settings icon
share icon
ප්‍රශ්නය

සමාරියයන් කවුද?

පිළිතුර


සමාරියයන් කලින් එප්‍රායිම් ගෝත්‍රයටත්, මනස්සේ අර්ධ ගෝත්‍රයටත් අයත් රට අත් පත්කර ගත්හ. රටේ අගනුවරවූයේ සමාරියයි. කලින් විශාල හා අලංකාර නගරයක් විය. ගෝත්‍ර දහය අෂූරියට වහල් භාවයට ගෙන ගියවිට, අෂූරියේ රජු සමාරියේ වාසය කිරීම සඳහා කූතා, ආවා, හමාත් සහ සෙෆර්වායිම් යන ජනයාගෙන් සමාරියේ වාසය කිරීමට යැව්වේය (2 රාජාවලිය 17:24; එස්රා 4: 2-11). මෙම විදේශිකයන් සමාරියේ හා අවට සිටි ඊශ්‍රායෙලිත ජනගහනය සමඟ විවාහවිය. මෙම "සමාරියයන්" මුලදී තමන්ගේ ජාතීන්ගේ පිළිමවලට නමස්කාර කළ නමුත් සිංහයන්ගෙන් කරදරයට පත්වූ ඔවුන් සිතුවේ ඔවුන් එම ප්‍රදේශයේ දෙවියන්ට ගෞරව නොකිරීම නිසා බවය. එබැවින් යුදෙව් ආගමේ ඉගැන්වීම සඳහා යුදෙව් පූජකයෙකු ඇසිරියාවේ සිට ඔවුන් වෙත යවන ලදි. මෝසෙස්ගේ පොත් වලින් ඔවුන්ට උපදෙස් ලැබුණද, ඔවුන්ගේ පිළිම නමස්කාර චාරිත්‍ර බොහොමයක් තවමත් රඳවා ගෙන තිබේ. සමාරියයන් යුදෙව් ආගමේ හා රූපවන්දනාවේ මිශ්‍රවූ ආගමක් වැලඳ ගත්හ (2 රාජාවලිය 17: 26-28). සමාරියේ ඉශ්‍රායෙල් වැසියන් විදේශිකයන් සමඟ විවාහකව සිටිමින් ඔවුන්ගේ රූප වන්දනාවේ යෙදුණු නිසා සමාරියයන් සාමාන්‍යයෙන් "අර්ධ අභිජනනය" ලෙස සලකනු ලැබූ අතර යුදෙව්වන් විසින් ඔවුන්ව හෙළා දකින ලදි.

ඊශ්‍රායෙලිතයන් සහ සමාරියයන් අතර සතුරුකම සඳහා අමතර හේතු පහත දැක්වේ.

1. යුදෙව්වන් බබිලෝනියෙන් ආපසු පැමිණි පසු ඔවුන්ගේ දේව මාලිගාව නැවත ගොඩ නැඟීමට පටන් ගත්තා. නෙහෙමියා යෙරුසලමේ තාප්ප තැනීමේ කටයුතු වල යෙදී සිටියදී සමාරියයන් එම ක්‍රියාව නතර කිරීමට දැඩි උත්සාහයක් ගත්තා (නෙහෙමියා 6:1-14).

2. සමාරියයන් තමන් වෙනුවෙන් "ගෙරිසිම්කන්ද" මත දේව මාළිගාවක් ඉදි කළ අතර සමාරියයන් තරයේ කියා සිටියේ ජාතිය නමස්කාර කළ යුතු ස්ථානය මෙය බව මෝසෙස් විසින් නම් කරන ලද බවයි. සමාරියයන්ගේ නායකයාවූ සන්බල්ට් තම බෑණාව නමනස් උත්තම පූජකයා ලෙස ස්ථාපිත කළේය. සමාරියයන්ගේ රූප වන්දනාවේ ආගම මේ අනුව පැවති ගෙන ආවේය.

3. සමාරිය යුදයේ සියලු නීති විරෝධී අයට රැකවරණය සපයන ස්ථානයක් බවට පත්විය (යෝෂුවා 20:7; 21:21). සමාරියයන්ට යුදෙව් අපරාධකරුවන් සහ සරණාගතයින් යුක්තියෙන් කැමැත්තෙන් ලැබුණි. යුදෙව් නීති උල්ලංඝනය කරන්නන් සහ නෙරපා හරින ලද අය සමාරියේ ආරක්ෂාව පතා, දෙරට අතර පැවති වෛරය බෙහෙවින් වැඩික ළහ.

4. සමාරියයන්ට ලැබුණේ මෝසෙස්ගේ පොත් පහක් පමණක් වන අතර අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සහ සියලු යුදෙව් සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

මෙම හේතු නිසා ඔවුන් අතර සමකළ නොහැකි වෙනසක් ඇතිවිය. එබැවින් යුදෙව්වන් සමාරියයන් මනුෂ්‍ය වර්ගයාගේ නරකම අය ලෙස සැලකූහ (යොහන් 8:48) සහ ඔවුන් සමඟ කිසිදු ගනු දෙනුවක් සිදු නොවීය (යොහන් 4: 9). යුදෙව්වන් හා සමාරියයන් අතර වෛරය තිබියදීත්, යේසුස්වහන්සේ ඔවුන් අතර තිබූ බාධක බිඳ දමා සමාරියයන්ට සාමයේ ශුභාරංචිය දේශනා කළේය (යොහන් 4: 6-26), පසුව ප්‍රේරිතයන් ඔහුගේ ආදර්ශය අනුගමනය කළේය (ක්‍රියා 8:25).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සමාරියයන් කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries