settings icon
share icon
ප්‍රශ්නය

ජීවන ගංගාව යනු කුමක්ද?

පිළිතුර


ජීවන ගංගාව ලෙසින්ම වගන්තියක් බයිබලයේ සඳහන්ව නැත. කෙසේ වුවද, එළිදරව් 22:1–2 පද මගින් දෙවියන්වහන්සේගෙන් ද බැටඵ පෝතකයාණන්ගෙන්ද සිංහාසනයෙන් ගලා එන පළිඟු මෙන් විනිවිද දිලෙන ජීවන දායක වතුර ඇති ගංගාව යනුවෙන් සඳහන් වී ඇත. නුවර පිහිටි මහත් වීදිය මධ්‍යයේ ගලායන ගංගාවක් ලෙස අපෝස්තුඵ යොහාන්තුමා අඵත් ජෙරුසෙලමේ දර්ශනය මගින් මෙම ගංගාව විස්තර කර ඇත.

ශු. ලියවිල්ලෙහි සදාතනික ජීවිතය සාමාන්‍යයෙන් සංකේතවත් කරනුයේ ජලය මගිනි. යෙසායා සඳහන් කරනුයේ ගැලවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගැනීමය. (යෙසායා 12:3) ජීවනදායක ජලයේ උල්පත වන දෙවියන් වහන්සේ අත්හැර දමා සහ වතුර නාල්ලන කටාරම් තමාටම කපාගන්නා ඊශ්‍රායෙල්වරුන්ට පැරණි ගිවිසුමේ යෙරමියා අනාගතවකෘවරයා චෝදනා කළේය. (යෙරමියා 2:13) ඊශ්‍රායෙල්වරුන් සදාතන ජීවිතය ලබාදෙන එකම දෙවියන්වහන්සේ අතහැර දමා, බොරු දෙවිවරුන් හා ලෞකික අන්ධ භක්තික ආගම් පසුපස ගියහ. වර්තමානයේදීද, මනුෂ්‍යයන් එසේ හැසිරෙමින්, ඉරිතැඵනාවු, දුෂ්‍යවු, ආත්මාර්ථකාමී වු ජීවිත වලට දෙවියන්වහන්සේ පමණක් ලබාගෙන ජීවනදායක ජලය ප්‍රතික්‍ෂේප කරති.

යේසුස්වහන්සේ ළිද ළඟදි මුණගැසුණ සමාරීය ස්ත්‍රීය හට ජීවනදායක ජලය තමන්වහන්සේගෙන් ලබාගෙන කිසිදිනක නැවතත් ආත්මික පිපාසයක් ඇති නොවීමට අනුබල දුන්සේක. (යොහාන් 4:13–14) යොහාන් 7:38 අනුව යේසුස් වහන්සේ පවසන්නේ උන්වහන්සේ අදහාගන්නා අය තුළින් ජීවනදායක ජලය ගලා එන බවය. ජලය වනාහි ජීවිතය සඳහා සුදුසුම සහ පහසුවෙන්ම තේරුම්ගත හැකි සංකේතයකි. මෙලොව භෞතික ජීවිතයේ පැවැත්ම සඳහා භෞතික ජලය අත්‍යාවශ්‍ය සේම, යේසුස්වහන්සේ තුල සදාතනික ජීවිතයේ පැවැත්ම සඳහා ගැලවුම්කරුගේ ජීවනදායක ජලය අත්‍යාවශ්‍යය වේ. යේසුස් වහන්සේ ජීවනදායක රොටී සහ ජීවනදායක ජලයේ මූලාශ්‍රය යන දෙකම වේ. (යොහාන් 6:35) එතුමා උන්වහන්සේගේ ජනතාව සැමකල්හීම උසුලාගෙන සිටින සේක.

ක්‍රිස්තුස් වහන්සේ තුල විශ්වාස කරන සෑමදෙනා වෙනුවෙන් නොමිලේ දෙවියන්වහන්සේ ලබා දෙන සදාතන ජීවනය එළිදරව් 22 හි සඳහන් ජලයේ ගංගාව මගින් නිරූපණය වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජීවන ගංගාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries