settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීම මරණින් මතු ජීවිතයට වඩා බලපාන්නේද?

පිළිතුර


ගැළවීම මරණින් මතු ජීවිතයට බලපාන්නේ කෙසේද යන්න අපි බොහෝවිට අවධාරණය කරන නමුත් එය දැන් අපගේ ජීවිතයට බලපාන්නේ කෙසේද යන්න සලකාබැලීම නොසලකා හැර ඇත. ඇදහිල්ලෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම බොහෝ ආකාරවලින් ජීවිතයේ දිය ඇල්ලක්සේ අප ගැළවීම ලැබු පසු, අප පාපයෙන් නිදහස්වී නව ජීවිතයක් සහ නව ඉදිරි දර්ශනයක් බවයි.ජෝන් නිව්ටන් පැවසූ පරිදි, "මා වරක් නැතිවී ගිය නමුත් දැන් මට හමුවී ඇත, / අන්ධව සිටි මට දැන් පෙනේ." ගැලවීමෙන් පසු සියල්ල වෙනස්වේ.

එදිනෙදා ජීවිතයට නිරන්තරයෙන් අවධාරණය කිරීමද ලිපිවල දක්නට ලැබේ. එපීස 2:10 ට අනුව, අප ගැලවීම ලැබීමට හේතුව ස්වර්ගයේ සදාකාලිකව ගත කිරීම පමණක් නොව "දෙවියන්වහන්සේ අපට කල්තියා සූදානම් කළ යහපත් ක්‍රියා කිරීමය." මෙම "යහපත් ක්‍රියා" මෙහි සිදුකළ යුතුය. මෙම ලෝකයේ. අපගේ සදාකාලික ගැලවීම අපගේ එදිනෙදා ජීවිතයෙන් පිළිබ්ඹු නොවන්නේ නම්, ගැටලුවක්ව තිබේ.

ජාකොබ් තම ලිපිය ලිව්වේ ක්‍රියාකාරී ඇදහිල්ලකට දිරි ගැන්වීම සඳහාය. අපගේ ගැලවීමේ ප්‍රතිඵලයක් ලෙස දිව පාලනය කළ හැකිවිය යුතුයි. (යාකොබ් 1:26) සහ අපගේ ජීවිතයේ වෙනත් වෙනස්කම් වලට හේතු විය යුතුය. යහපත් ක්‍රියා පිළිබඳ සාක්ෂි හැරුණු විට පැවැත්මක් ඇතැයි විශ්වාස කරන ඇදහිල්ල "මළ" (යාකොබ් 2:20) ඇදහිල්ලක්‍ය. පාවුල් තුමා 1 තෙසලෝනික 2:12 හි ලියා ඇත්තේ "දෙවියන් වහන්සේට ඔබින සුදුසු ජීවිතයක් ගත කළ යුතු බවය. උන්වහන්සේ ඔබව උන් වහන්සේගේ රාජ්‍යයට හා මහිමයට කැඳවයි." දෙවියන්වහන්සේට යටත්වී කීකරුවන ජීවිතයක් ගැලවීමේ ස්වාභාවික වර්ධනයකි. යේසුස්වහන්සේ ඉගැන්වූයේ අප උන් වහන්සේගේ සේවකයන් වන අතර උන්වහන්සේගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින අතර තුර උන්වහන්සේගේ කාර්යය කරගෙන යාම සඳහා මෙහි තබා ඇත (ලූක් 19:12-27).

එළිදරව් පොතේ දෙවියන්වහන්සේ සභා හතකට ලිපි යවයි (එළිදරව් 2—3), සෑම අවස්ථාවකම එදිනෙදා ජීවිතයේ නිශ්චිත ස්ථානවලදි ප්‍රශංසා කිරිමත් හෝ ක්‍රියා හෙළා දැක තිබේ. එපීසයේ සභාවට ඔවුන්ගේ ශ්‍රමය හා ඉවසීම නිසා පිළිගැනීමට ලක්වූ අතර, ස්මර්නායේ සභාවේ පීඩා සහ දුප්පත්කම පිළිබඳ විශ්වාසවන්තකම අගය කරන ලදී. අනෙක් කෙළවරේ, ව්‍යාජ ඉගැන්වීම් ඉවසා සිටීම නිසා පර්ගම්ම් සභාවට තරවටු කරන ලද අතර, ව්‍යාජ ගුරුවරයෙකු ලිංගික පාපයන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් තියාතිරා සභාවට තරවටු කරන ලදී. නිසැකවම, යේසුස්වහන්සේ ගැලවීම සැලකුවේ මරණින් මතු ජීවිතයට පමණක් නොව කෙනෙකුගේ එදිනෙදා ජීවිතයටද බලපාන දෙයක් ලෙසය.

ගැලවීම යනු නව ජීවිතයක ආරම්භක ලක්ෂ්‍යයයි (2 කොරින්ති 5:17). පාපයෙන් විනාශවූදේ නැවත ගොඩ නඟා ගැනීමට දෙවියන්වහන්සේට හැකිය. ජොවෙල් 2:25 හි දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දුවී ඇත්තේ, ඔවුන්ගේ පාපනි සාඔවුන් විනිශ්චය කළත්, "පළඟැටියන් අනුභව කළ අවුරුදු ගණන ඔබට නැවත ලබා දීමට" හැකි බවය. සෙකරියා 10:6 හි ඉශ්‍රායෙලයට ඒ හා සමාන නැවත ගොඩ නැගිමක් පොරොන්දුවේ. ගැලවීම ලැබීමෙන් මේ ජීවිතයේ සෑමදෙයක්ම සතුටින් හා කරදරවලින් තොර බව මින් අදහස් නොකෙරේ. පාපයේ අධික පිරිවැය හෝ උන් වහන්සේ කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමේ අවශ්‍යතාවය සිහි ගන්වමින් දෙවියන් වහන්සේ දුෂ්කරතාවන්ට ඉඩ දීමට තෝරාගත් අවස්ථා තිබේ. නමුත් අපි එම පරීක්ෂාවන්ට මුහුණ දෙන්නේ ඉහළ දෘෂ්ටියකින් හා ශක්තියකින්. ඇත්ත වශයෙන්ම, අප විඳ දරාගන්නා දුෂ්කරතා ඇත්ත වශයෙන්ම දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යාගයන් වන අතර එය ඇදහිල්ලෙන් වර්ධනය වීමට හා අන් අයට ආශීර්වාදයක් වීමට අපව සන්නද්ධ කිරීමටත් (2 කොරින්ති 1:4–6; 12: 8-10) අරමුණයි.

යේසුස්වහන්සේගේ මෙලොව සේවයේදී, ඇදහිල්ලෙන් උන්වහන්සේ වෙතට පැමිණි සියල්ලන්ම සදහටම වෙනස්විය. දෙක පොලිසියේ යක්ශාත්මයක් ආවේශ්ව සිටියාවු මිනිසා නැවත නිවෙසට ගියේ එවැන්ජලිස්තවරයෙකු ලෙසයි. (මාර්ක් 5:20). ලාදුරු රෝගීන් නැවත සමාජයට එකතුවී, පවිත්‍රවී ප්‍රීතිවූහ (ලූක් 17:15-16). ධීවරයෝ ප්‍රේරිතයන් බවට පත්වූහ (මතෙව් 4:19), ප්‍රසිද්ධ අය දානපතියන් වූහ, පව්කාරයෝ සාන්තුවර වූහ (ලූක් 19:8-10). ඇදහිල්ලෙන් අප ගැළවී ඇත (එපීස 2:8), ගැලවීම ගෙනෙන වෙනස දැන් ආරම්භවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීම මරණින් මතු ජීවිතයට වඩා බලපාන්නේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries