settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රියා වලින් ගැළවීම ප්‍රධාන වශයෙන් දරන මතය වන්නේ ඇයි?

පිළිතුර


සරලම පිළිතුර නම් ක්‍රියා වෙන් ගැළවීම මිනිසාගේ ඇස් හමුවේ පහසු දෙයක්ව පවතින බව පෙනේ. මිනිසාගේ මූලික ආශාවන් ගෙන් එකක් වන්නේ තමාගේ ඉරණම පාලනය කිරීමයි, එයට ඔහුගේ සදාකාලික ඉරණමද ඇතුළත්වේ. ක්‍රියා වලින් ගැළවීම මිනිසාගේ ආඩම්බරය සහ පාලනය කිරීමට ඇති ඔහුගේ ආශාවට ආයාචනා කරයි. ක්‍රියා වලින් ගැළවීම එම ආශාවට ආයාචනා කරන්නේ ඇදහිල්ලෙන් පමණක් ගැලවීම ලැබීමේ අදහසට වඩා වැඩිය. එසේම, මිනිසාට සහජයෙන්ම යුක්තිය පිළිබඳ හැඟීමක් ඇත. ඉතා තියුණු අදේවවාදියා පවා යම් ආකාරයක යුක්තියක් විශ්වාස කරන අතර එවැනි විනිශ්චයන් කිරීමට සදාචාරාත්මක පදනමක් නොමැතිවුවද හරි වැරැද්ද පිළිබඳ හැඟීමක් ඇත. හරි සහ වැරදි පිළිබඳ අපගේ ආවේණික හැඟීම නම් අප ගැලවීම ලැබීමට නම් අපගේ "යහපත් ක්‍රියා" අපගේ "නරක ක්‍රියා" අභිබවා යායුතුය. එබැවින් මිනිසා ආගමක් නිර්මාණය කරන විට එය ක්‍රියා වලින් යම් ආකාරයක ගැලවීමක් ලබා ගැනීම ස්වාභාවිකය.

ක්‍රියා වලින් ගැළවීම මිනිසාගේ පව්කාර ස්වභාවයට ප්‍රිය කරන හෙයින්, එය බයිබලානුකුල ක්‍රිස්තියානි ධර්මය හැර සෑම ආගමකම පාහේ පදනමවේ. හිතෝපදේශ 14:12 හි අපට පවසන්නේ "මිනිසෙකුට හරි යැයි පෙනෙන මාර්ගයක් ඇත, නමුත් එහි අවසානය මරණයේ මාර්ගයයි" කියායි. ක්‍රියා වලින් ගැළවීම මිනිසුන්ට හරි යැයි පෙනේ, ඒ නිසා එය ප්‍රධාන වශයෙන් දරන මතයයි. බයිබලානුකුල ක්‍රිස්තියානි ධර්මය අනෙක් සියලුම ආගම්වලට වඩා වෙනස් වන්නේ එබැවිනි. ගැලවීම උගන්වන එකම ආගම දෙවියන් වහන්සේගේ දීමනාවක් මිස ක්‍රියා වලින් නොවේ. "මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඔබ ගැළවී ඇත්තේ කරුණාවෙන්ය. මෙය ඔබෙන් නොව දෙවියන්වහන්සේගේ දීමනාව මිස කිසිවෙකුට පුරසාරම් දෙඩීමට නොහැකි වන පරිදි ක්‍රියා වලින් නොවේ" (එපීස 2:8-9).

ක්‍රියා වලින් ගැලවීම ලැබීමට ප්‍රධානතම මතය වන්නේ ස්වාභාවික හෝ පුනරුත්පාදනය නොවන මිනිසා තමාගේ පව්කාරකමේ හෝ දෙවියන් වහන්සේගේ ශුද්ධකමේ තරම සම්පූර්ණයෙන් තේරුම් නොගැනීමයි. මිනිසාගේ සිත "සියල්ලටම වඩා රැවටිලිකාරය, ඒක දුශ්ටව තිබේ." (යෙරෙමියා 17:9), දෙවියන්වහන්සේ අසීමිතව ශුද්ධ ය (යෙසායා 6:3). අපගේ හදවතේ රැවටීම යනු එම වංචාවේ තරම පිළිබඳ අපගේ අවබෝධය වර්ණවත් කරන දෙයයි. එමෙන්ම ශුද්ධකම අපට සම්පූර්ණයෙන් වටහාගැනීමට නොහැකිවූ දෙවියන්වහන්සේ ඉදිරියේ අපගේ සැබෑතත්වය දැකීමෙන් අපව වළක්වයි. නමුත් සත්‍යය නම් අපගේ පව්කාරකම හා දෙවියන්වහන්සේගේ ශුද්ධකම ශුද්ධවූ දෙවියන්වහන්සේ කෙනෙකු ඉදිරියේ "කිලිටු දේවල්" ලෙස අපගේ උපරිම උත්සාහයන් දැරීමයි (යෙසායා 64:6; cf. 6:1–5).

මිනිසාගේ යහපත් ක්‍රියාවන්ට ඔහුගේ නරක ක්‍රියා සමතුලිත කළ හැකිය යන අදහස මුළුමනින්ම බයිබලානුකුල නොවන සංකල්පයකි. එපමණක් නොව, දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය සියයට සියයකට වඩා පරිපූර්ණ නොවන බව බයිබලය උගන්වයි. දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ධ නීතියේ එක් කොටසක් පමණක් තබා ගැනීමට අප පැකිලෙන්නේ නම්, අපි ඒ සියල්ල බිඳ දැමුවාක්මෙන් වැරදි කරුවන්වෙමු (යාකොබ් 2:10). එමනිසා, ගැලවීම සැබවින්ම ක්‍රියා වන් මත රඳා පැවතුනේ නම් අපට ගැලවීම ලැබිය හැකි ක්‍රමයක් නොමැත.

කිතුනුවන් යැයි කියාගන්නා හෝ බයිබලය විශ්වාසකරන යැයි කියන නිකායන් තුළට ක්‍රියා වලින් ගැලවීම ලැබිය හැකි තවත් හේතුවක් නම්, යාකොබ් 2:24 වැනි ඡේද ඔවුන් වරදවා වටහා ගැනීමයි. "එවිට මිනිසෙකු ධර්මිෂ්ධ කරනු ලබන්නේ ක්‍රියා වලින් මිස ඇදහිල්ලෙන් පමණක් නොවන බව ඔබට පෙනේ" මුළු ඡේදයේම සන්දර්භය අනුව ගත් කල (යාකොබ් 2: 14-26), අපගේ ක්‍රියා දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපව ධර්මිෂ්ධ කරවන බව යාකොබ් තුමා නොකියන බව පැහැදිලිය. ඒ වෙනුවට, ඔහු පැහැදිලි කරන්නේ සැබෑ ගැලවීමේ ඇදහිල්ල යහපත් ක්‍රියා වලින් පෙන්නුම් කරන බවයි. කිතුනුවකු යැයි කියා ගන්නා නමුත් හිතාමතාම ක්‍රිස්තුස්වහන්සේට අකීකරුව ජීවත්වන පුද්ගලයාට ව්‍යාජ හෝ "මළ" ඇදහිල්ලක් ඇති අතර ගැලවීම නොලැබේ. යාකොබ්තුමා විවිධ ආකාරයේ ඇදහිලි දෙකක් අතර වෙනසක් කරයි. එනම් සත්‍යය විශ්වාස කරන ගැලවීම සහ බොරු ඇදහිල්ලයි.

කිසිම කිතුනුවකුට වෙනත් ආකාරයකින් විශ්වාස කළ හැකි ක්‍රියා වලින් කෙනෙකු ගැලවීම නොලබන බව උගන්වන පද බොහෝය. තීතස් 3:4–5 එවැනි බොහෝ ඡේදවලින් එකකි: "නමුත් මනුෂ්‍යයා කෙරෙහි අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ කරුණාව හා ප්‍රේමය දර්ශනයවූ විට, අප විසින් කර ඇති ධර්මිෂ්ධ ක්‍රියා වලින් නොව, උන් වහන්සේගේ දයාවඅනුව උන්වහන්සේ අපව ගලවා ගත්තේය. පුනරුත්පාදනය තුලින් සේදීම සහ ශුද්ධාත්මයාණන් අලුත් කිරීම. "යහපත් ක්‍රියා ගැලවීමට දායක නොවන නමුත් ඒවා සැමවිටම නැවත ඉපදුණු කෙනෙකුගේ ලක්ෂණයකි. යහපත් ක්‍රියා ගැලවීමට හේතුව නොවේ; ඒවා එහි සාක්ෂි ය.

ක්‍රියා වලින් ගැළවීම ප්‍රධාන වශයෙන් දරන මතය විය හැකි නමුත් එය බයිබලානුකුලව නිවැරදි එකක් නොවේ. කරුණාවෙන් පමණක්, ඇදහිල්ලෙන් පමණක්, ක්‍රිස්තුස්වහන්සේ තුළ පමණක් ගැලවීම පිළිබඳ සාක්ෂි බයිබලයේ අඩංගුවේ (එපීස 2:8-9).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රියා වලින් ගැළවීම ප්‍රධාන වශයෙන් දරන මතය වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries