settings icon
share icon
ප්‍රශ්නය

බොරුවක් පැවසීම කිසිවිටෙකත් නිවැරදිවේද?

පිළිතුර


බොරුවක් පැවසීම නිවරුදි දෙයක් ලෙස සැලකෙන කිසිඳු සිද්ධාන්තයක් දේව වචනයේ කොතැනකවත් සදහන් නොවේ. නව වන ආඥාව මගින් බොරු සාක්ෂි කීම තහනම් කරනු ලබයි. (නික්මයාම 20:16– හිතෝපදේශ 6:16-19 හී "බොරුකාර දිවක්" සහ "මුසා බස් නික්මවන බොරු සාක්ෂිකාරයා" ලැයිස්තුගත කරනුයේ ස්වාමින්වහන්සේ ද්වේශ කරන කාරණා සතෙන් දෙකක් ලෙසය. ප්‍රේමය "සැබෑව සමග ප්‍රීතිවන්නේය." (1 කොරින්ති 13:6) බොරු පැවසීම පිළිබදව නිෂේධාත්මකව කථා කරන වෙනත් ශුද්ධ ලියවිලි සදහා ගීතාවලිය 119:29, 163; 120:2; හීතෝපදේශ 12:22; 13:5; එපීස 4:25; කොලොස්සි 3:9; සහ එළිදරව් 21:8 බලන්න. උත්පත්ති 27 හී යාකොබ්ගේ වංචාවේ සිට ක්‍රියා 5 හී අනනියස් සහ සප්පිරාගේ බොරු මවා පෑම දක්වා ශුද්ධ ලියවිල්ලේ බොරුකාරයින් පිළිබද නිදසුන් බොහෝය. කාලයාගේ ඇවෑමෙන් ව්‍යාජත්වය කාලකණ්නිකම, අලාභය සහ විනිශ්චය ආදියට තුඩු දෙනු ලබන බව අපට පෙනී යයි.

බොරුවක් පැවසීමෙන් සතුටුදායක ප්‍රතිඵල ඇතිවූ අවස්ථාවන් දෙකක් පිළිබදව දේව වචනයේ සදහන්වේග හෙබ්‍රව් වින්නඹු මාතාවන් ඵාරාවෝට පවසන බොරුව නිසා ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන බවක් පෙනේ (නික්මයාම 1:15-21), එමගින් ඇතැම් විට බොහෝ හෙබ්‍රව් ළදරුවන්ගේ ජීවිත බේරා ගනු ලැබුවා විය හැකිය. යොෂුවා 2:5 හී ඉශ්‍රායෙල් ඔත්තුකරුවන් ආරක්ෂා කිරීමට රාහබ් පැවසූ බොරුව තවත් නිදසුනකි. කෙසේ වෙතත් දෙවියන්වහන්සේ විසින් මෙම මුසාවන් කමාව ලබා නොදෙන බව සැලකිල්ලට ගැනිම වැදගත්ය. මෙම බොරුවල "ධනාත්මක" ප්‍රතිඵල තිබියදීත් දේව වචනයෙහි කිසිඳු ස්ථානයක බොරුව ප්‍රශංසා කරනු නොලබයි. දේව වචනයෙහි කිසිඳු ස්ථානයක බොරු කීම නිවැරදි දෙය වන අවස්ථා තිබෙන බවට සදහන් නොකරයි. ඒ අතරම බොරුකීම පිළිගත හැකි විකල්පයක් නොවන බවට දේව වචනය ප්‍රකාශ නොකරයි.

ප්‍රශ්නය තවමත් පවතින්නේ: බොරුකීම නිවැරදි වන කාලයක් කිසිවිටෙක තිබේද යන්නය? මෙම උභතෝකෝටිකයේ වඩාත් පොදු නිදර්ශනය පැමිණෙන්නේ නාසීන් වටලාගෙන සිටි ඕලන්දයේ විසූ කොරී ටෙන් බූමිගේ ජීවිතට ඇසුරෙනි. ඉඳුරාම කථාන්තරය මෙයවේ: කොරී ටෙන් බූමි යුදෙව්වන් නාසීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා ඇයගේ නිවසෙහි සගවාගෙන සිටින්නීය. නාසී සොල්දාදුවන් ඇයගේ නිවසට පැමිණ ඇයගෙන් විමසනුයේ යුදෙව්වන් සැගවී සිටින්නේ කොතැන්හීදැයි ඇය දන්නවාද යන්නවේ. ඇය විසින් කුමක් කළ යුතුවේද? ඇය සත්‍යය පවසමින් ඇය ආරක්ෂා කිරිමට උත්සාහ කළ යුදෙව්වන් අල්ලා ගැනීමට නාසීන්ට ඉඩ දිය යුතුවේද? එසේත් නැතහොත් ඔවුන් ගැන කිසිවක් නොදන්නා බව ඇය බොරුවක් පවසමින් ප්‍රතික්ෂේප කළ යුතුවේද?

ඇය ඔවුන් පිළිබදව කිසිවක් නොදන්නා බව ඇය බොරු පවසමින් ප්‍රතික්ෂේප කළහොත් මෙවැනි අවස්ථාවක බොරු කීම භයානක නපුරක් වළක්වා ගත හැකි එකම ක්‍රමය විය හැකිය. ඇතැම් විට බොරු කීම පිළිගත හැකි දෙයක් වනු ඇත. එවන් අවස්ථාවක් හෙබ්‍රෙව් වින්නඹු මාතාවන්ගේ සහ රාහබ්ගේ බොරු වලට යම් ප්‍රමාණයක් සමාන වනු ඇත. දුෂ්ට ලෝකයක සහ බලාපොරොත්තු සුන්වූ අවස්ථාවක බොරුවක් පැවසීම මගින් වඩා විශාල නපුරක් වළක්වා ගැනීම පිණිස මද දුෂ්ට කමක් කිරීම නිවැරදි දෙය විය හැක. කෙසේ නමුත් එවැනි අවස්ථා අතිශයින් දුර්ලභ බව සැලකිල්ලට ගත යුතුවේ. මනුෂ්‍යය ඉතිහාසයේ අතිමහත් බහුතරයක් මනුෂ්‍යයන් කිසි විටෙකත් බොරුකීම නිවැරදි දෙය කළ තත්වයකට මුහුණ දී නැති බව පෙනෙන්නට ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බොරුවක් පැවසීම කිසිවිටෙකත් නිවැරදිවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries