settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයේ විපාක ලැබීමේ අරමුණ කුමක්ද?

පිළිතුර


ස්වර්ගයේ ලැබෙන විපාක ගැන බයිබලයේ කිහිප වතාවක්ම සඳහන් වේ (මතෙව් 5:12; ලූක් 6:23, 35; 1 කොරින්ති 3:14; 9:18). නමුත් විපාක අවශ්‍ය වන්නේ ඇයි? දෙවියන්වහන්සේ සමඟ ස්වර්ගයේ සිටීම ප්‍රමාණවත් නොවේද? උන්වහන්සේව අත්විදිමින්, උන්වහන්සේගේ මහිමය සහ ස්වර්ගයේ ප්‍රීතිය අත්විඳීම එතරම් පුදුමාකාර වනු ඇත, අමතර විපාක අවශ්‍ය වන්නේ මන්දැයි වටහා ගැනීම දුෂ්කර ය. එසේම, අපගේ ඇදහිල්ල අපගේම දේ මත නොවි ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ධකම මත රැඳී ඇති හෙයින් (රෝම 3:21-26), අපගේ ක්‍රියාවන්ට විපාක ලැබීම පුදුමයක් වේ.

ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනයෙදී දෙවියන්වහන්සේ ස්වර්ගයේ විපාක දෙනු ඇත, උන්වහන්සේට සේවය කිරීමේදී අප විශ්වාසවන්තව සිටීම මත එය පදනම්ව (2 කොරින්ති 5:10)ඇත. එම විපාක මගින් අපගේ පුත්‍රත්වයේ යථාර්ථය (ගලාති 4:7) සහ දෙවියන්වහන්සේගේ යුක්තිය පෙන්වනු ඇත (හෙබ්‍රෙව් 6:10). වපුරන හා අස්වැන්න නෙළීමේ නියමය ඉටු කිරීම සඳහා දෙවියන්වහන්සේ ස්වර්ගයේ විපාක දෙනු ඇත (ගලාති 6:7-9) සහ ස්වාමින්වහන්සේ තුළ අපගේ ශ්‍රමය නිෂ්පල නොවන බවට උන් වහන්සේ දුන් පොරොන්දුව ඉටු කරයි (1 කොරින්ති 15:58).

ස්වර්ගයේ විපාක ලැබීමට එක් හේතුවක් නම් යේසුස්වහන්සේ තම විපාකය අප සමඟ බෙදා ගැනීමයි. පාවුල් පැවසුවේ "මම ක්‍රිස්තුස්වහන්සේ සමග කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි" (ගලාති 2:20). දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගෙන සිටින ක්‍රිස්තුස්වහන්සේ සමග අපගේ ජීවිත "සැඟවී" ඇත (කොලොස්සි 3:1-4). අපි උන් වහන්සේ සමඟ මැරෙමු, අපි උන් වහන්සේ සමඟ ජීවත් වෙමු, අපි උන් වහන්සේගේ ප්‍රීතියට හවුල් වෙමු (රෝම 6:8; මතෙව් 25:21). ස්වර්ගයේ අපි උන්වහන්සේ සමඟ වාසය කරන්නෙමු (යොහන් 14:1-3). අපගේ ජීවිත ක්‍රිස්තුස්වහන්සේ සමග නොවැලැක්විය හැකි ලෙස බැඳී ඇත. උන්වහන්සේට ලැබෙන ත්‍යාගය අප සියලු දෙනා සමඟ බෙදා ගැනේ. "අපි දරුවන් නම්, අපි දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝ වෙමු. ක්‍රිස්තුස් වහන්සේ සමග සම උරුමක්කාරයෝ වෙමු. (රෝම 8:17).

ස්වර්ගයේ අපට ලැබෙන විපාක රඳා පවතින්නේ දෙවියන්වහන්සේගේ යහපත්කම හා බලය මත ය. ත්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය තුළින් අපට ස්වර්ගයේ උරුමයක් ලැබේ; මිහිපිට අපගේ ඇදහිල්ල පරීක්‍ෂාවට ලක් වන අතර ක්‍රිස්තුස්වහන්සේ එළිදරව්වූ විට ප්‍රශංසාව, මහිමය හා ගෞරවය ලැබෙනු ඇත (1 පේත්‍රැස් 1:3-9). මේ ජීවිතයේ අප කරන දේවල් ස්ථිරයි (එනම් අප සමඟ ස්වර්ගයට ගෙන යනු ලැබේ) ඒවා පදනම් වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ නැමති අත්තිවාරම මතයි (1 කොරින්ති 3:11-15).

ස්වර්ගයේ අප ලබන විපාක අප මෙලොව උපයන විපාක මෙන් නොවේ. අපි ද්‍රව්‍යමය වශයෙන් සිතීමට නැඹුරු වෙමු — මන්දිර, ස්වර්ණාභරණ යනාදිය. නමුත් මේ දේවල් ස්වර්ගයේ අපට ලැබෙන සැබෑ විපාකවල නිරූපණයන් පමණි. තරඟයක් ජයග්‍රහණය කරන දරුවෙකු තමාට ලැබෙන කුසලානය නිධානයක් වන්නේ කුසලානය වෙනුවෙන් නොව එම කුසලානය යන්නෙන් අදහස් කරන දෙය සඳහා ය. ඒ හා සමානව, ස්වර්ගය තුළ අප ලබන ඕනෑම ත්‍යාගයක් හෝ ගෞරවයක් අපට අනර්ඝ වනු ඇත්තේ ඔවුන් දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධතාවයේ බර හා අරුත ගෙන යන නිසාය.

මේ ආකාරයට, ස්වර්ගයේ ලැබෙන විපාක දෙවියන්වහන්සේව මහිමයට පත් කරන අතර දෙවියන්වහන්සේ අප තුළත් අප තුළින් කරන වැඩ ගැන සලකා බලන විට අපට ප්‍රීතිය, සාමය සහ පුදුමය ලබා දේ. මේ ජීවිතයේ දී අපි දෙවියන්වහන්සේට සමීප වූ විට, උන්වහන්සේ කෙරෙහි වැඩි අවධානයක් හා උන්වහන්සේ ගැන දැනුවත්වීම, උන්වහන්සේ කෙරෙහි වැඩි වැඩියෙන් යැපීම, උන්වහන්සේගේ දයාව වඩ වඩාත් ඔනෑ විම, තවත් එසේ සිහිකිරිමට බොහෝ දේ ඇත. අපි කතාවක චරිත හා සමානයි, සැකයෙන්, නැතිවීමෙන් හා බියෙන් පෙළෙන, අපගේ හදවතේ ආශාව අපට කවදා හෝ ලැබේදැයි කල්පනා කරයි. ප්‍රීතිමත් අවසානය පැමිණ ආශාව ඉටු වූ විට එය සම්පූර්ණ වේ. එය සම්පූර්ණ නොකර කතාව තෘප්තිමත් නොවනු ඇත. ස්වර්ගයේ විපාක යනු අපගේ භූමික කතාවේ සම්පූර්ණ වීමයි. එම විපාක සදාකාලිකව තෘප්තිමත් වනු ඇත (ගීතාවලිය 16:11).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයේ විපාක ලැබීමේ අරමුණ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries