අයහපතින් යහපත වෙන්කර හදුනා ගැනීමට මා ඉගෙන ගන්නේ කෙසේද?


ප්‍රශ්නය: අයහපතින් යහපත වෙන්කර හදුනා ගැනීමට මා ඉගෙන ගන්නේ කෙසේද?

පිළිතුර:
සෑම මනුෂ්‍යයෙකුවම දෙවියන්වහන්සේගේ ස්වරූපයට සමාන ලෙස මවා ඇත (උත්පත්ති1:27; යාකොබ් 3:9). දෙවියන්වහන්සේගේ ස්වරූපයෙහි සිටීම යන්නෙන් අදහස් කරන දෙය නම්, හොඳ සහ නරක සහජයෙන්ම හඳුනාගෙන අයහපතින් යහපත් දේ වෙන්කර ගත හැකි හෘදසාක්ෂියක් අපට තබීමයි. ලෝකයේ සෑම ශිෂ්ට සම්පන්න සංස්කෘතියක්ම, යහපත හා අයහපත පිළිබඳ වූ මෙම සහජ අවබෝධය මත පදනම්ව, තම ජනතාව සඳහා සමාන ප්‍රමිතීන් පිහිටූවා ගෙන ඇත. මිනීමැරීම්, සොරකම් කිරීම සහ වංචාව සමස්ථ ලෙස වරදක් වේ. සමහර අවස්ථාවන් වල දුෂ්ටකම එම දැනුම අභිබවා යන අතර, ඉශ්‍රායලය අවට සිටින මිලේච්ඡ ජාතීන් විසින් සිදුකරනු ලබන ළදරු ඝාතනය සම්බන්ධයෙන් මෙන්, ජන සමූහයක් නපුර තහනම් කරනවාට වඩා එය අගය කිරීමට තෝරා ගනී (ලෙවී කථාව 18:21; 2 රාජාවලිය 23:10).

අපගේ පාප ස්වභාවය නිසා, අපි අප තුළ ඇති නපුරට, නිදහසට කාරණා දක්වන්නට නැඹුරු වන්නෙමූ (රෝම5:12; යෙරෙමියා 2:35). නපුරට සමාවදීමේ අඛණ්ඩ රටාවක් ඇති කර ගැනීම, හෘදසාක්ෂිය දැඩිවීමට හේතු සාධක වේ. රෝම1:28 හි, නපුරෙහි නියැලෙන අයට දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය වන්නේ, "තවද, ඔවූන් දෙවියන්වහන්සේ දැන ගන්න අකමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවා දුන් සේක." දෙවියන් වහන්සේ විසින්, අත්හැර දමනු ලබන එක් මොහොතක් ඇත. තම පාපයෙන් ගැළවෙන්නට නොකැමැති පුද්ගලයන්ට, දැන් තවත් නිර්භීතව පව් කළ හැකි අතර, හෘදසාක්ෂියේද කිසිදු වේදනාවක් නැත. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් හෘදසාක්ෂිය ඉක්මවා ගොස් දෙවියන්වහන්සේව අභිබවා ගිය බවයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින විට ඔවුන්ගේ විනිශ්චය ඔවුනට පැමිණෙනු ඇත (හෙබ්‍රෙව් 9:27; මලාකි3:5).

අන්ධකාරය, ආලෝකය නොමැතිකම ලෙස අර්ථ දක්වනු ලබන අතර, පාපය යනු යහපත නොමැතිකම වේ (යාකොබ් 4:17). දෙවියන්වහන්සේ යහපතෙහි ප්‍රතිමූර්තිය වන බැවින් (ගීතාවලිය 86:5; 119:68), උන්වහන්සේගේ ස්වභාවයට පටහැනි ඕනෑම දෙයක් පාපයකි (රෝම3:23). අපි දෙවියන් වහන්සේව දැන හඳුනා ගැනීමෙන්, නපුරෙන් යහපත වෙන්කර හඳුනා ගැනීමට ඉගෙන ගන්නෙමු. උන්වහන්සේව තේරුම් ගැනීමට පදනම උන්වහන්සේගේ වචනයයි (ගීතාවලිය 1:1-2; 119:160; ශු. යොහාන් 17:17).අප දෙවියන් වහන්සේගේ ශුද්ධකමට ළං වන තරමට, පාපයේ දරුණු කම වඩ වඩාත් පෙනී යයි (යෙසායා 6:1,5). සූදූකම් සයක්, කළු බිත්තියක් ඉදිරියේදී ඉතා සුදුව පෙනුනත්, එම කමිසය අලුතින් වැටුණු හිම මත තැබුවිට, එය කිලිටි පැහැයක් ගනී. එසේම, අපගේ යහපත්කම් සඳහා දරන උත්සහයන්, දෙවියන්වහන්සේගේ ශුද්ධකම ඉදිරියේ ද්වීතීය වේ. අපි උන්වහන්සේගේ අභිමුඛයට ඇතුළුවන විට, අපගේ සිතුවිලි හා ක්‍රියාවන් කෙතරම් ආත්මාර්ථකාමීද යන්න අපට දැනෙන්නට පටන් ගනු ඇත. අපට අපගේම කෑදරකම, තණ්හාව, රාගය සහ නපූර උදෙසා කරන වංවා කිරීම් එසේ පෙනේ. අප අපව පැහැදිලිවම දැකීමට පටන් ගන්නේ දෙවියන් වහන්සේගේ ආලෝකය තුළ පමණි.

අපි දේව වචනය දැන ගැනීමෙන් යහපත හා අයහපත වෙන්කර හඳුනා ගැනීමටද ඉගෙන ගන්නෙමු. පව්කාර දේ සහ පව්කාර නොවන දේ පිළිබඳ විස්තර කරන්නේ බයිබලයයි. තම ඇදහිල්ලේ නොමේරූ අය ගැන, හෙබ්‍රෙව් පොතේ කතුවරයා සඳහන් කරන්නේ, අධ්‍යාත්මික "කිරි", එනම් දේවවචනයේ මූලික ඉගැන්වීම් පමණක් අවබෝධ කරගත හැකි අය ලෙසින්ය (හෙබ්‍රෙව් 5:13). ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවුන් "ළදරුවන්" ට වඩා වෙනස්ව, ආත්මිකව පරිණත, "... යහපත සහ අයහපත විමසා බලන්නට ව්‍යවහාරයෙන් පුූරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණ වූ තැනැත්තන්ය" (හෙබ්‍රෙව් 5:14). දේවවචනය "නිරන්තරයෙන් භාවිතා කිරීම" තුළින් කිතුනුවන්ගේ අධ්‍යාත්මික සංවේදීතාවන් ශක්තිමත් වේ. අයහපතින් යහපත් දේ තෝරා බේරා ගැනීමට ඇති හැකියාව, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය හා මිනිසාගේ ඉගැන්වීම් අතර වෙනස හඳුනා ගැනීමට ඇති හැකියාව පැමිණෙන්නේ දේවවචනය අධ්‍යනය කිරීමෙන් හා ක්‍රියාවට නැංවීමෙනී.

දේවවචනය, යහපත් දේ කළ අය සහ අයහපත් දේ කළ අය පිළිබඳ උදාහරණ වලින් පිරී තිබේ. එම උදාහරණ ඇත්තේ, දෙවියන්වහන්සේ කුමන ආකාරයද, උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඉගෙනීමටය (1 කොරින්ති 10:11). සෑම පුද්ගලයෙකු සඳහාම, දෙවියන්වහන්සේගේ අභිප්‍රාය කුමක් වේදයන් මීකා 6:8 හි කෙටි සාරාංශයක් ලබා දෙයි: "එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේෂ ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?" මලාකි 3:18 එය වඩාත් පැහැදිලි කරයි. දෙවියන්වහන්සේ කියන සේක්, "එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන් වහන්සේට සේවය කරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත." මෙහිදී සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨකම, උන්වහන්සේට සේවය කිරීම හා සමාන කරයි. දෙවියන්වහන්සේට සේවය කිරීම යහපත ලෙස අර්ථ දැක්වූවහොත්, නපුර යනු දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම හා උන්වහන්සේට සේවය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. යම් පුද්ගලයෙකු අන් අයට කෙතරම් පරාර්ථකාමී ලෙස පෙනුනත්, ඔහුගේ යහපත් ක්‍රියා ආත්මර්ථකාමී හේතුන් මත සිදු කරන්නේ නම් එය ඉතා අල්ප ලෙස ගණන් ගැනේ. අප කරන සෑම කටයුත්තකදීම දෙවියන්වහන්සේව සෙවීම හා උන්වහන්සේට ගෞරවය කිරීම අපගේ අරමුණ කරගන්නේ නම් (1 කොරින්ති 10:31), යහපත සහ අයහපත තේරුම් ගෙන අපගේ ජීවිතේ තේරීම් උන්වහන්සේට ප්‍රසන්න බව අපි දැන ගන්නෙමූ (යෙරෙමියා 29:13; 1 පේත්‍රැස් 3:12; ගීතාවලිය 106:3).

English


නැවතත් සිංහල මුල් පිටුවට
අයහපතින් යහපත වෙන්කර හදුනා ගැනීමට මා ඉගෙන ගන්නේ කෙසේද?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න