ඔප්පු කළ පසු තවදුරටත් අපිරිසිදු අශෝභන ජීවිතයක් ගත කරන්නේ මන්ද?



නැවතත් සිංහල මුල් පිටුවට



ඔබ එකම පාපය නැවත නැවත සිදු කරන්නේ නම් දෙවියන් වහන්සේ නිරතුරුවම ඔබට කමා කරයිද?