settings icon
share icon
ප්‍රශ්නය

කෙළසීම යනු කුමක්ද? අපරාධගත කෙළසීම යන්නෙන් අර්ථවත් වනුයේ කුමක්ද?

පිළිතුර


කෙළසීම යනු යම් සුපරිශුද්ධ පුද්ගලයෙකුටල ස්ථානයකට හෝ යම් දෙයකට අගෞරවය කිරීමය.

කෙළසීම සිදුවන්නේ කැපකරන ලද වස්තුවක් සිතාමතා අනිසිලෙස භාවිතාකිරීම, සුපරිශුද්ධ ස්ථානයක් කෙළසා දැමීම හෝ දෙවියන්වහන්සේ සම්බන්ධව හෝ ආගම සම්බන්ධව යමක් පිළිබදව අගෞරව ලෙස කථා කරන කල්හීවේ. මෙම වචනයට ලතින් මූලයන් ඇතථ එනම් සේසර් (කැපකරන ලද) සහලෙගීර් (සොරකමිකිරීමට). මුලදී කෙළසීම යන්න සොහොන් ගෙවල් කොල්ලකෑ සොරුන් මිනීවලවල් කෙළසූ ක්‍රියාවන්වලට යොමුකර තිබු නමුත් මෙවකට එය යොමුවන්නේ යම් ස්ථානයක, වස්තුවක හෝ පුද්ගලයෙකුගේ සුපරිශුද්ධත්වය “සොරකම් කිරිම” කෙරෙහිය.

බෙල්ශසාර් රජ විසින් බබිලෝනියේදී භෝජන සංග්‍රහයකදී කෙළසීමක් සිදුකරනු ලැබුයේ “එවිට ඔව්හූ යෙරුසලමේ තිබුණු දෙවියන්වහන්සේගේ ගෘහයේ මාළිගාවෙන් ගත් රන්භාජන ගෙනාවෝය. රජද ඔහුගේ උත්තමයෝද භාර්‍යයාවෝද උපභාර්‍යයාවෝද වයින බීවෝය. ඔව්හූ මුද්‍රිකපානය බී රන්ද, රිදීද පිත්තලද යකඩද ලීද ගල්දවූ දෙවිවරුන් වර්ණනා කළෝයග” (දානියෙල් 5:3-4). මෙය බෙල්ශසාර්ගේ අවසාන ක්‍රියාව වූයේය, මන්දයත් එදිනම රාත්‍රියේදී ඔහුව මරා දමන ලදී (30 වන පදය).

ආරෝන්ගේ පුත්‍රයන් වන නාදාබි සහ අබීහු කෙළසිමක් කරනු ලැබුවේ “ස්වාමින්වහන්සේ ඔවුන්ට අණ නොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළෝය” (ලෙවී කථාව 10:1). ඔවුන්ගේ ශුද්ධවූ ධූරය අනිසි ලෙස භාවිතා කිරීම අවසන් වූයේ මහත් ඛේදවාදචකයකිනි: “තවද ස්වාමින් වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැමිමේය. එසේ ඔව්හූ ස්වාමින් වහන්සේ ඉදිරියෙහි මළෝය” (2 වනපදය). නිසැකවම කෙළසීම බරපතල වරදක් ලෙස දෙවියන්වහන්සේ සලකන සේක.

පැරණි ගිවිසුමේ කූඩාරම (සහ පසුව දේව මාළිගය) දෙවියන්වහන්සේ තම සෙනග මුණ ගැසෙන ස්ථානය විය. ගිවිසුම් පෙටිටිය වැනි – එහි අඩංගුවූ ගොඩනැගිල්ල වැනි සෑම දෙයක්ම–ශුද්ධ පූජාවකින්වූ රුධිරයෙන් ඉසිනු ලැබ දෙවියන්වහන්සේට වෙන් කරනු ලැබූවක්වූයේය.

ස්වාමින්වහන්සේගේ සේවයට කැප කරනු ලැබූ පූජකයන්ට පමණක් මණඩපයට ඇතුළු වීමට අවසර ලැබිණි. මණ්ඩපය උල්ලංඝනය කළ හෝ පරිශද්ධ භාණ්ඩ කිසිවක් දේවා පහසයට ලක් කළ ඕනෑම කෙනෙකුට දෙවියන් වහන්සේ පහරදී මරණයට පත් කළසේක (ගණන් කථාව 16:1ජ-40; 2 සාමුවෙල් 6:6-7). අති ශුද්ධස්ථානය ඝණ වැස්මකින් මණ්ඩපයේ ඉතිරි කොටසින් වෙන් කරනු ලැබූ අතර උත්තම පූජකයාට පමණක් වසරට වරක් මනුෂ්‍යයන්ගේ පාප උදෙසා ලේ පූජාවන් ඔප්පු කිරීම පිණිස එයට ඇතුළු වීමට හැකිවිය. මණ්ඩපය තුළින් ඉගැන්වූ එක් පාඩමක් නම් දෙවියන්වහන්සේ ශුද්ධවන නමුත් අප එසේ නොවන අතර උන්වහන්සේට විරුද්ධව යම් කෙළසීමක් කිරීමට අප තර්ජනය නොකළ යුතු බවත්ය.

පරිසිවරුන්ගේ චපල දිවුරුම් ගැනීම වැනි අපරාධ ගත කෙළසීම් ක්‍රියා පිළිවෙත් පිළිබදව යේසුස්වහන්සේ ඔවුනට අනතුරු ඇගවූ සේක. ඔවුන්ගේ දිවුරුම් වලදී පරිසිවරු උත්සාහ කරනු ලැබුවේ දේව මාළිගයත් එහි භාණ්ඩාගාරයේ ඇති රත්රන් පිළිබදවත් (එහි අපරදේ ඔවුන්ගේ දෑස් හමූයෙහි වඩාත් ශුද්ධවූ අතර) පූජාසනය සහ ඒ මත තබන්නාවූ ත්‍යාග පිළිබදවත් (එහි අපරදේ ඔවුන්ගේ දෑස් හමූයෙහි වඩාත් ශුද්ධවූ අතර) පැහැදිලි වෙනස්කමි පෙන්වාදීමටය. යේසුස් වහන්සේ විසින් උගන්වනු ලැබූයේ දේවමාළිගය සහ ඒ හා සම්බන්ධ සෑම දෙයක්ම අවසානයේදී දෙවියන්වහන්සේ කැප කරන ලද බවත් දේවමාළිගයේ ඕනෑම කොටසකදී කරනු ලබන ඕනෑම දිවුරුමක් දෙවියන්වහන්සේ ඉදිරියේදී බැඳීමක් ඇති කරනු ලබන්නක් වන බවත්ය (මතෙව් 23:16-22).

වර්තමාන කාලයේදී වඩාත් සුලභ කෙළසීමක් වන්නේ දෙවියන්වහන්සේගේ ශුද්ධ නාමය සහ යේසුස්වහන්සේගේ නාමය දේවාපහසයට ලක් කිරීම වේ. මෙය වනාහී නික්මයාම 20:7 සෘජුවම උල්ලංඝනය කිරීමකි. “නුඹ දෙවි සමිදාණන්වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේද ඔහුට මම දඩුවම් කරන්නෙමි” ඒ හා සමානව (ගීතාවලිය139:20). “කිසිඳු දූෂිත වචනයක්” (එපිස 4:29), නව ගිවිසුම තහනම් කරනු ලබන්නේ එය නිසැකවම දෙවියන්වහන්සේගේ නාමය දිවුරන වචනයක් ලෙස භාවිතා කිරීම අඩංගු වන හෙයිනි.

අද සමහර සභාවල සාන්තුවරයන් සහ “ශුද්ධ” මූලාංග ඇතත් එක් පුද්ගලයෙක්, ස්ථානයක් හෝ අයිතමයක් තවත් කෙනෙකුට වඩා “පරිශුද්ධ” ලෙස ඔසවා තැබීමට දේව වචනානුකූල හේතුවක් නැත. තෝරාගත් කිහිපදෙනෙකු පමණක් නොව සියලූම ඇදහිලිවන්තයන් “ආත්මික ගෘහයක් ගොඩ නගන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන්වහන්සේ වෙත පැමිණ එහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් දෙවියන්වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූපක පිරිසක් වන්න” (1 පේත්‍රෘස් 2:5). පැරණි ගිවිසුමේ දේවමාළිගාව නැතිවී ගොස් ඇත. දැන් අප දෙවියන්වහන්සේගේ ගොඩනැගිල් වෙමු. (1 කොරින්ති 3:9) පාවුළු ඇදහිලිවන්තයින්ගෙන් අසනුයේ “ඔබ දෙවියන්වහන්සේගේ මන්දිරය බවත් ඔබ තුළ දෙවියන්වහන්සේගේ ආත්මය වැඩ වසන බවත් නොදන්නහුද?” (16වනපදය). අද යමෙක් සභාවේ ගොඩනැගිල්ලක පැත්තක දේවාපහස තීන්ත ඉසිනවා නම් එය සැබවින්ම ගොඩනැගිල්ලේ ලී සහ ගල් ශුද්ධවූ නිසා නොවේ. දෙවියන්වහන්සේට අගෞරව කිරීම අපහාස කරන්නාගේ අභිප්‍රාය වන අතර ඔහු තම ක්‍රියාව අරමුණු කරන්නේ ඔහුගේ මනසෙහි දෙවියන්වහන්සේගේ ප්‍රවේශ විය හැකි ස්පර්ෂ කළ හැකි නිරූපණයකි. එම චේතනාව මිලේච්ඡ කෙළසීම බවට පත් වන අතර දෙවියන්වහන්සේ එම හදවත දකින සේක.

සෑම ආගමික ක්‍රමයකටම කෙළසීම කෙරෙහි අනුබල දිය හැක්කේ දෙවියන් වහන්සේගේ පරිශුද්ධ භාවය “සොරකම්කර” එය මිනිසුන්ට හෝ දේවල් වලට අදාළ කළහොත්ය. දේව වචනානුකූල චරිත හෝ මුනිවරයන්ගේ නාමාවලියට ඇතුල් වන හෝ ඓතිහාසික පුද්ගලයන්ට හෝ යාච්ඤා කරන, ප්‍රතිමාවන්ට හෝ ධාතුන්ට නමස්කාර කිරීම විධාන කරන්නාවූ හෝ භෞතික වස්තූන් කෙරෙහි ප්‍රණාමය කිරීමට ධෛර්‍යය දෙන්නාවූ සභාවන් කෙළසීම පිළබදව වරදකරුවන් වේ. දෙවියන්වහන්සේ සේවය සදහා යොදාගත් මනුෂ්‍යයන්ට ගෞරවය පෙන්විය යුතු අතර ඔවුන්ගෙන් ඉගෙන ගත යුතුවේ. එනමුත් ඔවුන් තවමත් පව් කරුවන් වන අතර කරුණාව කරණකොටගෙන ගැළවීම ලැබූවන්ය. භෞතික වස්තූන් ආගමික සංකේත ලෙස ඓතිහාසික වැදගත්කමක් හෝ අර්ථයක් තිබිය හැකි නමුත් ඒවා ඉදිරියේ කිසිදිනෙක දණ නැමිය හෝ යාච්ඤා කළ හෝ කරුණාව ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස සෙවිය යුතු නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කෙළසීම යනු කුමක්ද? අපරාධගත කෙළසීම යන්නෙන් අර්ථවත් වනුයේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries