settings icon
share icon
ප්‍රශ්නය

සාමුහික ගැලවීම යනු කුමක්ද?

පිළිතුර


මූලිකව, "සාමුහික ගැලවීම" යනුවෙන් අදහස් වනුයේ "අප සැවොම ගැලවීම නොලබන්නේ නම්, අපගෙන් කිසිවෙකු ගැලවීම ලබන්නේ නැත" හෝ "අප එක් එක් අය සැමදෙනාගේ යහපත සදහා සහයෝගයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතුය." සාමුහික ගැලවීම යනු කුමක්ද යන්න වෙනත් ආකාරයකින් දක්වන්නේ නම් "මාගේ ස්වශක්තියෙන් මා හට ගැලවීම ලැබිය නොහැක. කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් හා පරිත්‍යාගශීලිව අන් සැම දෙනාගේම ගැලවීම සනාථ කිරීම සදහා මාගේ යුතුකම් ඉටුකල යුතුය. අප සැම දෙනාටම එක්ව ගැලවීම ලැබිය හැක්කේ එවිටය." කෙසේ වුවද, දේව වචනයේ පැහැදිලිවම දැක්වෙනුයේ, ගැලවීම යනු ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ සිදුකළ පූජාව මගින් අප එකිනෙකා මුදවා ගැනීම සදහා සිදුකරන ක්‍රියාවක් බවය. සමූහයක් ලෙස නොව, එක් එක් තැනැත්තා තනිවම ක්‍රිස්තුස් වහන්සේ වෙතට ළගාවිය යුතුය.

සමාජීය සහ අධ්‍යාත්මික අරමුණ ඉටුකර ගැනීම සදහා බොහෝ ප්‍රධාන ප්‍රොතෙස්තන්ත සභාවන්, කතෝලික, බෞද්ධ, පෙරදිග මිත්‍යාධර්මයන් සහ ලබ්ඩීන් සම!ග සම්බන්ධතාවයන් තබා ගැනීම වැනි ක්‍රියාවන්ට, සාමුහික ගැලවීම බොහෝ සෙයින් සමානය. ඔවුන්ගේ නිගමනය වනුයේ දේවභක්තික සමූහයක් ඒකරාශි වූ විට, දෙවියන්වහන්සේට විරුද්ධ වෙනත් ලබ්ධිකයන්ගේ පාපිෂ්ඨ ක්‍රියාවන් මගින් සමාජීය හා අධ්‍යාත්මික ගුණාංගයන්ට සිදුවන හානියට විරුද්ධව ජය ලබා ගත හැකි බවය. ඔවුන්ගේ විශ්වාසය වනුයේ, පොදු යහපත සදහා සියඵ දෙනා සහයෝගයෙන් හා පරිත්‍යාගශීලිව කටයුතු කිරීමෙන් සෑම සමාජීය අයහපත් ක්‍රියා දුරුවන බවය. ක්‍රිස්තුධර්මයේ තදින් ඇලී සිටින අය පවසනුයේ, දේවවචනයේ ඉගැන්වීම් තුල අන්තර්ගත ක්‍රිස්තියානි ගුණාංග රදා පවත්වා ගැනීම සදහා සභාව යහපත් සටනක නිරත වී සිටින බවත්, ඒ නිසා අප කළ යුත්තේ ඉගැන්වීම් සම්බන්ධව මතභේදයන්ගෙන් වැලකී, මෙලොව පරිහානියට පත් කරන ලෞකික ක්‍රියාවන් වලට එරෙහිව සටන් කිරීමට ඒකරාශි වීමය.

ක්‍රිස්තියානි ලෝකයේ සමගිය පිළිබද ක්‍රියාකරන, සාමුහික ගැලවීම අනුමත කරන අය, ඔවුන්ගේ ක්‍රියාවන් සනාථ කිරීම සදහා බොහෝ විට යොහාන් 17 ලියවිල්ල භාවිතා කරති. ඔවුන්ගේ විවාදය වනුයේ යේසුස් වහන්සේ යාච්ඤා කලේ සැමදෙන සමගිව සිටීම උදෙසා මිස, එකිනෙකා සමග සටන් කිරීම නොවන බවය. එහෙත් සැබවින්ම උන්වහන්සේගේ යාච්ඤාව වූයේ තම ගෝලයන් වෙනුවෙන් පමණය. එනම් උන්වහන්සේ අනුගමනය කරන සියල්ලන් වෙනුවෙන්ය. ඔවුන් අතර පොදු එකගතාවයක් එනම් පෙන්තකොස්ත දිනයේ සිදුවීම (ක්‍රියා 2 බලන්න.) කරණකොට ගෙන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් තුල ඒකත්වය නැමැති එකගතාවය ඔවුන් අතර ඇතිවීම උන්වහන්සේගේ යාච්ඤාව විය. එය අන් අයට හිමි නොවනු ඇත. උන්වහන්සේගේ ශුද්ධාත්මය ඔවුන් පිට පැමිණ ශුද්ධාත්ම බලයෙන් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ තුලට පැමිණීම තුලින් උන්වහන්සේ මෙම එකගතාවය ඔවුන්ට ලබා දුන් සේක. 1 කොරෙන්ති 6:17 මගින් පාවුල් තුමා මෙම කරුණු පැහැදිලි කලේ මෙලෙසය. "ස්වාමීන් වහන්සේට සම්බන්ධ වන තැනැත්තේ උන්වහන්සේ සමග ඒකාත්මයක් වන්නේය."

මෙම සංකල්පයේ ඇති ගැටඵව වනුයේ, සාමුහිකව ගැලවීමක් ගැන දේවවචනයේ කිසිතැනක ලියවී නොමැති වීමය. සාමුහික ගැලවීමේ එක් මූලික අංගයක් වනුයේ මෙලොව ව්‍යාප්ත වන අධර්මිෂ්ඨකම තුරන් කිරීම සදහා සභාව ඒකරාශි විය යුතුය යන දුර්මතයයි. එහෙයින් යේසුස් වහන්සේගේ නව ගිවිසුම් සුභාරංචි හෝ වෙනත් අපෝස්තලික වරයෙකුගේ ලියවිල්ලක් මගින් ආණ්ඩුක්‍රම හෝ සමාජීය ගැටඵ නිරාකරණය කිරීම ගැන සදහන් වී නැත. ඔවුන්ගේ ඉගැන්වීම වූයේ යම් කෙනෙකුට ගැලවීම ලබා ගත හැක්කේ පෞද්ගලික ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය මගින් මිස, සාමුහිකව නොවන බවය. ක්‍රිස්තුස් වහන්සේ එක් එක් පුද්ගලයාගේ හදවතට ඇතුඵ වීමට තට්ටු කරන අතර, ශුද්ධාත්මයාණන්ගේ බලය සහ ක්‍රියාකාරීත්වය කරණකොට ගෙන අපගේ හදවත් නැමැති දොර උන්වහන්සේට විවෘත කරමුව. (1 කොරෙන්ති 2:12–14, එළිදරව්ව 3:20).

සාමුහික ගැලවීම යන සංකල්පයේ ගැටඵ සහගත පැතිකඩ වනුයේ අපගේ කාර්යභාර්ය නම් සංස්කෘතික සටනක යෙදීම මෙන්ම, අපගේ සමාජයේ පවතින අධ්‍යාත්මිකභාවය රැකගැනීම සහ සනාථ කිරීමට, රජයට චන්ද විශාල ප්‍රමාණයක් ලබාදීම හෝ ඒ සම්බන්ධව ක්‍රියාකරන ආයතන නිර්මාණය කිරීම සදහා අපව බල සේනාවක්ලෙස ඔවුන් සලකන නිසාය. නමුත් මෙය ක්‍රිස්තියානින්ගේ කාර්යභාරය නොවන බව පාවුල් තුමා මෙසේ පැහැදිලි කර ඇත. "කිතුණුවන් මෙන් භක්තිවන්තව ජීවත් වන්නට කැමති සියල්ලෝම පීඩා විදින්නෝය. එහෙත් නපුරු මිනිසුන් ප්‍රයෝගයෙන් අනුන් රවටා තමන්ද වැඩ වැඩි වැඩියෙන් නරක් වන්නෝය" (2 තිමෝති 3:12–13). දේවවචනාකූලව, කිතුණු අපගේ කැදවීම, කිසිම සාමුහික සදාචාර, දේශපාලනික, ආයතනික හෝ ධර්මානුකූල ක්‍රියාකාරකම් වලට අදාල නැත. අපගේ කැදවීම වනුයේ මහත් ආඥාවට යටත් වීම, එනම් ක්‍රිස්තුස් වහන්සේ තුල පෞද්ගලික ගැලවීමක් සදහා අන් අයට ඇරයුම් කිරීමය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාමුහික ගැලවීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries