settings icon
share icon
ප්‍රශ්නය

ඔබගේ ගැලවීම පිළිබඳ ඔබට සැකයක්වේ නම් එහි අර්ථය ඔබ සැබවින්ම ගැලවීම ලබා නැති බවද?

පිළිතුර


සෑම කෙනෙකුටම ඉඳහිට ඇතිවන සැකයන් වේ. ඔබට සැකයන් තිබෙනවාද / නැද්ද එය ඔබ කිතුණුවෙක් බවට සනාථ නොකරයි. ඇදහිලිවන්තයෙකු විශ්වාසවන්ත නොවූනද, දෙවියන් වහන්සේ විශ්වාසවන්තය (1 තිමොති 2:13). අපගේ ගැලවීම පිළිබඳ ස්ථීර සහතිකයක් තිබීම දෙවියන් වහන්සේ අපගෙන් අපේක්‍ෂා කෙරේ (රෝම 8:38-39,1යොහාන් 5:13). යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන අය ගැලවිම ලබන බවට දෙවියන් වහන්සේ පොරොන්දුවක් දේ (යොහාන් 3:16, රෝම 10:9-10). අප සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේ මහිමයෙන් හීනවී සිටිති (රෝම 3:23). එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවියන් වහන්සේගෙන් තොර සදාකාලිත්වයකට හා මරණයට අපි සුදුස්සන් වී සිටිමු (රෝම 6:23). අප ලැබිය යුතු දඬුවම එතුමා මත රැගෙන අපගේ ස්ථානයේ එතුමා මියැදෙන්ට තරම් අපට ප්‍රේම කළ සේක (රෝම 5:8). එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමා විශ්වාස කරණ අය ගැලවෙන අතර සදාකල්හිම ඔවුන් සුරක්‍ෂිතය.

සමහරවිට සැක කිරීමද යහපත් දෙයක්ය. පාවුල්තුමා 2 කොරින්ති 13:5 හි මෙසේ ප්‍රකාශ කරයි. "නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්‍ෂාකර බලාපල්ලා". යේසුස් වහන්සේ සැබැවින්ම අපගේ ගැලවුම්කාරයාද කියාත් ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ සිටිනවාද යන්න පිළිබඳවත් අපම සෝදිසි කර බැලිය යුතුය. එතුමාණන් වහන්සේ අප තුළ නම් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ලබා දුන් ගැලවීම කිසිම අයුරකින් නැතිවිය නොහැක. එතුමාණන් වහන්සේ අප තුළ නොමැති නම් ශුද්ධාත්මයාණන් පාපය හඟවා දෙමින් පසුතැවී නැවත දෙවියන් වහන්සේ හා සමඟි වන පිණිස අප පොළඹවන සේක. ගැලවිමේ සහතිකය අපට ලැබෙන්නේ අප ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින බව දැන ගැනීමෙන් හා සදාලික සුරක්‍ෂිතභාවය හැඟීමෙන්ය / දැනීමෙන්ය. නුමුත් අව්‍යාජ ගැලවීමේ විශ්වාසය යනු එහි ක්‍රියා වලින් ඔප්පුවන සාක්‍ෂි වලින් (යාකොබ් 2:14-26) හා අප තුළ ඇති ආත්මයාණන් වහන්සෙගේ ඵල වලින් ප්‍රකාශ වන්නක්ය (ගලාති 5:22). මෙවැනි සාක්‍ෂි මදවීමම සමහරවිට ගැලවීම පිළිබඳව සැකයට කාරණාවක් විය හැක.

ක්‍රිස්තුස් වහන්සේ මත ඔබගේ විශ්වාසය රඳවා ඇත්ද? පිළිතුර ඔව් නම් සියලු සැකයන් පහකර දමා දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ බව දන්නේ නම් සැකයකින් තොරව ඔබ ගැලවීම ලබා ඇත. පිළිතුර නැත යන්න නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගන්න එවිට නුඹ ගැලවෙනවා ඇත. ගැලව්ම පිළිබඳ ඔබට යම් ප්‍රශ්ණයක් වේ නම් කරුණාකර අපගෙන් විමසීමට නොපැකිළිවන්න. එසේ නොමැති නම් සදාකාලික ජීවනය ලැබුවාද යන අපගේ පිටුවට පිවිසෙන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබගේ ගැලවීම පිළිබඳ ඔබට සැකයක්වේ නම් එහි අර්ථය ඔබ සැබවින්ම ගැලවීම ලබා නැති බවද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries