settings icon
share icon
ප්‍රශ්නය

එළිදරව් පොත 12 වෙනි පරිච්ජේදය අරුත් ගන්වන්නේ කුමක්ද?

පිළිතුර


කාන්තාවක් සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද, හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද සිටින දර්ශණයක් එළිදරව් පොතෙහි 12 වෙනි පරිච්ජේදයෙහි යොහාන් දුටුවේය (එළිදරව් 12:1). මෙම විස්තරයෙහි හා යෝසෙප් තම පියා යාකොබ්ට (ඊශ්‍රායෙල්) සහ ඔහුගේ මව සහ ඔවුන්ගේ දරුවන්ට දෙන ලද විස්තරයෙහි ඇති සමානකම් සටහන් කරගන්න (උත්පත්ති 37:9-11). තාරකා දොළොස ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දොළොස වේ. එබැවින් එළිදරව් පොතෙහි 12 වෙනි පරිච්ජේදයෙහි සිටින කාන්තාව ඊශ්‍රායලය වේ.

මීට අමතරව මෙම පරිවර්තනය සඳහා තවත් සාක්‍ෂියක් නම් එළිදරව් 12:2-5 සඳහන් කරන්නාවූ කාන්තාව, දරුවෙක් දරා සිටි ඇය දරුවා බිහි කිරීම. ඒ අතරම මරියතුමිය යේසුස් වහන්සේ බිහි කළ බව සත්‍යය වන අතරම, යේසුස් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා වන අතර යූදා ගෝත්‍රයෙන් වේ. එක් විධියකින් ඊශ්‍රායලය යේසුස් වහන්සේ බිහි කරා හෝ ඉදිරියට ගෙන ආවේය. පදය 5 පවසන්නේ එම කාන්තාව ගේ දරුවා" ඈ සියලූ ජාතීන් යදණ්ඩකින් ආන්ඩුකරන පුත්‍රයෙකු, පිරිමි දරුවෙකු වැදුවාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේද උන්වහන්සේගේ සිංහාසනය වෙතටද ඇදගනු ලැබුවේය." පැහැදිලිවම මෙය යේසුස් වහන්සේ පිළිබඳ විස්තරයක් වේ. යේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වූ අතර (ක්‍රියා1:9-11) දවසකදී එතුමාණන් වහන්සේගේ රාජ්‍යය මේ මිහිමත බිහි කරනවා ඇත (එළිදරව් 20:4-6), එමෙන්ම පරිපූර්ණවූ විනිශ්චයකින් පාලනය කරනවාද ඇත ("යදණ්ඩකින" ගීතාවලිය 2:7-9 බලන්න).

කාන්තාවගේ කාන්තාරයට පලායෑම දවස් 1,260 යොමුවන්නේ අනාගතය කාලයේ සඳහන් වන මහත් පිඩාවේ කාලයටය. දවස් එක්දහස් දෙසිය හැටක්, මාස 42 ක් (එකකට දවස් 30 බැගින්). එය අවුරුදු 31/2 ට සමාන වේ. පීඩා කාලයේ මැදදී මෘගයා (අන්ත ක්‍රිස්තුස්) තමාගේ පිළිරුවක් යෙරුසලමෙහි ගොඩනැඟීමට නියමිත දේව මාලිගයෙහි තබනවා ඇත. මෙය යේසුස් වහන්සේ මතෙව් 24:15 සහ මාර්ක් 13:14 සඳහන් පිළිකුළ වේ. මෘගයා මෙය සිදුකළ කල්හි ඔහු ඊශ්‍රායලය සමඟ ඇති කළ සමාදනයේ ගිවිසුම බිඳින අතර, ජාතින් රැකවරණය සොයා පලායාමට සිදුවන අතර බොහෝවිට එය පර්වතයන්ට විය හැකිය (මතෙව් 24, සහදානියෙල් 9:27 බලන්න). මෙම යුදෙව්වන්ගේ පලායෑම, කාන්තාව වනාන්තරයට පලායෑම ලෙස පින්තුර ගත කෙරේ.

එළිදරව් 12:12-17 දක්වා යක්‍ෂයා ඊශ්‍රායලයට විරුද්ධව සටන් කරමින් ඇයව විනාශකරන්ට ගන්නා උත්සාහය (සාතන් තමන්ගේ කාලය කෙටි බව දැන සිටින බැවින්, අන්‍යෝන්‍ය අපේක්‍ෂාවෙන් සදහන් කරයි-එළිදරව් 201-3,10,). එලෙසම දෙවියන් වහන්සේ කාන්තාරයේදී ඊශ්‍රායලය ආරක්‍ෂා කරන බවද එළිදරව් කරයි. එළිදරව් 12:14දී ඊශ්‍රායලය යක්‍ෂයාගෙන් අරක්‍ෂා කරනු ලබන බව ප්‍රකාශ කරයි. (එහි කාලයටත් කාලවලටත් කාලභාගයකටත් ("කාලය" එක් අවුරුද්දක්, "කාලයන් "අවුරුදු දෙකක්, "කාලභාගය"අවුරුදු එකහමාර තවත් අකාරයකින් අවුරුදු 3 1/2).

English



නැවතත් සිංහල මුල් පිටුවට

එළිදරව් පොත 12 වෙනි පරිච්ජේදය අරුත් ගන්වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries