settings icon
share icon
ප්‍රශ්නය

මාගේ කෝපය ධර්මිෂ්ඨ කෝපයක් බව මට නිසැකවම දැන ගත හැක්කේ කෙසේද?

පිළිතුර


අපගේ උදහස හෝ කෝපය ධර්මිෂ්ඨද යන බව අපට නිසැකවම දැන ගත හැක්කේ අපගේ කෝපය දෙවියන්වහන්සේ කෝප වූ සිදුවීම් දෙසට ඝෘජුවම යොමු කර බැලීමෙන්ය. ධර්මිෂ්ඨ උදහස සහ කෝපය හොඳාකාරව ප්‍රකාශ වන්නේ අප පාපය හා ගැටෙන විටය. හොදම උදාහරණ වනුයේ ළමා අපයෝජන, කාමුක දර්ශන, වර්ගවාදය, සමලිංගික ක්‍රියාකාරකම්, ගබ්සාව සහ වෙනත් දේ කෙරෙහි ඇති කෝපයයි.

දෙවියන්වහන්සේව කෝප කරවන අයට පාවුල්තුමා අනතුරු ඇඟවීමක් කරයි. "ඉඳින් මාංසයේ කියා ප්‍රකාශව තිබේ. එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූපවැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍ය, ක්‍රෝධ, පක්‍ෂවාදීකම්, භේද, ලබ්ධි භේද, වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය" (ගලාති 5:19-21). යේසුස්වහන්සේ මිනිසුන්ගේ පව් ගැන තමන්වහන්සේගේ ධර්මිෂ්ඨ කෝපය ප්‍රකාශ කළ සේක. (මාර්ක් 3:1-5, මතෙව් 21:12-13, ලූක් 19:41-44) නමුත් එතුමාණන්වහන්සේගේ කෝපය යොමු වූයේ පව්කාර හැසීරීම" ගැන සහ නොවරදින අසාධාරණය කෙරෙහිය.

කෙසේ වෙතත්, අප කෝප වීමේදී ප්‍රවේසම් වන ලෙසත්, පව් නොකරන ලෙසත් අපට උගන්වනු ලැබේ. "කෝප වුනත් පව් නොකරල්ලා. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා. යක්‍ෂයාට ඉඩ නොදෙල්ලා" (එපීස 4:26-27). අන් අය සමග කෝප වීමට පෙර අපගේ ආකල්පය මෙන්ම අපගේ චේතනාවද පරීක්‍ෂා කල යුතුය. සුදුසු ප්‍රවේශය ගැන පාවුල්තුමා අපට හොඳ උපදෙස් කිහිපයක් ලබාදෙයි. "ප්‍රේමවන්තයිනි, පළි නොගෙන උදහසට ඉඩ හැරපල්ලා. මක්නිසාද පළි ගැනීම මාගේය. මම විපාක දෙමියි ස්වාමින් වහන්සේ කියන සේකැයි ලියා තිබේ. නුමුත් නුඹේ සතුරාට බඩගිනි වුවහොත් ඔහුට කන්න දීපන්න: පිපාස වුවහොත් ඔහුට බොන්න දීපන්න, එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩ කරන්නෙහිය. නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජය කරපල්ලා" (රෝම 12:19-21).

ධර්මිෂ්ඨකමේ කෝපය පිළිබඳ යාකොබ්තුමාද අපට යහපත් උපදෙස් කිහිපයක් දෙයි. "මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, නුඹලා මේක දන්නහුය. නමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා. කථා කිරිමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය (යාකොබ් 1:19-20). ප්‍රේරිත පේත්‍රස් මෙම අවවාදය විශේෂයෙන් ප්‍රතිරාවය කරන්නේ දෙවියන්වහන්සේ හා දෙවියන්වහන්සේගේ දේවල් කෙරෙහි අප විරුද්ධ වන අවස්ථාවන්ටය. එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක් විඳින නමුත් ආශීර්වාද ලද්දහුය. ඔවුන්ගේ භය ගැන්වීමට භය වෙන්ටවත් කැලඹෙන්ටවත් එපා. නුමුත් නුඹලාගේ සිත් වලින් ස්වාමින් වහන්සේ කොට ක්‍රිස්තුස් වහන්සේට ගෞරව කරපල්ලා. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා. නුමුත් මෘදු කමින්ද යටහත් කමින්ද එසේ කළ යුතුය. නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කතා කරන නමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස් තබන්නන් ලැජ්ජාවට පැමිණෙන පිණිස යහපත් හෘද සාක්‍ෂියක් ඇතුව සිටපල්ලා. මක්න්සාද නුඹලා යහපත කර දුක් විඳීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් , නපුර කර දුක් විඳීමට වඩා ඒක හොඳය (1 පේත්‍රැස් 3:14-17).

සමාජයේ නපුරේ බලපෑමට එරෙහිව සටන් කරන ක්‍රිස්තියානි සංවිධාන සමඟ සම්බන්ධවීමෙන් ඇදහිලිවන්තයන්ට ඔවුන්ගේ කෝපය ඵලදායී ක්‍රියාවකට යොමු කළ හැකිය. වැදගත්ම දෙය නම්, අපගේ කෝපය නිසා අන් අය දෙවියන් වහන්සේ සමඟ ප්‍රේමණීය හා ප්‍රතිෂ්ඨාපන සම්බන්ධතාවයකට ගෙන ඒම නම් එය ධර්මිෂ්ඨ කෝපයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාගේ කෝපය ධර්මිෂ්ඨ කෝපයක් බව මට නිසැකවම දැන ගත හැක්කේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries